Monday, February 19, 2018

අටලෝදහම


පළාත් පාලන මැතිවරනය මෙවර කේවල සහ අනුපාත යන ක්‍රමදෙකේ මිශ්‍රණයකින් පැවැත්වුණේ මෑතදී. සාමාන්‍යෙයන් මැතිවරණ රාජකාරී සඳහා ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරින් හැටියට සහභාගී වන අප මෙවර කාර්‍යක් නොමැති මට්ටමට වැටුනේ මෙවර ජන්ද ගණන් කළේ ඡන්ද පොලේ දී හන්දා. ඒ අනුව මෙවර චන්ද ගණන් කලේ senior polling officer නැත්නම් ජේෂ්ඨ චන්ද ස්ථානාධිපති විසින්මයි. ඒ අනුව ඡන්ද පෙට්ටි පහලොවක් විස්සක් සහ ඡන්ද පහලොස් දාහක් වගේ ගානක් වෙනුවට එක ඡන්ද පෙට්ටියක් සහ ඡන්ද 1500 ක් පමණ ගණන් කරන්ට තිබුණේ. අනික් අතට මනාප නැති හන්දා ගණන් කිරීම සරලයි. මේ අතර  අපට තිබුණේ independent observer කෙනෙක් වශයෙන් යම් සභා බල ප්‍රෙද්ශයක් අධීක්ෂණය කිරීමයි. ඒ අනුව රාජකාරීකරන්නට ලැබුණේ වැලිවිටිය-දිවිතුර කියන ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රෙද්ශීය සභා බල ප්‍රෙද්ශය. දකුණු අධවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම සහ බද්දේගම අන්තර්හුවමාරු දෙක අතර තමයි මේ ප්‍රෙද්ශය පිහිටා ඇත්තේ. එක පැත්තකින් මෙහි මායිම ගිං ගඟයි. තේ සහ කුරුඳු වගා වලින් පිරුණු සුන්දර ගම්මාන වලින් පිරුනු පළාතක්. (අවාසනාවට මගේ ටැබ් එක stuck වුන හන්දා ඡායාරූප ගන්නට බැරි වුණා.) පලමු වතාවට යි මේ ප්‍රෙද්ශයේ ඇවිදින්නට ලැබුණේ. ප්‍රෙද්ශීය ලේකම් කාර්යාලයේ තාවකාලික කාර්යාලයක් ලැබුනත් ප්‍රෙද්ශයේ ඇවිදින්නට මෙය හොඳ අවස්ථාවක් වුණා. ඉතාම සුහදශීලි සහ කැපවුණු කාර්ය මණ්ඩලයක් හමුවීමත් වාසනාවක්. මේ පලාතේ ගම් වල නම් ටිකක් අමුතුයි. සමහරවිට ඒවා ඈත අතීතයකට උරුමකම් කියනවා ඇති. දිවිතුර, අගලිය, ඇත්කඳුර, තණබද්දේගම ඉන් කිහිපයක්. දවස් තුනක් එහි ගතකර කාර්ය මණ්ඩලයේ ආගන්තුක සත්කාරත් විඳගෙන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ ගාල්ලටත් ගිහින් අධිවේග මාර්ගය හරහා  මහගෙදරට එනවිට රාත්‍රි දෙකට කිට්ටුවෙලා.

අපේ ගමේ පන්සලේ බුදුගෙය මෑතදී හොරු බිඳලා තිබුණා බුදුපිළිමය හාරලා එහි තැන්පත් කළා යැයි සිතිය හැකි යමක් ගෙනගොස් තිබුණා. බොහෝවිට ධාතු කරඬුවක් තියෙන්නට අතැයි විශ්වාස කරනවා. ඊට අමතරව චෛත්‍ය මුදුනේ තිබුණු චූඩා මානික්‍යය ද හොරු ගෙනගොස් තිබුණා. මේ විදිහටම අවට පන්සල් කිහිපයක්ම මෑතදී හොරුබින්ද බව හාමුදුරුවන් පැවසුවා. මේවා කරන්නේ ප්‍රෙද්ශය ගැන සහ මේ ස්ථාන ගැන හොඳ වැටහීමක් දැනීමක් තිබෙන අය බව පැහැදිලියි. අටලෝදහම දිහා උපේක්ෂාවෙන් බලන පන්සලේ ලොකු හාමුදරුවන් මේ සිද්ධියෙන් කම්පා වුණු හැටි දකින්නට පුළුවන් වුණා.  

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...