Friday, October 17, 2014

ප්රේ්මකීර්ති


එක්දහස් නමසිය අනූ ගනන් වල මුල, රුසියාවේ සිට ආපු අළුත ප්‍රේමකීර්ති අල්විස් ගේ ගී රචනා පිළිබදව පත්තරේට ලිපියක් ලියන්නයට සූදානම් වුනත් එය සම්පූර්ණ කරන්නට බැරි වුණා. අපේ බාල සහෝදරයා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් උනන්දු වුණා මතකයි. මට මේක මතක් වුණේ ප්‍රේමකීර්තිගේ ජීවිතය ගැන ගීතානාත් කුඩලිගම විසින් සම්පාදනය කෙරුණු “සසර සැරි සරන තෙක්“ කෘතිය කියවීමේදී. ඒ දවස්වල මම හිතපු සමහරක් දේවල් මෙම පොත මගින් විවරනය කොට තිබුනත් තවත් බොහෝ දේවල් ඉතිරිවී ඇති බව පෙනුනා. ඒ හන්දා එදා එය නොලියූ එක ගැන කණගාටුවක් ඇති වුණේ එහෙම ලියුවානම් එහි වටිනාකම තවත් වැඩි බව හිතුනු හන්දා. අවුරුදු විස්සක පමණ කාල පරිච්ඡේදයක් තුළ ප්‍රේමකීර්ති ලියූ ගී ගණන හිතා ගන්නටත් බැරි තරම්. එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුනතිලක ගයන ඉතා ජනප්‍රිය ‘සද මෝදු වෙලා‘ වැනි චිත්‍රලට ගීත වගේම වික්ටර් රත්නායකයන්ගේ ‘ස‘ හැඩ කරපු සියළුම ගීත පාහේ ලියවුණේ ප්‍රෙමකීර්ති අතින් බව කිව්වොත් වැරදි නැහැ. ඒ  වගේම ප්‍රියා සූරියසේන, මිල්ටන් මල්ලවාරච්චි, ශ්‍රීමතී තිලකරත්න, අබේවර්ධන බාලසූරිය, ප්‍රෙඩී සිල්වා ඇතුළු ගායක ගායිකාවන් බොහෝ දෙනෙකුගේ ජනප්‍රියම ගී වල රචකයා වන්නේ ප්‍රේමකීර්ති. එදිනෙදා රාජකාරී වල කලබල ගතිය මදක් අඩු වුනහම කලින් සම්පූර්න කරන්නට බැරිවුනු ලිපිය ලියන්නට ඕනා. අවුරුදු 14 ක් පමණ සිටි සේවා ස්ථානය වෙනස් වීම ඇත්තෙන්ම කලබලයක්.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...