Sunday, February 23, 2014

නේවාසික ජීවිතය
පසුගිය සතියේ කෑගල්ලෙ කච්චේරියට රාජකාරියකට ගිය ගමන් තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයටත් ගොඩ වෙන්න අවස්ථාව ලැබුණා. දිවයිනේ කීර්තිමත් මධ්‍ය මහා විද්‍යාල අතුරින් තෝලංගමුවටත් ලැබෙන්නෙ ප‍්‍රධාන තැනක්. තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය පිහිටා තිබෙන්නෙ කොළඔ නුවර පාරෙ කෑගල්ලට මදුක් මෙපිටින්. ඉතාම සුන්දර පාසලක් වූ මෙය සුමිත‍්‍රා පීරිස් මහත්මියගේ ගැහැණු ළමයිචිත‍්‍රපටය රූ ගත කරන්නට යොදා ගත් බව මට අසන්නනට ලැබුණා. විද්‍යාලයට ඇතුලවන විට ඇති පඩිපෙළ පාමුල කුසුම් සහ පද්මිණී කතා කරමින් ඉන්නා දර්ශන තවමත් අපේ මතකයෙන් ගිලිහී ගොස් නැහැ. අපේ පාසල් කාලයේ නරඔපු චිත‍්‍රපට අතරින් අපව මුසපත් කරපු චිත‍්‍රපටයක් ගැහැණු ළමයි”.

අපි එදා දිවා ආහාර ගත්තේ විදුහලේ බාලිකා නේවාසිකාගාර භෝජනාගාරෙදි. එහි ගිය ගමන් මගේ හිතින් මගේ පාසල් අතීතයට ගියා. අලුත්වැඩියා කිරීමට නියමිතව තිබෙන ඒ නේවාසිකාගාර ගොඩනැගිල්ලෙ ඇති පහසුකම් දුටුවහම මට ඇතිවුණේ කනගාටුවක්. අපේ පාසලේ නේවාසිකාගාරෙ පහසුකම් මේ සමග සසඳන විට ඉහළ මට්ට්ටමක තිබුණු බවයි මගේ මතකය.


ආනන්දෙ නේවාසිකාගාරයේ පැරණි රසබර කතා ඇතුලත් ඉතා ජනප‍්‍රිය ලිපි මාලාවක් සති අන්න සිංහල පුවත්පතක පසුගිය දිනවල පලවුණා. එම ලිපි පෙලට පාසල් ලමුන්ගේ ඇතුලු බොහෝ දෙනෙකුගේ ප‍්‍රතිචාර ලැබුණු බව පෙනෙන්නට තිබුණා. කොහොම නමුත් කොළඔන් පිට නගරවල පිහිටි පාසල් වල නේවාසිකාගාර ජීවිතයත් ඒ තරම්ම හෝ ඊටත් වඩා රසවත් බව ප‍්‍රවීන පුවත්පත් කලාවේදියකු වගේම ලේඛකයෙකු වූ ගුණදාස ලියනගේ මහතාගේ මල්ලිගෙ විත්ති නම් පොත කියවූවහම දැනගන්න පුලුවන්. ඔහුගේ කතාවලට ප‍්‍රස්තූත වන්නේ හොරණ ශ‍්‍රීපාලි මහා විද්‍යාලයේ නේවාසිකාගාරයයි.   

