ලිවීම කියන එක පොඩි දෙයක් වුනත් ලොකු බැරැරුම් දෙයක් වුනත් අවිච්චින්නව කරගන යන්න ඕන වගේම එයට දැඩි කැපවීමක් අවශ්‍යයි. පෙරත් කියා ඇති පරිදි වැඩ ගොඩක් කෙරෙන්නේ වැඩ ගොඩක් ඇති විටයි. එහෙත් ඒ තියරිය ටිකක් වෙනස් වුණු කාලයක් තිබුණා පසුගිය ටිකේ. ඒ දුම්රිය දෙපාර්තමෙන්තුවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ලෙස රාජකාරි කරපු මාස කිහිපය. අභියෝගාත්මකයි.ඒත් හැමදාම උදේ නැගිටලා සතුටින් වැඩට ගියේ. නිවාඩුවක් ගත්තෙම නැති තරම්. සෙනසුරාදා ඉරිදාත් බොහෝ විට වැඩ. බෙහෝවිට ක්ෂේත්‍රයේ. ගෙදර හිටියත් ටෙලිෆෝනයට විනාඩි කිහිපයක හෝ නිවාඩුවක් ලැබුනේ නැහැ. මට ලැබුණු වැඩ බැලීමේ වැටුපට වඩා වැඩියි අමතරව ගිය ටෙලිෆෝන් බිල. ඒක අතින් ගෙවන්නට ඕනා.
හොඳට හෝ නරකට මාස
හතරකින් මට ඒ කාරියෙන් ඉවත් වන්න සිදුවුණා. අළුත් දේවල් කිහිපයක් පටන් ගත්තා.
තවත් කිහිපයකට අඩිතාලම් දමා තිබුණේ. ඒවා ගැන දිගින් දිගට කතා කිරීම අවශ්‍ය නැහැ.
රාජකාරී දිවියේ වෙනස්ම අත්දැකීමක් වගේම ඇඟට දැනෙන්න වැඩක් කරන්න පුළුවන් තැනක් යැයි
කීම ප්‍රමාණවත්.
කෝවිඩ් වසංගතය හන්දා මේ
සතියත් රට වසා තියෙන්නේ. මේ තත්ත්වය තුල ආර්ථිකය හැසිරවීම අභියෝගාත්මකයි. එහෙත් ඒ
අභියෝගය තේරුම් ගත්තු බවක් නම් පෙනෙන්නේ නැහැ. එහෙම නැත්නම් ටිකක් Core එකෙන් ඈත් වෙලා Periphery එකේ ඉන්න හන්දා ඒ ඇත්තන්
කරන දේවල් අපට පෙනෙන්නේ නැතුවා වත්ද? ඒත් කරන කියන දේවල් වලින් හෝ ඒවයේ outcome එකෙන් ඒ බව පෙනෙන්නට
නැති එකයි ප්‍රශ්ණය. ඒව්වා ගැන වැඩිය ලියන්නට ගියොත් මගේ සීමා වලින් එලියට යන්න
පුළුවන් හන්දා ඒකත් ඇති.
කොහොම වුනත් ජීවිතයම
වෙලා ගෙන තියෙන මේ කම්මැලිකම නැත්නම් හුදෙකලාවෙන් මිදෙන්න මගක් අපි සොයා ගන්න ඕනා.
සියළු දේ සැහැල්ලුවෙන් හිතන සැහැල්ලුවෙන් ක්‍රියා කරන තත්ත්වයකට මුළු රටම පත්වීගෙන
යන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. පෞද්ගලිකවත් පොදුවේත් මේවාට විසඳුම් අපට සොයා
ගන්න පුළුවන්ද? මේ තත්ත්වය මගේ හිතමිත්‍රයකු සමග කතා කරන වෙලාවකදී මට කිව්වේ
තමන්ගේ passion එක හොයගෙන ඒ සදහා එල්ලවී
වැඩ කරන්න කියා. මම තවමත් කල්පනා කරන්නේ මගේ passion එක විය හැක්කේ මොකක් ද කියා?
No comments:
Post a Comment