ධම්මික බණ්ඩාර
ප්‍රවීන ගීත පද රචකයාගේ සිහින සක්මන කාව්‍ය සංග්‍රහය ගැන මීට පෙර සඳහන් කළා. ඒ ගැන
විචාරයක් ලියුවා පසුගිය දිනවල. මේ අතරෙදි ප්‍රථම ප්‍රේමය නමින් පද කිහිපයක් අමුණා මුහුණු
පොතේ දැම්මා. එයට අනපේක්ෂිත තරම් ප්‍රතිචාර ලැබී තිබුණා. බොහෝ දෙනෙක් ඒ ගැන මට කතා
කළා. පන්සලේ හාමුදුරුවන් ඒ ගැන විශේෂයෙන් කතා කළා. උන්වහන්සේ Garcia
Marquez ගේ Love in the Time of Cholera කියවන්න කියා මට
කියුවා. ඒ පොත ගත්තත් තවම කියවන්න බැරි වුණා. ඒ අතරතුරේ පාවුලෝ කොයියෝ ගේ වෙරෝනිකා
මැරෙන්න තීරණය කරයි නැමැති පොත කියෙවුවා.
ඒ අතරතුරේ මගේ
අළුත් පොත මුද්‍රණය සඳහා බාර දෙන්න උත්සාහ කළා. ඒත් පොත් ප්‍රකාශකයන් ලඟ අළුත්
පිටපත් ගොඩගැහිලා. එක් ප්‍රකාශකයෙක් කිව්වේ මුද්‍රණය කරන්න ලබන අවුරුද්ද වෙයි කියා. මොකද ඒ තරමට වැඩ ගොඩ ගැහිලා කියා.. කොරෝනා කාලේ ගොඩක් අය පොත් ලියා තියෙන හැඩයි.
ඒ ගැන හිතුවහම ආර්තිකය කඩා වැටෙයි කියලා ලොකුවට විලාප
ගහන්න ඕනා නැහැ. අලුත් අවස්ථා ගොඩක් ලැබී තියෙනවා. නැතිවී ගිය අවස්ථාත් බොහෝ තිබෙනවා.
හරියට කළමනාකරනය කර ගැනීමයි අවශ්‍ය. ලෝක ආර්ථිකයෙන් .001 ක් විතර වන අපේ ආර්ථිකය
.0015 ක් කර ගන්න පුළුවන් වුනත් ලොකු පිම්මක් මේ දේවල් අස්සේ. විශේෂයෙන් ආයෝජන මේ වෙලාවේ
තැන් තැන් වල සැරිසරනවා. හැබැයි අපනයන සැහෙන්න පහල වැටෙයි කෙටිකාලීනව. අනෙක් ප්‍රහ්ණය
වන්නේ අපේ ප්‍රධාන ආදායමක් වන විදේශ රැනියා ආදායමට වන බලපෑම. සංචාරකයන් නම්
ඉක්මනටම ගෙනෙන්නයි කල්පනාව.
කෙසේ වෙතත් පොත
ප්‍රකාශ කරගැනීම සදහා තවත් ප්‍රකාශකයින් කිහිප දෙනෙක් හමු වන්න යන්න ඉස්පාසුවක්
එනකම් බලා ඉන්නේ.
No comments:
Post a Comment