Friday, April 28, 2017

ආවර්ජනා

බන්ධුල නානායක්කාරවසම් නමැති  ප්‍රවීන ගේය පද රචකයා විසින් ලියපු ඹහුගේ සවයං චරිතාපදානයේ ළමා කාලය නිරූපනය කරන පළමු කොටස වන “එනු කොහි සිට” කියවූවා. එක හුස්මට කියළා ඉවර කරන්න පුළුවන් වගේම හදවතට කිට්ටු ලියවිල්ලක්. ඹහු කියා ඇති ආකාරයෙන්ම එය පාඨකයාගේ කතාවයි. දූ පුතුන් කිහිප දෙනෙක් ඉන්න ගෙදරක් අද බොහෝ ගෙවල්වල ඉන්නා එක් දරුවෙක් හො දෙදෙනෙක් ඉන්න ගෙවල්වලට සාපේක්ෂව කොයිතරම් live ද කියළා මේ පොත කියවන විට නැවත මතක් වෙනවා.

2013 දී මගේ නිම්වළලු එළි දක්වපු වෙලාවේ ඒ සහා කථිකයින් හොයා ගන්න මම සෑහෙන මහන්සි වූණා. එක්තරා මහාචාර්ය කෙනෙකුට ආරාධනා කළේ මගේ යාළුවකුගේ යෝජනාවක් මත. ඹහු එයට කැමති වුනේ නැහැ. තවත් කිහිප දෙනෙක් සළකා බැළුවත් ඒවා හරිගියේ නැහැ. එහෙම වෙලාවක අපේ ඥති සහෝදරයෙක් නානායක්කාරවසම් මහතාව හුන්වා දුන්නේ. එතුමා එය බාර ගත්තේ නොපැකිලව. ඹහු එදා සාරගර්භ කතාවක් කරමින් පොත ගැනත් සාධාරනව අදහස් ඉදිරිපත් කළා. එම පොතේ තිබූ මගේ චින්තන විප්ලවය නම්වූ නිසැදැස ගැන ඹහු කීවේ ‍අළුත් ගෙයක් හදලාත් පරණ ගෙදර නොකඩා එය පාවිච්චි කරන බොහෝ දෙනෙක් එම පළාතෙත් ඇති බවයි. චින්තන විප්ලවය කියා මා අදහස් කළේ භෞතිකවාදී න්‍යායන් කොයිතරම් උගෙන ගත්තත් සමහරවිට විඥානවාදයෙන් බැහැර වන්නට බැරි මනස ගැන බව මා කළිනුත් ලියා ඇති. මගේ නිසැදැස ඒක පිටතට පෙනෙන්න තරම් ශක්තිමත් නැතුව ඇති. එදා මා කළ කතාව ගැන බොහෝ දෙනෙක් නොසතුට ප්‍රකාශ කළ බව මතකයි. මගේ කතාවට එනවිට ඇත්ත වශයෙන්ම ( පළමු වතාවට නොවේ) මට ඒ අවස්ථාව ගැන විශාල කම්මැලිකමක් ඇති වෙලා. එයට හේතු දක්වන්නට අමාරුවුනත් මොකක්හරි කියළා ඒක ඉවරකරළා යන්න අවශයතාවයක් තමයි ඒ වගේ වෙලාවට ඇති වන්නේ.

එහෙත් අවුරුදු කිහිපයකට පස්සේ ඊයේ පෙරේදා දෙවන පොත එළි දක්වන විට මා එය ගැන සිතූහැටි වෙනස් බවයි මට කියන්න ඹ්නා වුණේ. පළමු වතාවේ එළි දැක්වීම සහා මා දිරිගැන්වූවේ මා හිත මිත්‍ර ආචාර්ය ටියුඩර් වීරසිංහ. මේ වතාවේ පන්සලේ හාමුදුරුවන් සහ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය. ඒත් මේ පාර කථිකයන් සොයා අප මහන්සි වුණේ නැහැ. කවුරුවත් ආවේ නැත්නම් අපි එකතු වුණු කට්ටිය හා හාමුදුරුවන් හා මම කතා කරන්න සූදානමින් සිටියේ. ඒ කියන්නේ ‍කතාව හරහා මතුවන ‍තේමාව ගැන. මා ආධුනික බවින් ඉවත්වී ප්‍රවීනයෙක් වුණා කියළා හැීමක් ඇතිවී එහෙම නොවෙයි. පොතක් පාඨකයින් අතරට පත්කිරීමේ තේරුම මොකක්ද කියා වැඩියෙන් තේරුණු හන්දා කියන්න පුළුවන්. කොහොම වුනත් අපිට ඉතාම හොද ආරාධිත දේශක දෙපොලක් ලැබුන හන්දා මගේ කතාව හකුලාගන්නට සිදු වුනේ වැඩියම රෑ බෝවූ හන්දා.


No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...