Wednesday, January 25, 2017

රැකියා පොල

අපේ රටේ විරැකියා අනුපාතිකය සියයට පහට අඩු මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. කොහොම වුනත් දල දේශීය නිෂ්පාදිතයේ සියයට 10 ක් පමණ නියෝජනය තරන කෘෂිකාර්මික අංශයේ නියුක්ත වන ප්‍රමාණය ශ්‍රම බලකායෙන් සියයට 30 ක් පමණ වෙනවා. ඉතින් කොහොමටත් අපේ රටේ රැතියා නියුක්තිකයන්ගෙන් බොහෝ දෙනෙක් ඌන සේවා නියුක්තිකයන් බව සිතන්න පුළුවන්. විහේෂයෙන් වී ගොවීන් ගත්තහම seasonal විදිහට තමයි රැකියාවේ යෙදෙන්නේ. මේ හන්දා ඉහල ආදායම් සහිත රැකියා තව තවත් අවශ්‍යයි. කලිනුත් ලියුවා වගේ ඇළුම් කර්මාන්තා ශාලා ඇතුළු බොහෝ කර්මාන්ත ආයතන වල ඇබෑර්තු විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

කුරුනෑගල අවට ඇති අපනයන ආර්ථික කලාප අනෙකුත් ආයතන වල ඇති ඇබෑර්තු පිළිබ රැකියා විරහිත තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ ආයතන වලට අදාල තරුණ තරුණියන් හමුවෙලා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අවස්ථාවක් දීමට කුරුනෑගලදී රැකියා පොලක් පැවැත්වීමට තීරණය වුණා. පෞද්ගලික අංශයට නිවාඩු දවසක් වුනු ඉරිදා දවසක් මේ සහා යොදා ගත්තේ. මේ සහා අදාල නිලධාරින් සහ පෞද්ගලික අංශය සමග සාකච්ඡා වට කිහිපයක් තියන්න වුණා.

මේ නිමිත්තෙන් මුද්‍රිත, රූපවාහිනි මෙන්ම බැනර්, කටවුට් සහ loudspeakers හරහා ප්‍රචාරයක් ‍දෙන්න කටයුතු යෙදුවා. ඊට අමතරව පැමිණෙන තරුණ තරුණියන් හට මෝල්ට් පානයක් පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් ලබා දෙන්න කටයුතු යෙදුවා. ඊට අමතරව මේ අවස්ථාව brand කරන්න අවශ්‍ය හන්දා විශේෂයෙන් මුද්‍රනය කරපු කාබන් පෑනක් සහ කෙටි ආහාරත් දෙන්න කටයුතු යෙදුවා. කුරුණෑගල විශාල දිස්ත්‍රික්කයක් හන්දා ඈත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් එන අය සහා නොමිලේ බස් සේවාවක් දැම්මා. මීට අමතරව සහභාගී වූ නිලධාරින් හට දිවා ආහාර, වගේම ලියාපදිංචි කිරීමේ කටයුතු, ශබ්ද විකාශන කටයුතු ආදී වැඩ බොහොමයක් සංවිධානය කර ගන්න සිදුවුණා. අමාරුම වැඩේ තමයි විරෝධාකල්ප පමණක්ම ඇතිව එන නිලධාරින් හසුරුවා ගැනීම.

මේ හන්දා පසුගිය සෙනසුරාදා අපට කුරුණැගල යන්නත් රාත්‍රිය එහි ගත කරන්නත් සිදුවුණා.සෑහෙන තරම් මහන්සිවී සැලසුම් කරගත් හන්දා පොල සාර්ථකව පවත්වන්නට හැකිවුණා. කොයිතරම් දෙනෙක් රැකියා ලබා ගත්තාද කියා බලන්න වන්නේ දෙවනුවයි.ආපු ලමයින්ගෙන් බොහෝ දෙනෙක් අලුත උසස් පෙල කරපු අය වගේ තමයි පෙනුනේ. එහෙම ලමයෙක්ව unskilled labour රස්සාවකට හිර කරන එක පාපයක්. ආර්ථික ප්‍රශ්න හන්දා හෝ බැරිම ළමයෙක් එහෙම ගියත් on the job training හරහා ඉහලට යන්න අවස්ථාවක් සලසන්න අවශ්‍යයි. මේ බව බොහෝ කර්මාන්ත වලට අප දැනුම් දුන්නා. ළමයින්ගේ ඉගෙනීම් කටයුතු සහා පහසුකම් සහ අවසර ලබා දෙන ලෙස.


