කළුතර
බෝම්බුවල ඉදන් රයිගමට සාමාන්‍යයෙන් එන පාර තමයි කළුතර ටවුමට ඇවිත් ගාළු පාර දිගේ වස්කඩ්ව
දක්වා ගාළු පාරේ ඇවිත් බණ්ඩාරගම පාරෙන් බණ්ඩාරගමින් හොරන පාරේ එන එකයි. පසුගිය
සෙනසුරාදා මම හිතුවා වෙනස් පාරකින් එන්න. බෝම්බුවලින් තෙබුවනට ඇවිත් එතනින්
අගුරුවාතොට කොසෙල්ලේනාව හරහා රයිගමට එන එක. ඒ පාරේ අගුරුවාතොට දක්වා එන්නේ කළුගගේ
ඉවුර දිගේ. වම් පැත්තේ කළු ගග වගේම දකුනු පැත්තේ බොහෝ තැන්වල ඇත්තේ සරුසාර රබර්
වතු. තෙබුවනට ආවම කාලයකට ඉස්සර බොහොම කාර්‍ය බහුල උත්සවාකාරී තැනක්ව තිබුණා යැයි
සිතිය හැකි planters club එකක් දකින්නට තියෙනවා. දැන් ඒක අත්හැරදාලා. මේ
පාරේ සමහර තැනකදි කදු පල්ලම් වංගු සහිත මාර්ගයක්. අගුරුවාතොට පහුවුනහම තියෙන්නේ
වෙල්යායවල්. මේ පැතිවල ගම්මාන නාගරීකරනයෙන් තවමත් ගිලගෙන නැහැ. කොළඹට අතේ දුරින්
මේ වගේ ගම්මාන තියෙන එක එක අතකින් පුදුමයි. ගම්මානයක් සම්පූර්ණ වෙන්න එහි නියම functions
ඒ විදිහටම ක්‍රියාත්මක වන්න ඹ්නා. හුගක් ගම් වල
කුඹුරු තිබුනට වැඩිකොටසක් වගා කරන්නේ නැහැ. ඹ්විටි ආදියේ කෙරෙන වෙනත් ගොඩගොවිතැන්ද
අතහැරී ගොසින්. අඩුගානේ දෙවැටවල් දිගේ හෝ වෙලවල් අයිනේ සාමාන්‍යයෙන් ඇති පුවක් ගස්
වැටවලුත් යම් හේතුවක් හන්දා පේන්න නැහැ. වාරිමාර්ග ක්‍රම අවහිර වෙලා. ගමේ අය වැඩි
දෙනෙකුගේ ජීවනෝපායන් ප්‍රාථමික අංශයෙන් විවිධ සේවා අංශ වලට මාරුවෙලා. ඇදුම්
පැළදුම් පවා සෑහෙන වෙනස් වෙලා. යමෙක්ට
උවමනා වුනත් නැතත් මේ සමහරක් වෙනස්කම් අපට නවත්වන්න බැහැ. එහෙම නවත්වන්න අවශය්‍යත්
නැහැ මගේ හිතේ. ඒත් අර්ධ නාගරීකරනයත් එක්ක වගේම නීති රීති ඉක්මවා කෙරෙන විවිධ ක්‍රියාවන්
හේතුවෙන් මේ තත්ත්වය උග්‍ර වන්නට පුළුවන්. අපි වගේ කුඩා රටක ඉඩම් පරිහරනය ගැන අදට වඩා
හිතන්න අවශ්‍යයි. මතක හැටියට නගර රාජ්‍යයන් අතහැර ගත්විට ජන ඝනත්වය අතින් අපේ රට
පවතින්නේ ලෝකයේ රටවල් අතර top twenty ඇතුලේ.
Tuesday, February 28, 2017
Saturday, February 18, 2017
අතහැරීම
ඊයේ පෙරේදා
දවසක හවසක මරදානේ සෑහෙන වෙලාවක් ගත තරන්නට සිදුවුනා. හවසට මරදානට වැටෙන මලානික
හිරුඑලියත් කානුවලින් එන දූවිලිමිශ්‍ර සුවදත් තවමත් එදා වගේමයි. ඒ කිව්වේ දශක දෙක
තුනකට කලින් පාසල් නේවාසිකාගාරයේ සිටි කාලයට සාපේක්ෂවයි. සිකුරාදා හවස පස්වරුව පාසලේ
ගත කලේ. හවස දෙක විතර වෙන කොට නේවාසිකාගාරයේ ඉන්න පුංචි ළමයින්ව තාත්තලා ඇවිත් බෑග්
මලු උස්සාගෙන සති අන්තය සදහා ගෙදර එක්කරගෙන යනවා. මේ අය බොහෝ විට ගම්වලින් එන
ගුරුවරුන්ගේ හා වෙනත් රජයේ සේවකයින්ගේ දරුවන් බවයි පෙනෙන්නේ. ඒගොල්ලන්ගේ මුහුණු වල
තිබුණු හැගීම කියවගන්න අමාරුයි. බොහෝ වෙලාවට බලාපොරොත්තු ගොන්නතක් වෙන්න ඇති. අපේ
කාලේ පාසලේ හිටපු සගයින් මතක් කලාම අපි අතරින් දෙමව්පියන්ගේ බළාපොරොත්තු කොයිතරම්
දුරට ඉටු කලාද කියන එක හිතන්නට වටිනවා. දෙමව්පියන් සිතූ දේවල් ඒ විදිහටම ඉටු
නොවුනත් සම්ප්‍රදායික නොවන මාර්ග ඹස්සේ ගොස් හෝ සෑහෙන දෙනෙක් ජීවිතය ගොඩනගා ගත්ත
බව කියන්නට පුළුවනි. පුංචි කාලෙම තනිවම නොයෙකුත් අභියොගයන්ට මුහුණ දෙන්න
සිදුවීමෙන් බොහෝ දෙනෙක් පන්නරයක් ලබා ගන්න ඇති.
