Friday, May 20, 2016

එහෙත් හරි වැස්ස

පසුගිය සතිය ගතවුනේ වොෂින්ටන් නුවර. මේ දිනවල කොළඔ පවතින වැසි අඳුර එක්ක මේ නගර දෙකේම පරිසරයේ වැඩි වෙනසක් දක්නට තිබුනේ නැහැ. එකම දේ ඇමරිකාවේ උෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් අංශක දොලහක පමන පැවතීමයි. අපි යද්දි අබුඩාබි නැවතිලා රුසියාවට උඩින් පියාසර කළා. කසාන්, ක්‍රෂ්නදාර් සහ රස්ටොප් යන හුරුපුරුදු නගර සහ ඉස්සර නිසලව ගලා ගිය දොන් නදිය පහතින් දකින්නට ලැබුණා. ඒත් බහින්නට පුළුවන් කමක් නෑ. අපි නැවතිලා හිටියේ වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ග්ටන් කියන කවුන්ටි එකේ තිබුනු Hyatt හෝටලයේ.

පසුගිය දින කිහිපයේම ඇද හැලුනු වර්ෂාව හන්දා හැමතැනම ගංවතුර ගලලා පාරවල් යටවෙලා ගෙවල් කැඩිලා ආපදාවන් ගොඩයි.කෑගල්ල රත්නපුර පැතිවල නාය ගිහින්. හංවැල්ල, මීගමුව, දිවුලපිටිය වැනි නගර වලත් පාරවල් යටවෙලා. බොහෝ දෙනෙක් විපතට පත් වෙලා.


සතියක් කාර්යාලෙත් ගෙදරත් නැති වුනහම වැඩ ‍ගොඩ ගැහෙනවා. ඒක හදා ගන්න තව සතියක් යයි. ඇමරිකාවේ සිටිය සතිය තුලදී මම කලිනුත් ලියා ඇති පරිදි පාර තොටේදී සහ අනෙකුත් පොදු තැන්වලදී දක්වන ආචාරශීලිත්වය අත්දකින්නට ලැබුණා. අපේ රටට සාපේක්ෂව ගත්තහම ලෝකයේ බොහෝ රටවල මිනිසුන් ආචාරශීලිව හැසිරෙනවා. ඉස්සර අපේ ගම්වල උදවිය අතරේ නම් එහෙම ආචාරශීලිත්වයක් තියෙන්න ඇති බවට සළකුනු අපි ඒ කාලේ දැක්කා. එකිනෙකා පරයා යන තරගයකට එළඹුන දා පටන් මේ ගුණධර්ම වියැකී යන්න පටන් ගත්ත වගෙයි පෙනෙන්නේ. ඒවා පහලින් ඉහලට හැදෙන ක්‍රමයක් නැහැ වගේ. ඒ හන්දා ඉහල සිට පහලටවත් හදන්න අවශ්‍යයි. 


No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...