Thursday, October 24, 2013

1.   සඳරැස් වතුරේ
කොළඔ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මග ලංකාවේ වඩාත්ම සුන්දර දුම්රිය මගයි. කඳු බෑවුම්, කැලෑ, දියඇලි, සරුසාර තේ වතු ආදිය පසුකර යන මග දෙපස රමණීය දසුන් එමටයි. ඒ ගමනේ දී අලංකාර පාලම් වගේම බිංගෙවල් ගණනාවක් හමුවෙනවා. මේ මාර්ගයේ මා වඩාත්ම ප්‍රියකරන කොටස නානුඔය සිට හපුතලේ දක්වා කොටස. දුම්රිය මාර්ගයට ආසන්නයෙන් ඇති හෙල් වැටි වලින් වෑස්සෙන සීතල දියබිඳු කවුළු තුළින් අපේ ඇඟටත් වැටෙනවා. රේල් පාර අද්දර දිගටම කුඩා කහ පාට මල් පිපී තිබෙනවා දකින්න පුළුවන්. අවුරුදු තුනක පමණ කාලයක් උඩරට සේවා ස්ථානයක වැඩ කරන කාලයේ බොහෝවිට රාත්‍රි තැපැල් දුම්රියෙන් සති අන්ත නිවාඩුවට  මම කොළඹ බලා ආවා. එවැනි රාත්‍රියක මා සිටි මැදිරියේ තරුණයින් කණ්ඩායමක් ගමන් කළා. මගීන් හට කරදරයක් නොවූ ඔවුන් ඉතා මිහිරි ගීත ගායනා කළා. එදා සඳපහන් රාත්‍රියක්. තද ශිත සුළං දුම්රිය කවුළු හරහා විත් ඇ‍‍‍‍ඟේ වදිනවා. පට්ටිපොළ හරියේ එළවළු ගොවිපළවල් හරහා දුම්රිය ඇදෙන විට ඔවුන් ගායනා කළේ ප්‍රවීන ගායක සී. ටී. ප්‍රනාන්දුගේ “ලෝ අඩ නින්දේ” ගීතය. අවට පරිසරයත් එක්ක ගීතයක වචන හරියටම සමපාත වෙනවා මම හොඳින්ම දැක්කේ එදායි.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...