Tuesday, June 17, 2014

කියවීම
විශේෂයෙන්ම
රුසියාවෙදීත්, ජපානයේදීත් වගේම තවත් රටවල් කිහිපයකදීම දකින්නට පුළුවන් වූ දෙයක් තමයිබොහෝ දෙනා නිකරුණේ කාලය ගත කිරීම වෙනුවට යමක් කියවීම සඳහා තම කාලය යොදා ගන්නා බව. උමං දුම්රියේ, දුම්රියේ, බස් රථයේ වගේම දුම්රිය හා බස් නැවතුම් පොළවල හා උද්යානවල පුවත්පතක්, සගරාවක්, පොතක් කියවමින් ඉන්නා අය මේ රටවල සුලභ දසුනක්. ඒත් අපේ රටේ එවැනි තත්ත්වයක් නැති බව පෙනෙනවා වගේම ගැන නොයෙකුත් මැසිවිලි විවිධ අය නගනවා දකින්නට පුළුවන්.
රූපවාහිනිය සහ අන්තර්ජාලය වැනි මාධ් හේතුවෙන් විශේෂයෙන් තරුණ පරපුර කියවීමෙන් ඈත් වන බව සමහරුන්ගේ මතය. කියවීමට පොත්පත් සුලභ නොවීම, විශේෂයෙන් සිංහල මාධ්යයෙන් සහ පොත්පත් වල මිල අධික වීම මෙයට හේතුවන බව තවත් සමහරුන් පෙන්වා දෙනවා. ජීවිතය අතිධාවනකාරීවීම තවත් පෙන්වා දෙන හේතුවක්. මේ අදහස් කෙසේ වෙතත් අපේ ළමා කාලය සමග ගත්තහම අද පරිවර්තන ආදී පොත් සුලභ බව නම් පෙනෙන දෙයක්. සමස්තයක් ලෙස ගත්තහම මේවයේ අන්තර්ගතය නම් වෙනමම සලකා බලන්න අවශ්යයි.
අපේ රටේ හැම හන්දියක් ගානෙම දුසිම් ගණනින් ඉන්න ත්රී වීලර් එළවන සහෝදරයින් හයර් එකක් එන තෙක් ඔහේ බලාගෙන ඉන්නවා දකින්නට පුළුවන්. බොහෝවිට ගොල්ලන් පත්තර නම් කියවනවා පේනවා. මේ වගේ නොයෙක් වෘත්තීන් වල යෙදෙන උදවිය තමන්ට ලැබෙන විරාමය ප්රයොජනවත් ලෙස යොදා ගන්නවා පෙනෙන්නට නැහැ. එයට හේතුවක් ලෙස මා දකින්නේ හැමෝම තුළ තිබෙන අවිනිශ්චිතකාරී හැගීම එහෙම නැත්නම් අවදානම්කාරී හැගීම.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...