Saturday, August 6, 2016

බුල්ටෝ


පසුගිය දින කිහිපයේදී අතීතකාමයේ යෙදෙන්න පුළුවන් වුණා. වර්තමානකාමයේ යෙදෙන්න අවස්ථාවක් නැති වෙලාවට අතීතකාමයේ යෙදුනත් කමක් නැහැ කියලා මට හිතුනේ. එකක් මට අහන්න ලැබුණා හිතවතකු මාර්ගයෙන් ඒ දවස්වල අපි බොහොම රස කරමින් කාපු බුල්ටෝ තවමත් වෙළදපලේ ඇති බව. ඉතින් මම ඒ මාර්ගයෙන් බුල්ටෝ ගෙන්නා ගත්තා. ඒ දවස්වල තිබුණු ජනප්‍රියම නාමය ගුණසිරි බුල්ටෝ. මට මතක විදිහට ඒ ව්‍යාපාරය ඒ දිනවල ඉතාම දියුණු මට්ටමකට පත්වුණා.  නමුත් ඇසුරුම එහෙම බොහොම සරළයි. පාට පාට හා සුදු පාට තෙල් කඩදාසි වලින් අසුරලා තිබුණා. මතක හැටියට ඒ නම ගහපු ඩිලිවරි වෑන් පවා තිබුණා. ප්‍රධානම දෙයක් තමයි මේ ක්ෂේත්‍රයේ ඒ දිනවල තරගකාරයෙක් වුණු ඩෙල්ටා ටොෆී එක්ක තිබ්බහම බුල්ටො මිලෙන් අඩු වීම. ඒත් පසුකාලීනව ඒ මිළ වාසිය පවත්වාගෙන යන්න බුල්ටෝ වලට බැරිවන්න ඇති. කාර්මීකරණය සහ ගෝලියකරණය හමුවේ වියැකී ගිය cottage industries  අතරට බුල්ටෝ කර්මාන්තය එක්වූ බවයි මගේ හැගීම. කෙසේ වෙතත් නැවත කාලෙකට පස්සෙ බුල්ටො කෑවට පස්සෙ මට හිතුණේ market කරන්න පුළුවන් තරම් අනන්‍ය රසයක් බුල්ටෝ වල ඇති බව. බුල්ටෝ recipe එකේ පේටන්ට් අයිතිය තියෙන්නේ කාටද දන්නේ නැහැ.

මේ වගේ ආහාර කර්මාන්ත වලට විතරක් නෙමේ වඩා සංකීර්ණ සහ තාක්ෂණයෙන් ඉහල ස්විස් ඹර්ලෝසු කර්මාන්තයත් මේ වගේ තත්වයන්ට මුහුණ දුන්නා. ප්‍රධාන වශයෙන්ම ජපන් තාක්ෂණය හරහා පැමිනි ඉලෙක්ට්‍රොනික ඹරලෝසු සීඝ්‍රයෙන් පැතිර යාම. අපේ රටේ අත්දැකීම ගත්තොත් හැත්තෑ හතේ විවෘත ආර්ථිකයත් එක්ක මුලින්ම ආවේ මොන්ඩියා, ගරූඩා වැනි වර්නවත් ඩයල් වලින් යුතු ඹටෝමැටික් ඹරලෝසු. ඒත් එක්කම ඊටත් වඩා මිලෙන් අඩු ඩිජිටල් ඹරලෝසු ආවා. කලින් කල විලාසිතා වෙනස් වෙමින් දැන් ටයිටෑන් වගේ ඒවා ඉනප්‍රිය බව පේනවා. කෙසේ වෙතත් වැහෙන්න ගිය මිල අධික ස්විස් කර්මාන්තය නැවතත් ඉහල ආවේ සමාජයේ ඉහලම ආදායම් ලබන අය ඉලක්ක කරගෙන. ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා වුනත් ඉතා ඉහළ මිලම විලාසිතාවක් කරගෙන මේ කර්මාන්තය නැවතත් පන ගහලා ආ බව පේනවා. මේ වගේ සාම්ප්‍රදායික කර්මාන්ත නව මානයක් හරහා නැවත පැමිණීමේ තවත් උදාහරණ තියෙනවා.


ඊලග අතීතකාමය කඩල සමග බැදී පවතින්නක්. සෙනසුරාදා උදේ කන්න හිතාගෙන කොණ්ඩ කඩල ‍ගෙනාවා. කඩල තම්බන විට එය සැලසුම් සහගතව කරන්න ඹ්නා. ලොකු දෙයක් නෙමේ නමුත් කඩල දියේ පෙගෙන්නට දමන්න ඹ්නා කලින් දවසේ රෑ. ප්‍රෙසර් කුකර් පාවිච්චි කලොත් එහෙම කලින් දියේ පෙගෙන්න නොදැම්මත් කඩල තම්බන්න පුලුවන් ඇති. ඒත් හොදම ක්‍රමය තමයි මම කිව්වේ. තම්බලා ඊලගට අබ, ලූනු සහ අමුමිරිස් දමා තෙම්පරාදු කර ගත්තහම රස නහර පිනා යනවා. එතකොට මට මතක් වුනේ ඉස්සර නිවාඩු දින වල අම්මා තම්බන කඩල එක. වෙනසකට තිබුණේ අමුමිරිස් වෙනුවට කොච්චි මිරිස් යොදා ගැනීම. මට මතක හැටියට කඩල කිලෝ එකක් වගේ තැම්බුවහම ළමයි පස් හයදෙනෙක් දෙනෙක් ඉන්න ගෙදරකටත් බඩ පිරෙනකන් කන්න පුළුවන්. ඇත්තටම නියම රහ එන්නේ කොච්චි දමා තෙම්පරාදු කලාමයි. ඒත් කලින් දවසේ ආර්ථික මධ්‍යස්ථානයට ගොස් කොච්චි අරන් එන්න තරම් වැඩේ සැලසුම් කරගන්න මට බැරිවුනා. දැන් තමයි මට මතක් වෙන්නේ කොච්චි වල උපයෝගිතාව පිළිබදව මා කලින් ලියූ සටහන. ඒ කියන්නේ මේ වගේ අතීතකාමයේ යෙදෙන තවත් බොහෝ පිරිසක් අප අවට ඉන්න බවයි. 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...