Friday, January 30, 2015

ගන්ධබ්බ අපදානය


අපේ තාත්තාගේ පොත් එකතුවේ (සෑහෙන තරම් පොහොසත්) තිබුණු පොත් වලින් එකක් තමයි ගන්ධබ්බ අපදානය. ඒක ගුණදාස අමරසේකර මහත්තයාගේ පොතක්. නමේ තිබුණු විශේෂත්වය නිසාම කියවන්න උත්සාහ ගත්තත් විෂය නැත්නම් තේමාව හරිහැටි ගෝචර නොවුනු හන්දා අතඇරිච්ච පොත් වලින් එකක් ඒක. පසු කාලෙක ඒක කියවන්න පුළුවන් වෙන්න ඉඩ තිබුණත් ඒකට හිතට නිදහසක් ඇති වෙලාවක් හොයා ගන්න බැරිවූ නිසා මගහැරී ගිය වැඩවලින් එකක් බවට ඒක පත්වුණා කියන්නට පුළුවන්.

ගන්ධබ්බ අපදානය මතක් වුණේ මේ දවස්වල අප වටා ඇති වාතාවරනය ගැන කල්පනා කරන විට. ඒත් මම ලියන්න හිතුවේ ඒ ගැන නෙමෙයි. අප වටා තිබුණු සමහරක් පොත් අපිට කියවන්න අමතකව ගියා වගේම තවත් සමහරක් පොත් විටින් විට යළි කියවන්න ඕනා වුණා. මඩොල්දූව පොත පසු කාලෙක කියවද්දි, ළමා කාලේ කියවද්දි විඳපු adventure චමත්කාරය වෙනුවට අනිත්‍යතා ධර්මය සිහිගැන්වෙන දුක්මුසු බවකින් යුතු රසයක් දැනුනු බව මතකයි. සමහරක් සිද්දි මතක් කළාමත් අපට රසයක් දැනෙන බව හැගුනත් දැන් ඒ සිද්දිය වුනොත් එතරම් රසයක් නොදැනෙන්නත් ඉඩ තියෙනවා. මම ඉගෙන ගත්තු ගමේ ඉස්කෝලේ වාරඅවසාන විවිධ ප්‍රසංගයක් තාම මතකයි. ඒ කාලේ තමයි මිනි ගවුම් මෝස්තරය ජනප්‍රිය වී තිබුණේ. අින්න මිනි ගවුම අින්න ගීතය ජනප්‍රිය එහිදී අපේ ඉස්කෝලේ හිටපු වඩාත් වැඩිමහල් සිසුන් වූ අටේ පංතියේ සිසුන් කුඩා විහිළු නාට්‍යක් පෙන්වූවා. ඒකේ දෙබස් මතක නැතත්, කතාව ගියේ බසයක් ඇතුළේ. රියදුරා බසය එලවනවා. අතරමගදී මිනි ගවුමක් ඇදගත්තු තරුණ ගෑණු ළමයෙක් බසමට නගිනවා. නෙයෙක් කතා අතරේ රියදුරා එක්වරම ලොකු බ්රේක් පාරක් ගහනවා. මිනිගවුම ඇ සිටි තරුණියට කකුල්වල බැලන්ස් එක තියා ගන්න බැරිවන හන්දා බසයේ ඉස්සරහට විසිවෙනවා. එහිදී ඇය නවතින්නේ රියදුරුගේ ඔඩොක්කුවේ. තරුණියට රගපෑවේ ගොරොක්ගොඩ නම් පිරිමි ළමයා. මිනි ගවුම එයාගේ නංගිගේ එකක් වෙන්න ඕනා. මේ නාට්‍ය කරන්න ගුරුවරු උදව් කළාදැයි මම දන්නේ. ඒත් එය ඉතාම කාලීන එකක් කියා දැනුත් හිතෙනවා. අපි ඒ දවස්වල ඒ නාට්‍යය මතක් කරකර හිනාවුණා. ඒ නාට්‍යය අද බැළුවානම් දැනුත් ඒ වගෙම රස විින්න පුළුවන් වෙයිදැයි මා දන්නේ නැහැ.    

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...