Sunday, February 23, 2014

නේවාසික ජීවිතය
පසුගිය සතියේ කෑගල්ලෙ කච්චේරියට රාජකාරියකට ගිය ගමන් තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයටත් ගොඩ වෙන්න අවස්ථාව ලැබුණා. දිවයිනේ කීර්තිමත් මධ්‍ය මහා විද්‍යාල අතුරින් තෝලංගමුවටත් ලැබෙන්නෙ ප‍්‍රධාන තැනක්. තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය පිහිටා තිබෙන්නෙ කොළඔ නුවර පාරෙ කෑගල්ලට මදුක් මෙපිටින්. ඉතාම සුන්දර පාසලක් වූ මෙය සුමිත‍්‍රා පීරිස් මහත්මියගේ ගැහැණු ළමයිචිත‍්‍රපටය රූ ගත කරන්නට යොදා ගත් බව මට අසන්නනට ලැබුණා. විද්‍යාලයට ඇතුලවන විට ඇති පඩිපෙළ පාමුල කුසුම් සහ පද්මිණී කතා කරමින් ඉන්නා දර්ශන තවමත් අපේ මතකයෙන් ගිලිහී ගොස් නැහැ. අපේ පාසල් කාලයේ නරඔපු චිත‍්‍රපට අතරින් අපව මුසපත් කරපු චිත‍්‍රපටයක් ගැහැණු ළමයි”.

අපි එදා දිවා ආහාර ගත්තේ විදුහලේ බාලිකා නේවාසිකාගාර භෝජනාගාරෙදි. එහි ගිය ගමන් මගේ හිතින් මගේ පාසල් අතීතයට ගියා. අලුත්වැඩියා කිරීමට නියමිතව තිබෙන ඒ නේවාසිකාගාර ගොඩනැගිල්ලෙ ඇති පහසුකම් දුටුවහම මට ඇතිවුණේ කනගාටුවක්. අපේ පාසලේ නේවාසිකාගාරෙ පහසුකම් මේ සමග සසඳන විට ඉහළ මට්ට්ටමක තිබුණු බවයි මගේ මතකය.


ආනන්දෙ නේවාසිකාගාරයේ පැරණි රසබර කතා ඇතුලත් ඉතා ජනප‍්‍රිය ලිපි මාලාවක් සති අන්න සිංහල පුවත්පතක පසුගිය දිනවල පලවුණා. එම ලිපි පෙලට පාසල් ලමුන්ගේ ඇතුලු බොහෝ දෙනෙකුගේ ප‍්‍රතිචාර ලැබුණු බව පෙනෙන්නට තිබුණා. කොහොම නමුත් කොළඔන් පිට නගරවල පිහිටි පාසල් වල නේවාසිකාගාර ජීවිතයත් ඒ තරම්ම හෝ ඊටත් වඩා රසවත් බව ප‍්‍රවීන පුවත්පත් කලාවේදියකු වගේම ලේඛකයෙකු වූ ගුණදාස ලියනගේ මහතාගේ මල්ලිගෙ විත්ති නම් පොත කියවූවහම දැනගන්න පුලුවන්. ඔහුගේ කතාවලට ප‍්‍රස්තූත වන්නේ හොරණ ශ‍්‍රීපාලි මහා විද්‍යාලයේ නේවාසිකාගාරයයි.   

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...