කාලෙකින් සටහනක් තබන්න බැරි වුණේ අවිවේකය
හන්දාම නොවෙයි. කොහොම වෙතත් දේශපාලනය හැරුණාම වෙන දෙයක් ගැන හිතන එක හොඳයි වගේ. අද
දීපවාලී හන්දා නිවාඩු. ඒ හන්දා ගෙදර නැවතිලා අතපසුවූ වැඩ කිහිපයක් කරන්නට
හැකිවුණා.
අවුරුදු ගණනාවකට පස්සේ ප්‍රවෘත්ති පත්‍රයකට
ලිපියක් ලියන්නට හැකිවුණේ සුමාණ දෙකකට පෙර. එය කියවා ඒ ගැන කිහිප දෙනෙක්ම අදහස්
දැක්වූවා. ඒ ගැන උනන්දුවක් තිබෙන අය සිටීමත් සංතෝෂයක්. ඒ අතරින් අනුරාධපුරයේ දී
මගේ ආයතන ප්‍රධානියා සහ මගේ පමණක් නොවෙයි අපේ බොහෝ සගයන්ගේ “ගුරු“ (දැනට විශ්‍රාම සුවයේ
පසුවන) මේ ගැන ලියා එවා තිබූ අදහස අලංකාරයි.
Very insightful, beautifully crafted,
Lessons can learn are ............I am so happy. Hey man, I so this budding
capabilities of you 20 years ago. so I gave you freedom to innovate and thought
to train you further. I am extremely happy about you. What I invested 20 years
ago flowering to giving fragrance across
the country............
ඔහුට ගෞරවයක් වශයෙන් මේ ටික නැවත සටහන් කළේ.
එහෙම අවංකව සතුටුවන සහ ගෝලයන්ට මග පෙන්වන රජයේ සේවකයින් සිටීම ඒ තරම් සුළභ
සිද්ධියක් නොවන හන්දායි මේ ටික ලියුවේ. අනෙක් දේ තමයි මේ වගේ පුංචි දෙයක් බලලා
වුනත් සතුටු වන්න පුළුවන් වීම.
ඉස්සර සමාජයේ කවි කොළ කලාව කියා දෙයක් ප්‍රචලිතව
තිබුණු බව ප්‍රසිද්ධයි. 70 දශකය වනවිටත් මේ කලාව වියැකී ගිහින්. එහෙත් රයිගම්
කෝරළය වගේ ප්‍රදේශ වල මේ කලාවේ අල්පමාත්‍රයක් හෝ රැඳී තිබුණු බවට සාධක තිබෙනවා. (පසු
කාලෙක කවිකොල මොඩනයිස් වෙලා කැසට් පට හරහා බයිලා ලෙස ආවයි කියළා සිතන්නට පුළුවන්.)
හොරණ බස්නැවතුමේ කවිකොල කාරයෙක් උස් හඬින්
කියමින් විකුණු කවි කොලයක කවි අපේ බාල සහෝදරයෙකු මතකයෙන් ගෙදර ඇවිත් කියූ හන්දා
අපටත් එය කටපාඩම්.
මංගල මුණසිංහ අම්මපා පුදුම සතා
රිංගුවා ආණ්ඩුව ඇතුලට නොකර කතා
මේ එහි එක් කවියක කොටසක්. ඒ කියන්නේ පැනිල්ල
පටන් අරන් තියෙන්නේ අනාදිමත් කාලෙක පටන් කියන එකයි. (කොල කවි කාරයාත් කවියේ
සුගමභාවය, එලිසම ආදිය ගැන දක්වා ඇති සැළකිල්ලත් අපට දකින්නට පුළුවන්.)
No comments:
Post a Comment