කොළඔ පොත් ප්‍රදර්ශණය
මෙවරත් පැවතුණා. නොයෙක් හේතු මත ඒ පැත්තට වත් යන්න බැරි වුණා. ඒත් එයට සහභාගී වුණු
හිතවතෙකුට කියලා අවශ්‍ය පොත් කිහිපයක් පමණක් ගෙන්වා ගත්තා. ගුණදාස අමරසේකර
කතුවරයාගේ “ධාතුසේන” සහ “සභ්‍යත්ව රාජ්‍යක්” කරා යන පොත් දෙක. (මේ
පොතට සුමනසිරි ලියනගේ මහතා පිලිතුරු පොතක් ලියූ බවත් මෑතදී කියවුණා.) පොඩි පුතාට
ආතර් සී ක්ලාක් ගේ රාමා උයන, පන්සලේ පොඩි හාමුදුරුවන්නමකට පොරොන්දු වූ පරිදි පොත්
තුනක්. ඒ පොත් තුන දෙන්න පන්සලට ගිය වේලේ ලොකු හාමුදුරුවන් සමග කතා කරන්න ඉඩක්
ලැබුණා.
හාමුදුරුවෝ සමග සාකච්ඡා කරන විට නිතරම වාගේ නොයෙකුත් බණ
කතාත් අහන්න පුළුවන්. ඉතා දැඩිව ශීලය රකින හාමුදුරුවන් නමකට බුදු හාමුදුරුවන්
කිව්වාලු ඒ තරම් දැඩිව කිරීම නෙමෙයි අවශ්‍ය කියලා. ශීලයෙන් සමාධියට යන ප්‍රමාණය
තමයි අවශ්‍ය කියන එකයි කියවෙන්නේ. ඒ වගේම සමාධිය අවශ්‍ය වන්නේ ප්‍රඥාවට යාම
සදහායි. දුන්නක් ඉතා වැර යොදා ඇද්දට වැඩක් වන්නේ නැහැ. ඉලක්කය ගැනීමයි වැදගත්
වන්නේ. උන්වහන්සේ මේක කිව්වේ වාරිමාර්ග සහ කෘෂිකාර්මික ඵලදායිතාව අතර මම නිතර කියන
උදාහරණය කිව්වහම ඒකට ඌනපූරණයක් හැටියට. ඒ කියන්නේ වාරිමාර්ග කරන අයට කාලයක් ගියාම
අමතක වෙනවා වාරිමාර්ග සියල්ල කරන්නේ කෘෂිකාර්මික පලදාව ඉහල නැංවීම අරමුණු කොට ගෙන
කියන එක. ඒ අනුව වාරිමාර්ග කාර්යක්ෂම කරන්න වෙහෙසෙනවා.
ඹය අතරේ කාර්යාල වැඩ ගැන කතාව යොමු වුනවිට විෂයානුබද්ධ
වැඩ වලට වැඩවලට අමතරව පරිපාලන වැඩ වලට විශාල වේලාවක් කැපකරන්න සිදුවීම ගැන
කතාවුණා. හාමුදුරුවන් කීවේ ඒවගේම පවුල් ආරවුල් ආදිය හන්දා මිනිසුන්ට පූර්ණ කැපවීමක්
රාජකාරිය සදහා යොදන්න බැරිවීම ගැන. රටක අවුල් වුනු පවුල් ප්‍රතිශතය වැඩි වුනහම ඒක
රටේ දියුණුවටත් බලපානවා. බටහිර බොහෝවිට සිදුවෙනවා යැයි කියන පරිදි මේ ප්‍රශ්න පැසව
පසැවා ඉන්නේ නැතිව හිත හොදින් කතා කර සෘජු තීරණ වලට ගියා නම් මේ තත්ත්වය අඩු වන්න
තිබුණා