Sunday, February 16, 2020

අළුත් පාර (2?)



කාලයකට පස්සේ පොත් එළිදැක්වීමකට යන්න ලැබුණා. ඒ කැත්ලීන් ජයවර්ධන ලේඛ්කාවගේ ඉවුරු නම් වූ කෘතිය එළිදැක්වීම.  පොත කියවා නොතිබූ හන්දා ඒ පිළිබඳව කෙරෙන විග්‍රහයන් හරියටම තේරුණේ නැහැ. ඒ සඳහා ආරාධනය කලේ කැත්ලීන් ගේ ස්වාමිපුරුෂයා වූ අප මිත්‍ර රනිල්. පොත එලිදැක්වීමෙන් පසුව ඹහුගෙන් තම නිවසට පැමිණෙන්නත් ආරාධනයක් ලැබුණා.

පදනම් ආයතනයේ තිබුණු මේ උත්සවය නිමා වෙන කොටම තවත් පොත් කියවීමක් අරඹන්න සූදානම් කරළා තියෙනවා දැක්කා. එතනටත්ගොඩ වුණේ එහි විස්තර දැනගන්න. තරුණ කතුවරුන් හතර දෙනෙකුගේ පොත් හතරක කියවීමක්. එක පොතක නම “බීර සුවඳැති හාදු හන්දා එහි නොමිලේ ම බීර බොන්නත් පහසුකම් සලසලා තිබුණා.

ටික වෙලාවක් එතන සැරිසරන විට එක් තරුණියක් අප ලඟට ඇවිත් කතා කළා. ඇය අර පොත් හතරෙන් එකක කතුවරිය. ඒ හරහා ඇතිවුණු කුතුහලය හන්දා ඒ පොත මිලදී ගත්තා. එය ඇයගේ පළමු පොත. ඇයගේ පොතේ නම ‘ලිලැක්. ඇය වගේම පොතත් අපූරුයි. එහි කෙටිම කෙටි කතා කවි නිසැඳස් ආදිය කලවමේ තිබුණා. රසවත් ලියවිල්ලක්. කොහොම වුනත් පොත් කියවිල්ලට අපට රැඳෙන්නට බැරි වුණේ කැත්ලීන්ගේ ගෙදරට යාමට තිබූ නිසයි.



                                                   photo වල quality control කළේ වාහනය පදවපු ඉෂාර)

කොළඹට හැමදාම එන පාරේ එනවිට ඔලුවට ටිකක් අමාරුයි. හැමදාම දකින්නේ එකම රූප පෙළ. ගමනේ යෙදෙන අතුරතුර යමක් කියවන්නේ නැත්නම් අවට නරඹන්නට කැමතියි. ඒත් හැමදාම දකින දර්ශණය දිහා බලා සිටීම කාලය කා දැමීමක්. හැමදාම යන එන සාමාන්‍ය පාර  වෙනුවට අළුත් පාරක් හමුවුණා. ඒ ගැලනිගමින් ගම ඇතුලට ගිහිල්ලා කුඹුක හන්දියෙන් 120 බස් පාරට වැටී කොළඹ දෙසට එන පාරයි.
මේ පටු පාරේ ඉදහිට බස් එකක් එහාට මෙහාට දුවනවා. තවමත් සෑහෙන දුරකට ගම ඉතුරු වෙලා තියනවා. පාර අයිනේ නම් ගෙවල් වල තාප්ප බැඳලා නාගරික වෙන්න උත්සාහයක් ගෙන තියෙනවා. ඒත් ඊට යටින් ගම පෙනෙනවා. කරුණාසේන ජයලත් සූරීන් ගේ ගැහැණු ළමයි නවකතාවට පසුබිම් වන්නේ මේ පාර ආශ්‍රිත පරිසරය.අදත් මේ පාරේ කුසුම්ලා පයින් ඇවිදිනවා ඇති. ඩීආර්ඹ් වුණු නිමල්ලා වාහන වල යනවා ඇති. ඉඳහිට පාරේ දකින අයගේ මුහුණු වල ඒ හැඩයන් යන්තමට හෝ ඇඳී ඇති බව හිතන්න පුළුවන්.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...