වැඩ සියල්ල ඉවර වෙලා අපේ පාසල් නේවාසිකාගාරයේ සගයකු වූ ප්‍රවීන ගීත රචක ධම්මික බණ්ඩාරයනුත් හමු වෙලා සතුටු සාමිචයේ යෙදෙන්න අවස්ථාවක් ලැබුණා. අපි හමු වුණේ අවුරුදු විස්සකටත් පස්සේ. 

Saturday, January 14, 2017

Cost of doing business

ගමේ කඩමණ්ඩියේ වුනත් කාලයක් තිබුණු කඩ වලට අමතර කඩයක් කවුරු හරි පටන් ගත්තොත් අර පරන කඩ මුදලාලිලා අලුත් කඩයට කචල් දානවා. මොකද එතකොට ඒ ගොල්ලන්ගේ ඒකාධිකාරිය තියා ගන්න බැරි වන හන්දා. නගරවලට ගියාම තත්ත්වය වෙනස් වන්නට පුළුවන්. ඒ ඒ නගරවලට ආවේණික බලපුලුවන්කාරයින් විසින් කප්පම් ගැනීම් ආදිය තියෙනවා. මේ වගේ ව්‍යාපාර කරගෙන යාම සදහා මෙකී නොකී විවිධ ආකාර වල සැවුනු වියදම් තියෙනවා.

පසුගිය දවසක චීන ආයෝජකයෙක් හමුවුණා. ආයෝජකයා ඉංග්‍රීසි කතා කරන්නේ නැති හන්දා ඹහුගේ කළමණාකරුත් එක්ක ආවේ. ඹහු චීන ජාතික තරුණයෙක්. හොදින් ඉංග්‍රීසි බස හසුරුවන්න පුළුවන්. ඔවුන් හොරණ පැත්තේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනවා. එහි නිෂ්පාදනය කරන්නේ ලීයෙන් කළ පොළවට අල්ලන ටයිල් වගේ material. දැන් ඹවුන්ට එම කර්මාන්ත ශාලාව පුළුල් කර ගන්නට ඹ්නා වෙලා. එහෙත් ඒ සහා ඉඩම් ගන්න නම් නැවත ආයෝජන මණ්ඩලයෙන් ඉඩම් වෙන්දේසි කරන තෙක් බලා සිට ඉල්ලන්න ඹ්නාලු. මම කිව්වේ දැනට ඉන්න ආයෝජකයන් හට එහෙම කියන එක අසාධාරනයි කියන එක. ඒ අයට තම කර්මාන්තය පුළුල් කර ගැනීමට අවශ්‍ය ඉඩම් තරගයකින් තොරව ලබා දීම අවශ්‍යයි. ඒ සහා අවශ්‍ය පියවර ගත්තත් ඒවා නීති බවට පත්කිරීමයි අවශ්‍ය. මෙම තරුණයා කිව්වේ ලංකාවට ආපු බොහෝ චීන ජාතික ආයොජකයින් ආපසු හැරී ගිය බවයි. එයට විවිධ කාරණා හේතු වූ බව ඹහු කීවා. උදාහරණයක් ලෙස ඹවුනට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දීමේ කොන්ත්‍රාත්තු යම් යම් බලපුළුවන් කාරයින අතට ගැනීමට ගත් උත්සාහයන් වගේම කප්පම් වගේ දේවල් සහ මෙකී නොකී දේවල්. ඉතාම කාර්යබහුල වෙලාවක පැමීනි හන්දා මට වැඩි වෙලාවක් කතා කරන්නට ලැබුණේ නැහැ. නමුත් ඹහු පොරොන්දු වුනා ල දිනයකදී රෑ කෑමකට හමු වෙමු කියා. එතකොට සියළු විස්තර කියන්න ඹහු පොරොන්දු වුණා.

