Tuesday, September 9, 2014

තවත් ආරංචී ගොඩයි ලියන්නට ලැඡ්ඡයි.

ක්ලැරන්ස් විජේවර්ධන නමැති පතිභාපූර්ණ ගායකයාගේ අනුස්මරණ දිනය පසුගිය දිනයක යෙදී තිබුණා. ඔහුගේ ගීත හදවතට ඉතා ලං වුණා වගේම නිසාම ඔහු අපේ කාලයේ වීරයෙක් වුණා. ක්ලැරන්ස් ගැයූ 'කඳ සුරිඳුනි ගීතය' හැත්තෑව දශකයේ ඕනෑම හමුවක, විනෝද චාරිකාවක අංක එකේ ගීතය වූ බව මතකයි. ඊට අමතරව 'සුරඟන වෙස්වලා' ගීතය ඉතා ජනපිය ගීතයක්. ඔහුගේ විශේෂත්වය නම් ඉලෙක්ටික් ගිටාරයේ හඩට සිංහල ගීතය සුසර කිරීමයි කියා කියන්නට පුළුවන්. ගිටාර් වාදකයකු ලෙස මූන්ස්ටොන්ස් ගායක කණ්ඩායමට එකතු වුණු ක්ලැරන්ස් පසුකාලීනව එහි සහ ගෝල්ඩන් චයිම්ස් ඇතුළු සුපර්ගෝල්ඩන් චයිම්ස් ගායක කණ්ඩායම් වල දාන ගායකයා වීම අහම්බයකින් සිදු වුණා නොවෙයි. ගායනයට අමතරව තනු නිර්මාණයෙන් සහ සංගීත අද්යක්ෂණයෙන් ක්ලැරන්ස් දායකත්වය දුන් ගීත අතිශය ජනපිය වුණා. හොඳම උදාහරණයක් තමයි ඉන්දානි පෙරේරා ගයන 'දිල්හානී දුවනී' ගීතය. අසා ඇති විදිහට එහි තනුව ඕස්ටේලියාවේ ඉංගීසි ගීතයක් සඳහා යොදාගෙන තියෙනවා.

'
සිහින ලොවක්', 'දිනෙක මේ නදී තීරේ', 'මලට බඹරකු සේ ', 'සැණකෙළියේ සඳ එළියේ' සහ තවත් බොහෝ ගීත හැත්තෑව සහ අසූව දශකයේ මුල් භාගයේත් තාරුන්ය මුසපත් කළ ගී ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ සියල්ල අතරින් ගීත රචකයෙකු ලෙස ඔහුගේ භූමිකාව නිසි ඇගයීමකට ලක්වී නැති බවයි පෙනෙන්නට තියෙන්නේ. මම දන්නා තරමින් ගෙමන් ලියුමක් ඇවිල්ලා ඇතුළු ගීත ගණනාවක් රචනා කළේ ඔහු විසින්. ඔහුගේ ගීත වල වචන භාවිතය, ඔහුටම ආවේණික, සරල එබෙත් හදවතට දැනෙන එකක්. වචන වල ලෙන්ගතුකම, නොයෙකුත් ආකාරයේ බැඳීම්, හදවතට දැනෙන කාන්සිය, පාළුව චමත්කාරජනක ලෙස නිරූපණය වෙනවා.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...