Wednesday, February 5, 2014

අනුකරණය

පහේ පංතියේ ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා ගමේ ඉස්කෝලෙ ඉඳන් කොළඔට ගිය එක ජීවිතයේ ලොකු පෙරළියක්. එක පැත්තකින් අලුත් පාසල් වටපිටාව අනෙක් අතින් ගෙදරින් වෙන්වී පාසලේ හොස්ටල් එකේ නතර වෙන්න සිදුවීම. අලුත් ඇඳුම් සහ බඩු දමා ගැනීමට තරමක් ලොකු සූට් කේසයක් ආදිය ලැබීමෙන් තරමක් උද්දාම වෙලා සිටියත් අලුත් වටපිටාවට හැඩගැහෙන්න මුලදී ලෙහෙසි වුණේ නැහැ. නගරයේ පාසලකට ගෙදරින් මුලින්ම ගිය හන්දා සියලුම දේවල් අමුතුවෙන්ම ඉගෙන ගන්න සිදුවුණා. මගේ වැඩිමහල් සහෝදරයත් හතේ ශිෂ්‍යත්වය සමත්වෙළා නේවාසිකාගාරයට මා සමගම ඇතුලූවූ හන්දා ගුරුවරුන් වූ අපේ දෙමව්පියන් හට සෑහෙන මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවෙන්න ඇති. එය යම් තරමකට හෝ තුලනය කරගන්නට බඩුමුට්ටු දමා ගන්න අය්යාට ලොකු සූට් කේස් එකක් අරන්දෙනවිට මට තරමක් කුඩා එකක් ලැබුණා. අපේ සූට් කේසයට අමතරව අපේ බඩු දමා ගැනීමට නේවාසිකාගාරයෙන් අප එක් එක් කෙනාට කුඩා කබඩයක් ලැබුණා. මේවායේ ආරක්ෂාවට ඉබ්බන් අවශ්‍ය බව අපට තේරුණේ නේවාසිකාගාරයට ඇතුළුවූ දවසේ. ඒ අනුව මට කුඩා ඉබ්බෙක් සහ අය්යාට තරමක් ලොකු ඉබ්බෙක් ලැබුණා. ඒවා ඒතරම් මිල නොවූ ඉන්දියන් නිෂ්පාදන බවයි මගේ මතකය. ඒත් බොහෝ ළමයින් පාවිච්චි කලේ යුනියන් වැනි අගනා බ‍්‍රෑන්ඞ් වල ඉබ්බන්. එක් කෙනෙක් එවැනි ඉබ්බෙක් හෝ වෙනත් දෙයක් සයනාගාරයට ගෙනාවිට බොහෝ දෙනෙක් එය අනුගමනය කරමින් එවැනි දේ ගෙනෙන එක සාමාන්‍ය දෙයක්. එත් අපට නම් එහෙම තේරීම් වලට යන්න පුලුවන් වුණේ නැහැ. කොහොම නමුත් අනෙක් අය අනුකරනය කරන මට්ටමේ එකම එක දෙයක් මට ලැබුණා මතකයි. ඒ තමයි ඉංග‍්‍රීසි වැකි කිහිපයක් සහිත ටී ෂර්ට් එකක්. සුදු පසුබිමක රතුපාට පින්තූර සහිත ටී ෂර්ට් එකක් එය. මගේ යහලුවන් කිහිප දෙනෙකුම එවැනි ටී ෂර්ට් ඉල්ලා තාත්තලාට කරදර කොට තිබුණත් මට තිබුණු මට්ටමේ එකක් ඒ ගොල්ලන්ට හොයා ගන්නට පුළුවන් වී තිබුණේ නැහැ.

මේ කතාව මතක් වනවිට මතකයට නැගෙන තව කතාවක් තමයි ඇල්බට් අයින්ස්ටයින් ගේ පූසන් පිළිබඳ කතාව. ඔහුට සිටියාලු පුසන් දෙදෙනෙකු එකෙක් ලොකු පූසකු වූ අතර අනෙකා පැටියෙක්. මේ දෙන්නාව කාමරෙන් එළියට ඇමූවිට දොර පහුරුගාමින් ඇතුළට එන්නට කෑගසනවා වගේම කාමරය ඇතුළට ගත්තාම එළියට යන්න කෑගහනවා. මේ කරදරෙන් බේරෙන්න අයින්ස්ටයින් දොරේ පහලින් රවුම් සිදුරු දෙකක් කැපුවාලු. ලොකු පූසාට ලොකු සිදුරක් සහ පොඩි පූසාට කුඩා සිදුරක් වශයෙන්.


ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...