ගිය සතියේ හමුවුණේ ඉන්දියන් ජාතික ආයෝජකයෙක්. ඹහුගේ ව්‍යාපාරය සුන්බුන් යකඩ එකතු කර උණුකර යකඩ කූරු ආදිය නිපදවීමේ කර්මාන්තයක්. ඹහුගේ කතාවත් පෙරකී ආයෝජකයාගේ කතාවට සමානයි. හැබැයි එය වඩාත් දුරදිග ගිය කතාවක්. කොහොම වුනත් මෙම නිෂ්පාදනයේ අතුරුපලයක් ලෙස ඇතිවන slag ටොන් ගානක් ඹහුගේ කර්මාන්ත ශාලා බිමේ ගොඩ ගැහිලා තියෙනවා. මේවා නිසි පරිදි අපහරනය කරන්න අවශ්‍යයි. නැත්නම් විශාල පාරිසරික ප්‍රශ්ණ ඇතිවන්නට පුළුවන් අපේ නිලධාරිනුත් ඒ සම්බන්ධ කිසිම පියවරක් අරගෙන නැහැ. අවුරුදු පහලොවක් තිස්සේ ඹවුන් මේ කාර්යය කරගෙන යනවා. බලපුළුවන්කාරයින් හට එක නොවීම හන්දා මේ ප්‍රශ්න ඇදලා ඹහුගේ බලපත්‍ර අවලංගු කර ඇති බවයි ඹහු කිව්වේ.

ආයෝජන ප්‍රවර්ධනය කරන්න කියළා දිරිගැන්වීම් ආදිය දීලා අවශ්‍ය අනුමැතීන් කඩිනමින් ලබා දෙන්න අප ‍කොතෙක් උත්සාහ කලත් මේ වගේ ප්‍රශ්න හන්දා අයෝජන ආපසු හැරී යනවා. අර චීන ජාතික තරුණයා කීවේ ආයෝජන ප්‍රවර්ධනය කරන්න නම් ලංකාවේ හොින් කරගෙන යන ආයෝජකයින් කිහිප දෙනෙක් ලව්වා ඹවුන්ගේ හොද අත්දැකීම් ඒ ඒ රටවලට ගිහින් ඉදිරිපත් කලොත් සෑහෙන ප්‍රථිඵල ලබා ගන්නට පුළුවන් බවයි. 

Thursday, January 5, 2017

මෙවලම් මොකටද මෙතරම්

ඊයේ පෙරේදා දවසක ගමේ ගිය වෙලාවේ හාමුදුරුවන් හමුවුණු බව මා කලින් ලියුවා. මම ඒ වෙලාවේ උන්වහන්සේට විස්තර කළා මෑත දිනයකදී අප කළ ක්ෂේත්‍ර චාරිකාවකදී අත්දුටු දේවල්. අපි ගියේ කුරුණෑගල අවට පිහිටි නිදහස් වෙළද කලාප දෙකකට. මේවා ඒ තරම් ලොකු කලාප නොවෙයි. අක්කර 50 -100 වගේ ඒවා. දැනට කර්මාන්ත ශාලා 10 -15 ක් පමණ පිහිටා තියෙනවා. මේවායේ පවතින ප්‍රධාන ප්‍රශ්ණය තමයි පවතින පුරප්පාඩු පිරවීමට නොහැකි වීම. උදාහරණයක් හැටියට ඇඟළුම් කර්මාන්ත ශාලාවල machine operator තනතුරු වල විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. මේවාට විශේෂයෙන් තරුණ තරුණියන් එන්න මැලිකමක් දක්වනවා. එයට විවිධ හේතු බලපාන බව පේනවා. එකක් තමයි වැටුප් ප්‍රමාණය මදි වීම. අනෙක් එක මේ වගේ රක්ෂාවකට රටේ ඇතිවී තිබෙන ප්‍රතිරූපය. විශේෂයෙන් ගැහැණු ළමයින්ට එය බලපානවා. මා කලිනුත් ලියා ඇති පරිදි බොහෝ දෙනෙක් විවාහ වීමෙන් පසු රක්ෂාව නවත්වනවා. එක් අතකින් මෙය සහකරුවකු සොයා ගැනීමේ මාධ්‍යයක්. ඊට අමතරව රක්ෂාවේ ඉහලට යන මගක් නොපෙනීමත් හේතුවක්. පවුල් බැදීම් නිසා ගෙදරින් ඈත්වීමට ඇති අකමැත්තත් හේතුවක් බව පේනවා.

