Wednesday, November 15, 2017

අවිවේකය

නිම්වළලු කියවන කිහිපදෙනා අතුරින් එක් සහෘදයෙක් මට කතා කර ඇසුවේ හු කලකින් නොලියවුණේ ඇයි කියලා. ගෙවල් මාරුව වගේම සතියේ දින සහ සති අන්තය ගෙවල් දෙකක ගතකරනකොට ඇතිවන ප්‍රධාන ප්‍රශ්ණය තමයි අවිවේකි බව. කාලයකට ඉහතදී බණ්ඩාරවෙල ප්‍රදේශයේ රාජකාරිකරන කාලයේ සති අන්තය පමණක් නොවෙයි සතියේ දින පවා බෙදාගෙන එක් එක් ඥාති නිවෙස් වල රාත්‍රිය ගත කළා. ජීවිතේ බොහොම සැහැල්ලු කාලයක් වගේම රාජකාරියෙන් පස්සේ මා කැමති සහ අපේ බාලකාලයේ සුන්දර මතක සටහන් ලියැවුණු වටපිටාවක ගත කරන්න ලැබීම වාසනාවක්.  ඒ දවස්වල අපේ ආයතන ප්‍රධානියා මට විහිළු කළේ රම්‍ය, සුරම්‍ය, සුභ ඇති කෙනෙක් කියා. එහෙත් ජීවිතේ බර වැඩි වුනාට පස්සේ එහෙම තැන් තැන්වල ඉන්න එක පහසු නැහැ.

පසුගිය දින වල පන්සලේ හාමුදුරුවන් සමග කතාබහක යෙදෙන්න අවස්ථාව ලැබුණා. උන්වහන්සේ සමග පානදුරට කිට්ටුවෙන් පිහිටි පන්සලක තිබුණු සාකච්ඡාවකටත් සහභාගී වන්න ලැබුණා. මේ කතාවලින් පස්සේ උන්වහන්සේ යෝජනා කළේ ප්‍රවෘත්ති පත්‍රයකට වගේ කොලමක් ලියුවොත් හොඳ නේද කියා. මා මිත්‍ර ආචාර්‍ය ටියුඩර් ද කලකට ඉහතදී මට මේ යෝජනාව කළා. ඒත් එහෙම දෙයක් පටන් ගත්තොත් නිතිපතා කරන්න වෙනවා. මම වගේ unorganized කෙනෙක්ට ඒක කරන්න අමාරුවෙයි කියා හිතූ නිසා එයට අත ගහන්නට හිතුනේ නැහැ.

අපේ හාමුදුරුවන්ගේ සාකච්ඡා වල තේමාව තමයි නිදහසින් පසු අපේ ඉතිහාසය තුළ ලාංකීය ජාතියක් ගොඩනැගීමට කිසිදු ව්‍යාපාරයක් සමත් නොවීම සහ උත්සාහ නොදැරීම. ඒත් මේක දේශපාලන ව්‍යාපාරයක් නොවී සංවාද මණ්ඩපයක් හැටියට පවත්වා ගැනීමයි අදහස. රටක දියුණුව සඳහා සංවාද, කතිකා, විවාද අවශ්‍යයි.

මේ අතරේ කතා වුණු එක් දෙයක් තමයි දේශීය භාණ්ඩ හා සේවා සපයන්නන් කොතෙක් දුරට ආරක්ශා කර ගත යුතුද කියන එක. ජාත්‍යන්තර වශයෙන් තරගකාරී නොවන නිෂ්පාදකයින් සහ සේවා සපයන්නන් දිගින් දිගටම බදු සහ සෙස් ආදිය මගින් ආරක්ෂා කිරීම කොයිතරම් දුරට තර්කාණුකූලද කියළා අපට හිතන්න වෙනවා. අයාත ආදේශණය සංකල්පයක් හැටියට දැන් ලෝකයේ ඒ තරම් පිළිගන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් තරගකාරී තත්ත්වයට ආවොත් අපිට ආනයන ආදේශණයෙන් එහාට ගිහින් අපනයන වෙළඳපල ජය ගන්නට පුළුවන්. අනෙක් පැත්තෙන් අකාර්‍යක්ෂම ව්‍යවසායන් පවත්වාගෙන යාමෙන් ආර්ථික වර්ධනය බාල වීමයි සිදුවන්නේ. මේ හා සම්බන්ධ Comparative advantage න්‍යාය ලොවට හඳුන්වා දෙන්නේ ඩේවිඩ් රිකාඩෝ (1772-1823) විසින්. මීටත් අමතරව ගෝලීය නිෂ්පාදන ක්‍රම පද්ධතිය අද බොහෝ විස්තීරණ වෙලා. අවසානයේ පාරිභෝගිකයාට අත්වන වාසිය ( තත්ත්වයෙන් උසස් භාණ්ඩයක් අවම මිලට ලබා ගැනීම) ගැනත් හිතන්න වෙනවා. මේවා සම්බන්ධ තීරණ ගැනීමේදී තවත් බොහෝ පැති හිතන්න තියෙනවා. සමාන්‍යෙයන් panacea එකක් හැටියට adjustment package එකක් පාවිච්චි කරනවා.


හාමුදරුවන් සමග අපේ කතාවට එක පාරටම රාගය මාතෘකාව ආවේ කොහොමද කියළා මට මතක නැහැ. ඒත් උන්වහන්සේ කිව්වේ sex කියන්නේ social construct එකක් කියා. එයට උදාහරන හැටියට උන්වහන්සේ ගෙනහැර පෑවේ නාලනී ජාතකය. 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...