Wednesday, January 25, 2017

රැකියා පොල

අපේ රටේ විරැකියා අනුපාතිකය සියයට පහට අඩු මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. කොහොම වුනත් දල දේශීය නිෂ්පාදිතයේ සියයට 10 ක් පමණ නියෝජනය තරන කෘෂිකාර්මික අංශයේ නියුක්ත වන ප්‍රමාණය ශ්‍රම බලකායෙන් සියයට 30 ක් පමණ වෙනවා. ඉතින් කොහොමටත් අපේ රටේ රැතියා නියුක්තිකයන්ගෙන් බොහෝ දෙනෙක් ඌන සේවා නියුක්තිකයන් බව සිතන්න පුළුවන්. විහේෂයෙන් වී ගොවීන් ගත්තහම seasonal විදිහට තමයි රැකියාවේ යෙදෙන්නේ. මේ හන්දා ඉහල ආදායම් සහිත රැකියා තව තවත් අවශ්‍යයි. කලිනුත් ලියුවා වගේ ඇළුම් කර්මාන්තා ශාලා ඇතුළු බොහෝ කර්මාන්ත ආයතන වල ඇබෑර්තු විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

කුරුනෑගල අවට ඇති අපනයන ආර්ථික කලාප අනෙකුත් ආයතන වල ඇති ඇබෑර්තු පිළිබ රැකියා විරහිත තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ ආයතන වලට අදාල තරුණ තරුණියන් හමුවෙලා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අවස්ථාවක් දීමට කුරුනෑගලදී රැකියා පොලක් පැවැත්වීමට තීරණය වුණා. පෞද්ගලික අංශයට නිවාඩු දවසක් වුනු ඉරිදා දවසක් මේ සහා යොදා ගත්තේ. මේ සහා අදාල නිලධාරින් සහ පෞද්ගලික අංශය සමග සාකච්ඡා වට කිහිපයක් තියන්න වුණා.

මේ නිමිත්තෙන් මුද්‍රිත, රූපවාහිනි මෙන්ම බැනර්, කටවුට් සහ loudspeakers හරහා ප්‍රචාරයක් ‍දෙන්න කටයුතු යෙදුවා. ඊට අමතරව පැමිණෙන තරුණ තරුණියන් හට මෝල්ට් පානයක් පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් ලබා දෙන්න කටයුතු යෙදුවා. ඊට අමතරව මේ අවස්ථාව brand කරන්න අවශ්‍ය හන්දා විශේෂයෙන් මුද්‍රනය කරපු කාබන් පෑනක් සහ කෙටි ආහාරත් දෙන්න කටයුතු යෙදුවා. කුරුණෑගල විශාල දිස්ත්‍රික්කයක් හන්දා ඈත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් එන අය සහා නොමිලේ බස් සේවාවක් දැම්මා. මීට අමතරව සහභාගී වූ නිලධාරින් හට දිවා ආහාර, වගේම ලියාපදිංචි කිරීමේ කටයුතු, ශබ්ද විකාශන කටයුතු ආදී වැඩ බොහොමයක් සංවිධානය කර ගන්න සිදුවුණා. අමාරුම වැඩේ තමයි විරෝධාකල්ප පමණක්ම ඇතිව එන නිලධාරින් හසුරුවා ගැනීම.

මේ හන්දා පසුගිය සෙනසුරාදා අපට කුරුණැගල යන්නත් රාත්‍රිය එහි ගත කරන්නත් සිදුවුණා.සෑහෙන තරම් මහන්සිවී සැලසුම් කරගත් හන්දා පොල සාර්ථකව පවත්වන්නට හැකිවුණා. කොයිතරම් දෙනෙක් රැකියා ලබා ගත්තාද කියා බලන්න වන්නේ දෙවනුවයි.ආපු ලමයින්ගෙන් බොහෝ දෙනෙක් අලුත උසස් පෙල කරපු අය වගේ තමයි පෙනුනේ. එහෙම ලමයෙක්ව unskilled labour රස්සාවකට හිර කරන එක පාපයක්. ආර්ථික ප්‍රශ්න හන්දා හෝ බැරිම ළමයෙක් එහෙම ගියත් on the job training හරහා ඉහලට යන්න අවස්ථාවක් සලසන්න අවශ්‍යයි. මේ බව බොහෝ කර්මාන්ත වලට අප දැනුම් දුන්නා. ළමයින්ගේ ඉගෙනීම් කටයුතු සහා පහසුකම් සහ අවසර ලබා දෙන ලෙස.


වැඩ සියල්ල ඉවර වෙලා අපේ පාසල් නේවාසිකාගාරයේ සගයකු වූ ප්‍රවීන ගීත රචක ධම්මික බණ්ඩාරයනුත් හමු වෙලා සතුටු සාමිචයේ යෙදෙන්න අවස්ථාවක් ලැබුණා. අපි හමු වුණේ අවුරුදු විස්සකටත් පස්සේ. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...