Thursday, January 14, 2021

පාසල් නාට්‍ය

 


මට මේ කතාව මතක් වුණේ තාත්තා බොහෝ කාලෙකට ඉස්සර වෙලා පාසල් නාට්‍යය ගැන පත්තරයට ලියූ ලිපියක් කියවද්දි

මම කිහිප වරක් ලියා ඇති කොළඹ පාසලට එන්න ඉස්සර වෙලා හිටියේ කුළුපන ගමේ තිබුණු කණිෂ්ඨ පාසලේ බව. එම පාසලේ පහේ පන්තිය දක්වා ඉගෙන ගත්තා. අපේ පන්තියේ හිටපු යාළුවන්ගේ නම් බොහොමයක් තාම මතකයි. එම පාසලෙන් අයින් වුණාට පස්සේ ඒ යාළුවන් අතරින් නැවත මුන ගැහුනේ එක් කෙනෙක් හො දෙන්නෙක් පමණයි.

හතර වැනි පන්තියේ අගදී හෝ පහේ පන්තිය මුලදී අපේ පන්තියට අළුත් සගයෙක් එකතු වුණා. ඔහුගේ නම පත්මසිරි. ඔහු පැමිණියේ පාසලට තරමක් දුරින් තිබුණු තට්ටු දෙකේ ගෙදරකින්. අපිට ආරංචි වුනු හැටියට ඔහු සිටියේ දෙමාපියන් සමග නොවේ. ඔහුගේ ඥාතී සහොදරයෙකුගේ ගෙදර සිට ඔහු පාසල් ආවා. ඔහු කලින් සිටි පාසල හෝ ප්‍රෙද්ශය ගැන අප දැන සිටියේ නැහැ. නැත්නම් දැන් මතක නැහැ. ඔහු ගතින් වගේම මනසිනුත් අපට වඩා මුහුකුරා ගිය බවක් පෙන්නුවා.

අපේ පාසලේ මාසයකට වරක් වගේ විවිධ ප්‍රසංගයක් වගේ එකක් තිබුණා. ලමයින්ගේ ගී සිංදු, නැටුම් නාට්‍ය ආදිය එහි රඟ දැක්වුණා. පත්මසිරි ආවට පස්සේ නාට්‍ය කිහිපයක් රඟ දක්වන්න අපි පෙළඹුණා. අධ්‍යක්ෂවරයා ඔහුයි. පැරණි ගම කතා වගේම එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යත් පෙන්වපු බව මතකයි. පත්මසිරිත් අපේ පන්තියේ හිටපු දක්ෂම ගැහැණු ළමයා වුනු වසන්තිත් එකතු වෙලා අකුරට යනවයි කියලා ටිකිරි අය්යා බැදි වලමයි ගීතය නාට්‍යානුසාරයෙන් පෙන්වපු හැටි මට අදත් මතකයි. මේ එකකට වත් ගුරුවරුන්ගේ ගුරුහරුකම් අපට ලැබුණේ නැහැ. එවැනි සාහිත්‍ය රසයක් දැකපු ගුරුවරයෙක් එහි නැති වුනා වෙන්න පුළුවන්.

කොහොම හරි මමත් කොළඹට ඇවිත් අවුරුද්දක් පමණ යනකම් පරන පාසලේ යාළුවන් සමග ලියුම් ගනුදෙනු කළත් පසුව එයත් නැතිවී ගියා. පත්මසිරි ගැනත් මතකය ඈත්වී ගියා. ඔහු පසු කාලෙක හෝ මෙම කලා ක්ෂේත්‍රයට ආවාදැයි කියන්න දන්නේ නැහැ. අදත් මම විශ්වාස කරන්නේ ඒ වයසෙදි පත්මසිරි පෙන්නුව හැකියාව ඉතා ඉහළ බවයි.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...