පසුගිය සති
අන්තය මහ ගෙදර ගතකරන්නට ලැබුණා තාත්තාගේ දාන පිංකම හන්දා. රැයක් නිදිවරලා දානේ
උයළා, (දානේ උයන අයට නින්ද යාම වැලැක්වීමට වල්පල් කියවලා.) නෑදෑ හිතවතුන් සමග දානය
පූජා කිරීම සිත පහන් කරනවා. පුංචි කාලෙදි එහෙම නැත්නම් ඉස්කෝලෙ යන කාලේ දානේ
ගෙදරක් මගුල් ගෙදරක් වුනාම අපි විශාල මිහිරක් වින්දා. රස කෑම බීමත්, උදව්වට එන
නෑදෑ නොනෑදෑ ගෑනු ලමයිනුත් අපේ නිදිමත නැතිකරන උත්තේජක වුණා. ගැහැණු ළමයි චිත්‍රපටයේ
මේ වගේ නව යොවුන් හැගීම් ඉතා හොඳින් නිරූපනය කර තිබුණා. එහි නිමල් කුසුම්ට තම ආදරය මුලින්ම ප්‍රකාශ කරන්නේ
නිමල්ලාගේ ගෙට ගෙවදින පිරිත් දවසේ. වචනයෙන් කියන්නට බැරි, මේ අවස්ථාවේ තරුණ හිතක
ඇති වන හැගීම් හොඳින් නිරූපනය කරන්නට සුමිත්‍රා පීරිස් මහත්මිය සමත්වී
තිබුණා.
දානෙට වැඩිය
ලොකුහාමුදුරුවන් කිව්වේ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවන් වුණු, කලින් සිටි නායක හාමුදුරුවන්ගේ
කාමරේ තිබුණු
ඡායාරූප දෙක අතුරින් එකක් අපේ තාත්තාගේ බවයි. මේ කියන්නේ 1940-50 වගේ කාලේ වෙන්න
ඹ්නා. අපේ තාත්තාත් ලොකුහාමුදුරුවන් අතර තිබුණු බැඳීම ඒකෙන් පෙනෙන්නේ.
ලොකු හාමුදුරුවන් හා සිසු හාමුදුරුවන් අතර තිබුණු ගෞවරවයත් බැඳීමත් ඒ වගේමයි. පොඩි
හාමුදුරුයන් විශ්ව විද්‍යාලයට ගිහින් පශ්චාත් උපාධිධරයකු වුනත් බහුශුත බවින් ඉහල
සිටිය ලොකු හාමුදුරුවන් සමග ගැටීමක් ඇතිවුණේ නැහැ. දැන් නම් තත්ත්වය වෙනස්වෙලා
වගෙයි. අළු යට ගිනි තිබෙනවා වගෙයි පෙනෙන්නේ. කොහොම වුනත් පංසලේ පොඩි හාමුදුරුවන්
එක්ක රටතොට සහ ආර්ථිකය ගැන කතා කරන්න ලැබීම හොඳයි. එතුමන් ඉන්නේ අපි
හිතනවාට වඩා හුගාක් ඉදිරියෙන් බව කියන්නම ඕනා.
No comments:
Post a Comment