Saturday, April 1, 2017

අළුත් පාර


පසුගිය සති කිහිපයම ඉතා කාර්ය බහුල වුණා. කාර්යාලයේ වැඩ අධික වීම එක් හේතුවක්. අවුරුද්දත් කිට්ටු වෙනවා. අළුත් පොත එනම් අළුත් පාර එළි දක්වන්නට පොඩි event එකක් සංවිධානය කළා. පතහවත්ත පංසලේ ලොකු හාමුදුරුවන් තමයි විශේෂයෙන් මෙයට මුල් වෙලා කටයුතු කරන්නේ. ලබන ඉරිදා 9 වනදා රයිගම කොතලාවල පතහවත්ත පංසලේ දීයි මෙය සැලසුම් කොට ඇත්තේ. මහාචාර්ය රොහාන් සමරජීව සහ ආචාර්ය ටියුඩර් වීරසිංහ මේ අවස්ථාවෙදී දෙසුම් දෙකක් කරන්න බාරගත්තා. රසික රසිකාවියන්ට ආරාධනා කරන්න, පංසලේ බණ මඩුව සූදානම් කරගන්න වගේ බොහෝ වැඩ තියෙනවා. ලබන සතියේ වරුවක නිවාඩුවක් හෝ අරගෙන යන්න වෙයි වගේ. මේවා හැමදේම කල්පනා කරන්න ගියාම හිතට කරදරයි. ඒ හන්දා වැඩිය හිතන්නේ නැතුව ඉන්නේ. දැන් බැද ගත්ත බෙරේ කොහොමත් ගහන්න වෙනවානේ. අභියෝග ගණනාවක්ම තියෙනවා. ගමේ පවත්වන හන්දා කට්ටිය ගෙන්නා ගැනීම. අනෙකුත් පහසුකම් සලසා ගැනීම වගේ.



අවුරුද්ද අත ලගටම ආවත් ඒ ගැන හාන්කවිසියක වත් හැගීමක් දැනෙන්නේ නැහැ. කොහාගේ සද්දයවත් ඇහෙන්නට නැහැ. කාර්යාලයේ කාන්තා පක්ෂය නම් දැනටම ඇදුම් කැඩුම් තෑගි බෝග ගන්නවා පෙනෙනවා. ගම් පලාත් වන්නට තත්ත්වය වෙනස් ඇති. 





No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...