Thursday, July 24, 2014

කාලෙකට පස්සේ

හුඟ කාලෙකින් ලියන්නට බැරි වුණා. ඒ අතරතුරේ බ්ලොගයට ලැබුනු පලවෙනි කොමෙන්ට් එක ලැබී තිබුනා. දිරිමත් කලාට ස්තූතියි. ඉක්මනින් ලියන්නට බලාපොරොත්තු වනවා. ලියන්න අතපසුවූ එක් හේතුවක් තමයි අලුත් පොතකට මුල පිරීම. නිම් වළලු කියවපු සමහර දෙනෙක් මට කිවුවේ ඔවුන් මගෙන් බලපොරොත්තු වුනේ වෙනස් පොතක් කියලා. සමහරවිට ඔවුන් අපේක්ෂා කලේ මා ඇසුරු කරන විෂයට අදාල පොතක් මම ලියයි කියලා වෙන්න ඇති. ඒ අදහසටත් ගරු කරමින් මගේ ඇට්ටර කමත් සම්පූර්ණයෙන් නැති නොකරගෙන අලුත් පොත පටන් ගත්තා. නිකංට ස්තුතියි ටයිපින්ග් කියල දුන්නට සහ අගය කලාට.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...