Monday, December 18, 2017

නත්තල්







ඝර්ම කලාපීය රටවල අය ශීත සෘතුවට බොහොම ප්‍රියයි වගේ. දෙසැම්බර් මාසෙ වනවිට වෙළඳ ප්‍රචාරන කටයුත්තක් වශයෙන් හෝ නගරයේ බොහෝ ආයතන වල සීත සෘතුව පෙන්නුම් කරන සංකේත දකින්නට පුළුවන්. හිම, පිනිමුවන්, නත්තල් ගස් සහ නත්තල් සීයා ඒ අතර ප්‍රධානයි. සීත රටවල අයත් ශීත සෘතුවට ප්‍රිය බව සිතන්නට කාරනා තියෙනවා. විශේෂයෙන් ළමයින් හිම ක්‍රීඩා වලට ඉතාම ලැදියි. බොහොම කාලයකින් ශීත සෘතුවක් විඳින්නට ලැබුනේ නැහැ. පසුගිය දෙසැම්බර් මාසේ ශීත කලාපික රටක් ගතකරන්නට ලැබුනත් ඒ දක්ෂිනාර්ධ ගෝලයේ හන්දා එහිදී ගත කළේ ගිම්හානය. රටවල් කිහිපයකම ශීත සෘතූන්වල අඩු වශයෙන් දින කිහිපියක් හෝ ගත කරන්නට ලැබීම හන්දා එකක් කියන්නට පුළුවන්. එනම් ශීත කාලය කියන එක එක් එක් රටට අවේනිකයි කියන එක.
පසුගිය දිනවල බණ්ඩාරවෙල පැත්තට තදින් ශීතල බලපෑ බව මට දැනගන්නට ලැබුණා. පසුගිය දිනවල ඇතිවූ පීඩන අවපාතයත් ඒකට හේතු වන්නට ඇති. අප කුඩා කාලයේ දෙසැම්බර් මාසයේ දියතලාව, හපුතලේ හෝ බණ්ඩාරවෙල  ගිය විට අධික ශීතලට මුහුණ දෙන්න වුණා. ස්විටරයක් නැතිව එලියේ ඇවිදින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඝනකම ඇති බ්ලැන්කේට්ටු එකක්වත් නැතිව රෑට නිදාගන්නට බැරි වුණා. ඒත් පසුකාලෙක මේ සීතල ක්‍රමයෙන් අඩුවී ගිය බව බොහෝදෙනා කියනවා.
යුක්රේනයේ පවා අප එහි සිටි 80 දශකයට සාපේක්ෂව ශීත කාලය දැන් දරුණු නොවන බව මට කීවේ එහි ජීවත් වන අපේ හිත මිතුරෙක්. ඒ කියන්නේ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහල ගිහින් කියන එකද?

මේ සටහන ලියලා සුමාන දෙකක් විතර ගියා. අළුතෙන් එයට එකතු වෙන්න දෙයක් නැති පාට හන්දා මෙය දම්නන හිතුවේ.    

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...