Sunday, May 22, 2016

P.S.

ඊයේ ලියු දෙයට පසුවදනක් හැටියට මෙය ලියන්නේ. මොනොලොග් එකක් හේතුවෙන් අනෙක් අයගේ අදහස් මෙහි පිළිඹිඹු නොවුනත් බොහෝ දෙනෙක් මගේ අදහසට එක නොවන්නත් ඇති. මම කිව්වේ (මහපාරේ) විනීතකම ගැන මා ලියූ දේවල්. ඊයේ facebook එකට ගොඩවෙලා වොෂින්ටන් පින්තූර කිහිපයක් දැම්මා ඒවට ලයික් වගේම කොමෙන්ට් කීපයකුත් ලැබී තිබුණා. ඒ අතරතුරේ යහලුවන් කිහිපදෙනෙක්ගේ සටහන් කිහිපයකින්ම කියවුනේ අපේ රටේ මිනිස්සු කොයිතරම් සංවේදීද කියන එක. දැනට ලංකාවේ ජීවත් වන තුර්කි ජාතික කාන්තාවක් ලියපු සටහනක් උපුටා දක්වපු යහලුවගේ සටහනේ තිබුනේ ඇයට මේ වගේ කිසිම රටක් හම්බවුනේ නැතිබවයි. සුපර්මාර්කට් වල වියළි ආහාර රාක්ක හිස්වී ඇත්තේ විපතට පත් අයට යැවීම සහා බව බොහෝ දෙනෙක් ලියා තිබුණා. විපතක් වුනහම එහෙම උදව් කරන එක බොහෝවිට දකින්නට පුළුවන්. මාධ්‍යත් මේකට බද්ධවී ඇතිවා පමණක් නොවෙයි එය තරගයක් තරමට තියුණු වෙලා. ඒක එක්තරා රැල්ලක් වගෙයි පෙනෙන්නේ. කොහොම වුනත් අවසාන ප්‍රතිඵලය නරක නැහැ. අවසාන පරමාර්ථ මොනවා වුනත්. බුද්ධාගමත් මෙයට බලපා ඇති.

ආයිත් ඇමරිකාවට ගියොත් කොරියන් යුද්ධයේ ස්මාරකය සහ වියට්නාම් යුධ ස්මාරක බලන්න අපි ගියා. අපේ මගපෙන්වන්නිය ලතින් ඇමරිකානු සම්භවයක් සහිත එහෙත් ඇමරිකානු සුදු ජාතිකයකු හා විවාහ වූ අයෙක් බව කිව්වා. කෙසේ වෙතත් ඇය ඇමරිකානු පුරවැසියෙක්. ඇය මේ ස්මාරක ගැන ඇය කළ විස්තරය වඩා විෂය මූලිකයි. ඒ ඇතුලේ පොඩි ස්වයං විවේචනයක් තිබුණා.(මෙය Average ඇමරිකානු ජාතිකයකුගේ හැඟීමදැයි මා දන්නේ නැහැ.) විශේෂයෙන් වියට්නාම් යුද්ධය පිළිබව. කෙසේ වෙතත් දකුණු කොරියන් වැසියන් තවමත් ඇමරිකාවට ස්තූතිවන්ත වන බව කියන්න ඇය අමතක කළේ නැහැ. ඒ ඇය සමාන්‍යෙයන් සංචාරකයන් සහා කරන ආකාරයම තමා කියා අපට තේරුනේ. පෙන්ටගනයට ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදීත් ඇය ඒ අසල සංචාරක කණ්ඩායමක් සමග සිටි බව ඈ කීවා.


කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වෙන ස්ථානයේ පරීක්ෂාවෙන් පස්සෙයි මම දැක්කේ ඊට අල්ලපු කවුන්ටරයේ ඉන්නේ අප සමග කලින් දෙපාර්තමේන්තුවක වැඩ කළ සගයෙක් බව. ඹහු දැක්කේ අවුරුදු ගානකට පස්සේ. පළමු වතාවටයි මම දැක්කේ ඹහු නිල ඇුමෙන් ඉන්නවා. මම යන ගමන් ඹහුට හායි කිව්වේ රාජකාරියට බාධා කිරීම හො නැති නිසා විතරක් නෙමෙයි. ඹහුගේ සේවය බලාපොරොත්තුවෙන් සිටිය පෝලිම බොහෝ දිග හන්දා. එහෙත් ඹහුට ටිකක් කතා කරන්න උවමනාව තිබ්බා. මම ඹහුව ගනන් ගත්තේ නැහැ කියළා ඹහු සිතුවාද මන්දා? මට ඒක ඒ වෙලාවේ අමතක වෙලා ගියත් දැන් ආයිත් මතක් වුනා. සමහර තැන් වලදී සීමාව සොයා ගන්න තරමක් අමාරුයි. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...