Sunday, December 29, 2013

ඛෙත්තාරාමයේදී
වරෙන් මචං උඩ තට්ටුවට
එතන බියර් පෝලිම අඩුයි
සිගරට් කොටේ
බීල ඉවරනම් මට දීපං මචං
අඳුනන නාඳුනන
කවුරුත් මචංලා වූ මොහොතක්
අවසානයේ
දිනුමත් පැරදුමත්
එක සිතින් දරාගෙන
ප‍්‍රශන්ටේශන් සෙරමනියත්
හුනස්නෙන් නැගිට බලාසිටින
පේ‍්‍රක්ෂක සහෘදයින් අතරින්
හඩු ගාගත් ඇඳුම් ඇදගත්
පුංචි කොල්ලෝ කුරුට්ටෝ
පීරති අසුන් අතර ඇති
කහළ ගොඩවල්
සොයා ගන්නට
ඉතුරුකර ගිය බීම බෝතල්
සහ පොටේටෝ චිප්ස් ටින් වල
ඉතුරු අර්තාපල් පෙති
නැතිනම්
අත්හැර දමා ගිය

නළාවක් 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...