Tuesday, February 28, 2017

ගම්පෙරලිය

කළුතර බෝම්බුවල ඉදන් රයිගමට සාමාන්‍යයෙන් එන පාර තමයි කළුතර ටවුමට ඇවිත් ගාළු පාර දිගේ වස්කඩ්ව දක්වා ගාළු පාරේ ඇවිත් බණ්ඩාරගම පාරෙන් බණ්ඩාරගමින් හොරන පාරේ එන එකයි. පසුගිය සෙනසුරාදා මම හිතුවා වෙනස් පාරකින් එන්න. බෝම්බුවලින් තෙබුවනට ඇවිත් එතනින් අගුරුවා‍තොට කොසෙල්ලේනාව හරහා රයිගමට එන එක. ඒ පාරේ අගුරුවාතොට දක්වා එන්නේ කළුගගේ ඉවුර දිගේ. වම් පැත්තේ කළු ගග වගේම දකුනු පැත්තේ බොහෝ තැන්වල ඇත්තේ සරුසාර රබර් වතු. තෙබුවනට ආවම කාලයකට ඉස්සර බොහොම කාර්‍ය බහුල උත්සවාකාරී තැනක්ව තිබුණා යැයි සිතිය හැකි planters club එකක් දකින්නට තියෙනවා. දැන් ඒක අත්හැරදාලා. මේ පාරේ සමහර තැනකදි කදු පල්ලම් වංගු සහිත මාර්ගයක්. අගුරුවාතොට පහුවුනහම තියෙන්නේ වෙල්යායවල්. මේ පැතිවල ගම්මාන නාගරීකරනයෙන් තවමත් ගිලගෙන නැහැ. කොළඹට අතේ දුරින් මේ වගේ ගම්මාන තියෙන එක එක අතකින් පුදුමයි. ගම්මානයක් සම්පූර්ණ වෙන්න එහි නියම functions ඒ විදිහටම ක්‍රියාත්මක වන්න ඹ්නා. හුගක් ගම් වල කුඹුරු තිබුනට වැඩිකොටසක් වගා කරන්නේ නැහැ. ඹ්විටි ආදියේ කෙරෙන වෙනත් ගොඩගොවිතැන්ද අතහැරී ගොසින්. අඩුගානේ දෙවැටවල් දිගේ හෝ වෙලවල් අයිනේ සාමාන්‍යයෙන් ඇති පුවක් ගස් වැටවලුත් යම් හේතුවක් හන්දා පේන්න නැහැ. වාරිමාර්ග ක්‍රම අවහිර වෙලා. ගමේ අය වැඩි දෙනෙකුගේ ජීවනෝපායන් ප්‍රාථමික අංශයෙන් විවිධ සේවා අංශ වලට මාරුවෙලා. ඇදුම් පැළදුම් පවා සෑහෙන වෙනස් වෙලා.  යමෙක්ට උවමනා වුනත් නැතත් මේ සමහරක් වෙනස්කම් අපට නවත්වන්න බැහැ. එහෙම නවත්වන්න අවශය්‍යත් නැහැ මගේ හිතේ. ඒත් අර්ධ නාගරීකරනයත් එක්ක වගේම නීති රීති ඉක්මවා කෙරෙන විවිධ ක්‍රියාවන් හේතුවෙන් මේ තත්ත්වය උග්‍ර වන්නට පුළුවන්.  අපි වගේ කුඩා රටක ඉඩම් පරිහරනය ගැන අදට වඩා හිතන්න අවශ්‍යයි. මතක හැටියට නගර රාජ්‍යයන් අතහැර ගත්විට ජන ඝනත්වය අතින් අපේ රට පවතින්නේ ලෝකයේ රටවල් අතර  top twenty  ඇතුලේ.


No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...