අද පරම්පරාවේ
ලමයින් බොහෝ දෙනෙකුට මේ වගේ අභියෝගයන් නැති බවයි බොහෝ දෙමව්පියන් මැසිවිලි නගන්නේ.
බොහෝ දෙනෙක් පොදු ගමන් සේවාවල ඇසුරක් ලබලාම නැහැ. ටියුෂන් යන්නෙත් පුද්ගලික
වාහනයක. මේ තත්වයට දෙමව්පියන්ද වගකියන්න ඹ්නා.
මේ අතින් ගත්තහම පිටරට ගිය අපේ
ඇත්තන් ඉදිරියෙන් ඉන්න බව නොකියාම බැහැ. ඒ සමාජවටපිටාවේ ඇති ආරක්ෂාව ආදිය
සැලකිල්ලට ගත්තත් ඹවුන් බොහෝ දෙනෙක් ළමයින්ට තරුණ කාලෙම බොහෝ වගකීම් දෙන බව පේනවා.
බොහෝ ළමුන් විශ්ව විද්‍යාල මට්ටමට එන කොට ස්වාධීනව ඉන්න පුළුවන් මට්ටමට ඇවිත්. කැනඩාවේ
අවුරුදු කිහිපයක් ගතකර ලංකාවට ඇවිත් ඉන්න හර්ශ බුලත්සිංහල රූපවාහින් වැඩ සටහනකදී
කියනවා ඒ රටවල ඇති සමාජ රැකවරන හන්දා දෙමව්පියන් ට දරුවන්ගෙනුත් දරුවන්ට
දෙවම්පියන්ගෙනුත් වගේම අප වටා පවතින භෞතික දේවල් බොහොමයකට ඇලෙන්නේ නැතිව ජීවත්වන්න
පුරුදු වෙලා තියෙනවා කියළා. නෝවා ස්කෝෂියා වල ජීවත්වන මා මිත්‍ර ආචාර්ය සෑම් මුසෝකි
කිව්වේ එහේ බොහෝ ගෙවතු වල තාප්ප හෝ වැටවල් නැති බවයි. බෞද්ධ දර්ශනය ඇසුරු කරන බව
කියන අප රටේ මිනිස්සුන්ගේ ගෙවතු පුළුවන් තරම් උස තාප්ප ගහලා වට කරගෙන ඉන්න හැටි
බලන්න පුළුවන්.
එක එක රටවල
සමාජ වල මේ තත්ත්වය වෙනස් වන්නට පුළුවන් බව පේනවා. සමහර රටවල එය අඩු වැඩි වශයෙන් stabilize වෙලා. ඒ අතරින් අපේ රටවල මේ තත්ත්වය තවදුරටත් වේගයෙන්
evolve වන බව පේනවා. යුරෝපීය රටක දැන් ජීවත්වන මිත්‍රයෙක්
කීවේ ඹවුන්ගේ දරුවන්ට අපේ වගේ ළමා කාලයක් නැහැ කියලා. කාලයත් සමග තාක්ෂණය, යටිතලපහසුකම්,
විනෝදාංශ වෙනස් වන විට, ජීවනරටාවන් ද ක්‍රමයෙන් වෙනස් වන විට ළමයින්ගේ ජීවිතද
වෙනස් වීම වලක්වන්න බැහැ. පුද්ගයාගෙන් පුද්ගලයාට යම් ස්වායත්ත බවක් තිබුණත් මේවා
සිදුවන්නේ එකම ආරකට බව පෙනෙන්න තියනවා.
Subscribe to:
Posts (Atom)
ආයෙත් ලියමු
බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...
-
විලම්බීත ටී.බී. ඉලංගරත්න සූ රීන්ගේ විලම්බීත පුංචි කාලෙදි වගේම පසු කාලෙකත් එකසේ මගේ හිත්ගත් කෘතියක්. පසුගිය ශත වර්යේ මැද භාගයේ උඩරට පළාත...
-
ආරාධනා එක් දහස් නමසිය හැත්තෑව දශකය සැලකෙන්නේ සිංහල සිනමාවෙත් ස්වර්ණමය යුගය ලෙස. කළාත්මක, රැඩිකල්, මැදමාවතේ ඇතුළු විවිධ ගනයේ චිත්‍රපට එ...