සමහරවිට වැඩ අඩු වූ විටත් අවිවේකි වෙනවා.
කොරෝනා උවදුර නිසා වසා තැබූ ආයතන දැන් සෑහෙන්න තරම් දුරට යථා තත්ත්වයට පත් වෙලා.
පාරවල් නැවතත් ජනාකීර්ණ සහ තදබද වෙලා. කාර්යාලයට එනවිට බොහෝ වෙලාවට casual ඇඳුමකින් එන්න පසඅගිය
ටිකේ පුලුවන් කම තිබුණා. දැන් ටිකෙන් ටික පරණ තත්ත්වයට යනවා. ඇත්තටම කිව්වොත්
තාවකාලිකව ඇති වූ ඉහත වෙනස්කම් නිසා ජීවිතේ වඩාත් පහසු වුණා. එයින් හැකි දේවල්
දිගටම පවත්වා ගෙය යාමට හැකිනම් හොඳයි.
අන්ද්‍රේ ෂිද් Andre Gide නම්වූ නොබෙල්ත්‍යාගලාභී
සාහිත්‍යකරුවාගේ පොතක සිංහල පරිවර්තනයක් කියවන්නට ලැබුණා. Pastoral
Symphony නම් එම නවකතාව
මණ්ඩාවල පඤ්ඤාවංශ හාමුදුරුවන්
විසින් ප්‍රංශ බසින් සිංහලයට නගා තිබෙනවා සාධු සංන්ධ්වනිය නමින්.
සති අන්තයේදී පරන සිංහල චිත්‍රපයටක DVD එකක් බලන්නට ලැබුණා. ඒ
තමයි මොනරතැන්න. ඒ හැත්තෑව දශකයේ පමණ ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය වූ නාට්‍යයක්. සඳා සහ පියසෝමගේ
කතාව. මාතර උප සංස්කෘකිය මුල් කර ගෙන ලියවුණු කතාවක්. රජ්ජුරුවෝ, බිසෝ, හිච්චි
හාමිනේ, හුරතලා, හතා මහත්තයා ආදී මෙහි එන චරිත මිනිසුන්ගේ හදවතට ඉතා සමීප වුණා. ජනප්‍රියත්වය
වැඩි හන්දාම සමහර තැන්වලදී කෘත්‍රිමව දිග් ගස්සාගෙන ගිය ගුවන්විදුලි නාට්‍යයක්
චිත්‍රපටයකට නැගීම අභියෝගයක්. එතකොට Cinematography අඩු වෙනවා. ඒ කොහොම වුනත් සඳා සහ පියසෝම ලෙස
රඟපාන මාලනී ෆොන්සේකාත් විජය කුමාරතුංගත් චිත්‍රපටයට අලෝකයක් ගෙන එනවා. ඒ සියල්ල
පරදන්නේ එහි එන සෙවනේ කුඹුක් සෙවනේ නම් ටී එම් ජයරත්න සහ ඇන්ජලීන් ගුණතිලක ගයන මියුරු
ගීය.