අදාල කම්හල් වල මානව සම්පත් කළමණාකරුවන් හමුවූ වෙලාවේ මෙයට විසඳුම් ගැන සාකච්ඡා වුණා. එක ක්‍රමයක් තමයි පුළවන් තරම් mechanized නැත්නම් automate කරන එක. එය වියදම් අධිකයි. තවත් ක්‍රමයක් තමයි cluster ක්‍රමයකට ගිහින් outsource කරන එක. බංග්ලාදේශ් වල pharmaceuticals  පවා cottage industry එකක් හැටියට පවත්වා ගෙන යන බව අහන්නට ලැබෙනවා.  ජපානයේ කාර් නිෂ්පාදනයෙදීත් මෙය භාවිතාවන බව අප දැක්කා. ඉන්දියාවේ බස්රථ නිෂ්පාදනයෙදීත් මේ ක්‍රමය යොදා ගෙන තියෙනවා. හමු වුණු කළමණාකරුවන් කිව්වේ ඇඟලුම් සඳහා quality ප්‍රශ්ණ මත එය අමාරුයි කියළා.  ඇඟලුම් සඳහා එය කරන විදිහ අපටම සොයා ගන්න වෙයි. මේ විකල්ප වලට ගියේ නැත්නම් අපිට ක්ෂේත්‍රෙය් ඉන්න බැරි වෙයි.


මෙවලම් නැත්නම් යාන්ත්‍ර සූත්‍ර භාවිතය අපේ ජාතික පුරුද්දක් නොවේද මන්දා. හාමුදුරුවන් කිව්වේ උන්වහන්සේගේ සහෝදරයා පොඩියට ආරම්භ කරපු පාන් පෝරණුව ඇල්මැරී තියෙන කාලේ උන්වහන්සේගේ උපදෙස් මත යාන්ත්‍රීකරණය කිරීමෙන් පසුව ලොකු දියුණුවක් ලබපු බවයි. ඊයේ පෙරේදා ප්‍රවෘත්තියක කියවුණේ භාර දානයක් දෙන කතාවක්. එයට අනුව ගැබිනි මව්වරුන් කැඳවලා ඹවුන්ගේ බරට සරිලන කිරිපිටි, වියළි ආහාර ආදිය ලබා දෙනවා. ඒක කළේ විශාල තරාදියක් කඹ වලින් සාදා එක පැත්තක මව වාඩි කර අනෙක් පැත්තට ආහාර දැමීමෙන්. සමහර වෙලාවට බර වැඩිවෙලා මව උඩ යනවා. ටිකක් එහා මෙහා වුනොත් ගැබිනි මවුවරුන් බිම වැටිලා ලොකු කරදරයක් වෙන්නත් තිබුණා. ගමේ හැම ක්ලිනික් එකකම කරන විදිහට බිම තියෙන තරාදියෙන් මවගේ බර කිරා, බඩු කිරන තරාදියකින් අදාල ප්‍රමාණයට භාණ්ඩ දෙන්න තිබුණා වගේම එය පරිස්සම්. අපි අපේ අවට සුලභව තියෙන යන්ත්‍ර වුනත් භාවිතා නොකරන බවට උදාහරණයි මේ. 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...