Saturday, February 18, 2017

අතහැරීම


ඊයේ පෙරේදා දවසක හවසක මරදානේ සෑහෙන වෙලාවක් ගත තරන්නට සිදුවුනා. හවසට මරදානට වැටෙන මලානික හිරුඑලියත් කානුවලින් එන දූවිලිමිශ්‍ර සුවදත් තවමත් එදා වගේමයි. ඒ කිව්වේ දශක දෙක තුනකට කලින් ‍පාසල් නේවාසිකාගාරයේ සිටි කාලයට සාපේක්ෂවයි. සිකුරාදා හවස පස්වරුව පාසලේ ගත කලේ. හවස දෙක විතර වෙන කොට නේවාසිකාගාර‍යේ ඉන්න පුංචි ළමයින්ව තාත්තලා ඇවිත් බෑග් මලු උස්සාගෙන සති අන්තය සදහා ගෙදර එක්කරගෙන යනවා. මේ අය බොහෝ විට ගම්වලින් එන ගුරුවරුන්ගේ හා වෙනත් රජයේ සේවකයින්ගේ දරුවන් බවයි පෙනෙන්නේ. ඒගොල්ලන්ගේ මුහුණු වල තිබුණු හැගීම කියවගන්න අමාරුයි. බොහෝ වෙලාවට බලාපොරොත්තු ගොන්නතක් වෙන්න ඇති. අපේ කාලේ පාසලේ හිටපු සගයින් මතක් කලාම අපි අතරින් දෙමව්පියන්ගේ බළාපොරොත්තු කොයිතරම් දුරට ඉටු කලාද කියන එක හිතන්නට වටිනවා. දෙමව්පියන් සිතූ දේවල් ඒ විදිහටම ඉටු නොවුනත් සම්ප්‍රදායික නොවන මාර්ග ඹස්සේ ගොස් හෝ සෑහෙන දෙනෙක් ජීවිතය ගොඩනගා ගත්ත බව කියන්නට පුළුවනි. පුංචි කාලෙම තනිවම නොයෙකුත් අභියොගයන්ට මුහුණ දෙන්න සිදුවීමෙන් බොහෝ දෙනෙක් පන්නරයක් ලබා ගන්න ඇති.
අද පරම්පරාවේ ලමයින් බොහෝ දෙනෙකුට මේ වගේ අභියෝගයන් නැති බවයි බොහෝ දෙමව්පියන් මැසිවිලි නගන්නේ. බොහෝ දෙනෙක් පොදු ගමන් සේවාවල ඇසුරක් ලබලාම නැහැ. ටියුෂන් යන්නෙත් පුද්ගලික වාහනයක. මේ තත්වයට දෙමව්පියන්ද වගකියන්න ඹ්නා.

මේ අතින් ගත්තහම පිටරට ගිය අපේ ඇත්තන් ඉදිරියෙන් ඉන්න බව නොකියාම බැහැ. ඒ සමාජවටපිටාවේ ඇති ආරක්ෂාව ආදිය සැලකිල්ලට ගත්තත් ඹවුන් බොහෝ දෙනෙක් ළමයින්ට තරුණ කාලෙම බොහෝ වගකීම් දෙන බව පේනවා. බොහෝ ළමුන් විශ්ව විද්‍යාල මට්ටමට එන කොට ස්වාධීනව ඉන්න පුළුවන් මට්ටමට ඇවිත්. කැනඩාවේ අවුරුදු කිහිපයක් ගතකර ලංකාවට ඇවිත් ඉන්න හර්ශ බුලත්සිංහල රූපවාහින් වැඩ සටහනකදී කියනවා ඒ රටවල ඇති සමාජ රැකවරන හන්දා දෙමව්පියන් ට දරුවන්ගෙනුත් දරුවන්ට දෙවම්පියන්ගෙනුත් වගේම අප වටා පවතින භෞතික දේවල් බොහොමයකට ඇලෙන්නේ නැතිව ජීවත්වන්න පුරුදු වෙලා තියෙනවා කියළා. නෝවා ස්කෝෂියා වල ජීවත්වන මා මිත්‍ර ආචාර්ය සෑම් මුසෝකි කිව්වේ එහේ බොහෝ ගෙවතු වල තාප්ප හෝ වැටවල් නැති බවයි. බෞද්ධ දර්ශනය ඇසුරු කරන බව කියන අප රටේ මිනිස්සුන්ගේ ගෙවතු පුළුවන් තරම් උස තාප්ප ගහලා වට කරගෙන ඉන්න හැටි බලන්න පුළුවන්. 


එක එක රටවල සමාජ වල මේ තත්ත්වය වෙනස් වන්නට පුළුවන් බව පේනවා. සමහර රටවල එය අඩු වැඩි වශයෙන් stabilize වෙලා. ඒ අතරින් අපේ රටවල මේ තත්ත්වය තවදුරටත් වේගයෙන් evolve වන බව පේනවා. යුරෝපීය රටක දැන් ජීවත්වන මිත්‍රයෙක් කීවේ ඹවුන්ගේ දරුවන්ට අපේ වගේ ළමා කාලයක් නැහැ කියලා. කාලයත් සමග තාක්ෂණය, යටිතලපහසුකම්, වි‍නෝදාංශ වෙනස් වන විට, ජීවනරටාවන් ද ක්‍රමයෙන් වෙනස් වන විට ළමයින්ගේ ජීවිතද වෙනස් වීම වලක්වන්න බැහැ. පුද්ගයාගෙන් පුද්ගලයාට යම් ස්වායත්ත බවක් තිබුණත් මේවා සිදුවන්නේ එකම ආරකට බව පෙනෙන්න තියනවා. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...