අළුත් අවුරුද්ද හන්දා නිවාඩු හතරක් එක දිගට ලැබුණා. බොහෝ දෙනෙක් මෙයට
තවත් දවස් දෙකක් එකතු කරගෙන දවස් නමයක නිවාඩුවක් ගත කරමින් ඉන්නවා. ඒ දීර්ඝ
නිවාඩුවත් ගත කරන විවිධ ක්‍රම බොහෝ දෙනෙක් සොයා ගෙන තියෙනවා. නිවාඩු දින කිහිපයක
අලස සුවය වගේම ටිකක් හෝ වැදගත් දේ වල නියැලෙන්න පුළුවන් වුණා. පරිවර්තනයක් වුණු
චාල්ස් ඩාවින් විසින් ඔහුගේ දරු මුණුපුරන්ගේ දැනගැනීම සදහා ලියුවාය කියන “මගේ මනස වැඩුණු හැටි” සහ Muslims in Kalutara District කියන පොත් දෙක
කියවා ඉවර කරන්න හැකිවුණා. උචිතොන්නතිය එහෙම නැත්නම් වඩාත් ශක්තිවන්තයා හො වඩාත්
බුද්ධිමතා නොව අළුත් පරිසර තත්ත්ව වලට හැඩ ගැසීමට හැකි වන්නා ජය ගන්නා බව කියන
වාදයට ඒම සදහා ඔහුගේ මනස විකාශය වූ හැටි එහි හරි අපූරුවට විස්තර කෙරෙනවා. ඒ පොත
කියවන විට අපට පෙනෙන දෙයක් තමයි කාර්මික විප්ලවය හා ඊට පසුබිම සැකසූ කාලවකවානුව
තුල එංගලන්තයේ කොයි තරම් බුද්ධිමය කතිතාවතක් ගොඩ නැගී තිබුණාද යන්න. ස්වභාවික විද්‍යාවන්
ගැන , කලාව ආගමළ දර්ශනය ආදී නොයෙකුත් ක්ෂේත්‍ර කෙරෙහි මෙම කතිකාව එල්ලවී තිබූ බව
පේනවා. පල්ලිය හරහා එන රදල වැඩවසම් ප්‍රතිවිරෝධතාවය ද මැද්දේ මේ ගමන තාර්කික
සබුද්ධික මාවතකට එළඹුණු හැටි අදහන්න වටිනවා.
බීගල් නෞකාවේ සේවය සදහා ස්වේච්ඡා
පදනම යටතේ ආධුනික ස්වභාව විද්‍යාඥයකුගේ සේවය ලබා ගැනීමට අයදුම්පත් කැදවා තිබීමම ඒ
කාලයේ හැටියට පුදුම සහගතයි. ලෝකයේ බොහෝ දේ ගැන අදුරේ අතපත ගාන මට්ටමක තිබුණු තාලයක
ඒ සදහා විද්‍යාත්මක ප්‍රවේශයක් ගත්තු එකෙන්ම අපට පේනවා එම සමාජයේ මට්ටම.
දෙවන පොත මගින් මුස්ලිම් වරුන් ලංකාවට පැමිණීමේ සිට ඔවුන්ගේ වෙළද කටයුතු
හා මැණික් ගල් ඔප දැමීමේ කර්මාන්තය, යටත්විජිත යටතේ තේ රබර් පොල් කර්මාන්තය ආශ්‍රිත
වෙළද කටයුතු, දෙවන පෝක යුද්ධය හරහා හමුදාවට අදාල සේවා සැපයීම තුලින් වැද්දුම්
කරුවන් ආදී ජීවනෝපාය හරහා hardware
තොග වෙළදාම කරා මෙන්ම oilman සාප්පු වල shopkeeper
වගේ රුකියාවල ඉහල සමත්කම් පෙන්වා ස්ථාලිත වුණු හැටි පැහැදිලි කරනවා. ඒකත්
පරිසරයට වඩාත් සුදුසු විදිහට හැඩගැසීමත් තමා.
No comments:
Post a Comment