Thursday, September 21, 2017

ජාතික සම්පත් විකිණීම තුලින් රටක් සංවර්ධනය කළ හැකිද?

ඊයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේදී පැවැත්වුණු සාකච්ඡාවක මාතෘකාව තමයි ඉහතින් දක්වා ඇත්තේ. ඒ වැඩසටහන නම් කර තිබුණේ critical circle කියා. මට මතක් වුනේ නෙදර්ලන්තේ ඉගෙන ගත් කාලයේ නේවාසිකාගාරයේ මුළුතැන්ගෙයක රැස්වෙලා අවිධිමත් ලෙස විවිධ මාතෘකා ඔස්සේ කළ කතා පසුව kitchen talks නමින් ප්‍රසිද්ධ මතවාද වේදිකාවක් බවට පත්වූ හැටි. පසු කාලීනව එයට ආචාර්ය මහාචාර්යවරුන්ද සමබන්ධ වුණා. ඔය අතරතුරේ වයින් බෝතල් කිහිපයකුත් හිස්වීම අනිවාර්යයි.

ඊයේ වැඩසටහනට ආවොත්, ඒක තිබුනේ විශ්ව විද්‍යාලේ canteen එකක. තරමක් විශාල ස්ථානයක් හන්දා loudspeakers යොදා තිබුණා. මාතෘකාව කාලීන සහ උනන්දුව ඇති කරනසුළු එකක් වුවත් හෙට පැවැත්වීමට නියමිත සයිටම් විරෝධී වැඩවර්ජනය මෙන්ම වැහිබර ගතිය වැනි සාමාන්‍යයෙන්ම පැන නගින හේතු හන්දා සහභාගිත්වයේ අඩුවක් දක්නට තිබුණා. මෙයට සහභාගිවුන අනෙක් කතිකයින් තුන්දෙනා අතරින් මගේ විශ්වවිද්‍යාල ආචාර්ය සගයා ඇරුනුවිට තරමක් වැඩිමහලු සමූපකාර පක්ෂය යැයි කියන පක්ෂයේ නායකයා සහ කාරක සභිකයෙක්. ඔවුන් සමග නිදැල්ලේ කතා කරමින් සිටින විට මට ඇතිවුනේ බියක්. (බිය ඇතිවුනේ මේ අය සමග සංවාද කරන්නේ කොහොමද කියා සීතීමෙන්) මොකද ඔවුන් කතා කරන්නේ ඇමරිකන් අධිරාජ්‍ය විසින් ලෝකයම ගිල ගන්නා හැටි සහ අපේ රටවල ජාතික රජය කියන ඒවා නැතිවී යන හැටි ආදී මාතෘකා. වැඩිවෙමින් පවතින ආදායම් විෂමතාව පිළිබද ඔවුන් දැක්වූයේ දරිද්‍රතාවයේ නව ප්‍රවනතාද සදහන් කරමින්. මේක කියන කොට මට මතක්වුනේ අපේ හිතමිත්‍ර ධම්මික බණ්ඩාරගේ දේශනයකදී (මතක හැටියට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කරපු සහ මේක අන්තර්ජාලයේ තියෙනවා) කියූ දෙයක්. ඒ තමයි රජසැප කියන එක කාලයෙන් කාලයට සාපේක්ෂයි කියන එක. ඒකාලේ සෙමෙර පවන් සැලීම ගැයුම්වැයුම් ආදිය රජ සැප. අද ඕනම පැලක පවා FAN එකක් ටී.වී හෝ අඩුගානේ RADIO එකක් තියෙනවා. ඒ කාලේ හැටියට නම් මේවා රජසැප තමා.


රාත්‍රී නමය පමණ වන විට මොරසූරන වැස්සක් වැටීම හෙතුවෙන් ටකරන් වහලෙන් යුතු කැන්ටිම ඇතුලේ LOUDSPEAKER හඞ පවා නෑසි ගිය නිසා අපට සංවාදය තරමක් අතරමග නවත්වන්නට සිදුවුණා. කොහොම වෙතත් මේ වගේ විශ්ව විද්‍යාල සිසුන් අතර සංවාද ඇතිවීම දිරිගැන්වීමට අවශ්‍ය කාරණයක්. අමතර පැය කිහිපයක් ඒ සදහා ගතවුනත් ඒ ගැන සතුටු වන්න පුළුවන්. මේක ආරම්භ කරපු ආචාර්‍ය ටියුඩර් වීරසිංහටත් මේ ගැන ස්තූතිවන්ත විය යුතුයි. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...