Tuesday, June 13, 2017

අවුරුදු දහයක් පමණ වාසය කරපු නිල නිවාසය අතහැර යන්න වෙලා. මට මතකයි මේ නිවාසය එවකට හිටපු අපේ ආයතන ප්‍රධානියා ලබා දුන්නේ බලෙන් වගේ. මොකද එතකොට මම රෑ වෙනකල් වැඩ කරන නිසා. ඒ දවස් වල මම කළුතර සිට කාර්යාලයට ආවේ. ඇත්ත වශයෙන්ම ඒ දවස්වල සමහර දිනක ගෙදර එනවිට රෑ දෙකයි. (හැමදාම නොවේ.) දැන් ගෙදර accumulate වෙලා කියෙන බඩු pack කරන විට මේ අවුරුදු දහයක ඉතිහාසය හාරා ඇවිස්සෙනවා. ඒ ඇතුලේ තියෙන සුන්දර සහ අසුන්දර අත්දැකීම්, හපන්කම්, මෝඩකම් වගේම දහඩිය මේ හරහා මතක් වෙනවා. කෙසේ වෙතත් ලොරි දෙකකින් පටවා ලෙන ආපු බඩු ප්‍රමාණය දැන් ලොරි තුනකටත් වැඩි වෙලා. පොත් රාක්ක තුනක් සහ විශාල පොත් සංඛ්‍යාවක් එකතු වෙලා. විශේෂයෙන් ඡායාරූප එකතුව දිහා නැවත බලන විට මිහිරක් විදින්නට පුළුවනි. දෙන්න දෙමාල්ලන් වයසට යනවිට දරුවන් උස්මහත් වෙලා.


මේ අතරතුරම ගංවතුර ආපු හන්ද අපේ මාරුව තරමක් ප්‍රමාද වුණා. ගංවතුර ගැන කිව්වහම අපි පුංචි කාලේ ඒක විනෝදයක් වුණා, එහෙම නැත්නම් ගංගා ද්‍රෝණිවල ජීවත්වුනු ආදි ශිෂ්ඨාචාර වාසීන්ගේ සිට    ගංවතුරත් සමග සහජීවනයෙන් මිනිස්සු ජීවත් වුණු බව හිතන්නට පුළුවනි. (ඒත් ගංවතුරට අහුවෙච්ච අයට එය සෙල්ලමක් නොවන්ට ඇති. ) ගංතුර ගලා උතුරා යයි වගේ ගීත හැදුනේ ඒ හන්දා වන්න ඇති. දැන් වන විට එය උඩුයටිකුරු වෙලා. බොහෝ කාලයක් තිස්සේ මිනිස්සු කරපු නීතිරීති කැඩීම්, අක්‍රමිකතා වල ප්‍රතිථල දැන් ලැබෙනවා වගේ. 





නුවර කච්චේරියට ගිය රාජකාරි ගමන අතරතුර. අපි කලින් දවසක trip එකක් යන විට දවලිට බත්මුල් ලිහා කාපු කඩපිල ඡායාරූපයට නගන්න ගත්ත දුර්වල උත්සාහයත් (ගමන් කරන රියේ සිට)  මෙහි තියෙනවා. 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...