Tuesday, May 20, 2014

කුඹුර මැද කතා
මේ සටහන මම ලිවුවේ මගේ නිම් වළලු පොතට. ඒත් යම් අතපසු වීමකින් එය මුද්රණය වී තිබුණේ නැහැ. හන්දා තරමක් වෙනස් කර දැන් එය නැවත ලියුවා. කළුතර දිස්ත්රික්කයේ පිහිටා තිබෙන අපේ ගමේ කුඹුරු සෑහෙන ප්රමාණයක් තිබුණා වගේම වී වගාව හොඳින් කෙරුණා. එය කෙතරම් ආර්ථික වශයෙන් ඵලදායීද කියන එක වෙනම කාරණයක්. බස්නාහිර පළාතේ ඇති විශාලම වාරි ජලාශය පිහිටා තිබුණේ කොතලාවල නම් වූ අපේ ගමේ. රයිගම සහ කොතලාවල යන දෙක බොහෝ දුරට එකට ඈඳී තිබුණා. හන්දා අපි ගමේ නම රයිගම කියා බොහෝ විට පාවිච්චි කළා. රයිගම් බණ්ඩාර රජතුමාගේ මාලිගය පිහිටා තිබුණේ රයිගම. එහි නටඹුන් අදටත් දකින්නට පුළුවන්. එතුමා කරවපු වැවක් තමයි අපේ ගමේ වැව වන උයන්වත්ත වැව. රජතුමාගේ උයන පිහිටා තිබුණා කියා සැලකෙන්නේ මේ වැව අද්දර. අපි පුංචි කාලේ දං කඩන්න මේ ඉසව්වට ගියාම රජතුමාගේ මල් උයනේ නෂ්ටාවශේෂ යැයි සිතිය හැකි ගහකොළ එහි දක්නට ලැබුණා.
පුංචි කාලෙදි අපට කුඹුරත් එක්ක තිබුණේ සමීප බැඳීමක්. කුඹුර හරහා යන ඇලවල් වල සිටි මාළුන් අපේ සිත් ගත්තා. නිතරම වතුර උඩ සිටින හාඳිල්ලන්, ඇල පතුලේ වැලි අතර සිටින ඉරි සහිත ඇහිරෑවන්, රංචු පිටින් වේගයෙන් පීනා යන දණ්ඩින්, හුරුබුහුටි හැඩයෙන් යුතු මාළුවකු වූ පෙතියා, දුර්ලභ සහ වඩා අලංකාර මාළුන් වූ කාවයියා සහ බුලත්හපයා, වගේම අපි තරම් ප්රිය නොකළ නමුත් නිතර අපිට අහුවුණු කණයන් සහ මඩකරියන් සහ මෙකී නොකී මාළු රැසක් දවස්වල කුඹුර ආශ්රිතව හිටියා. සමහර දිනෙක අපි මේ මාළුන් අල්ලා ගෙන දින කීපයක් බෝතල වල දමා සිට නැවත කුඹුරට දැම්මා. ඊට අමතරව කුඹුර ආශ්රිතව සිටි වර්ග කිහිපයක පිළිහුඩුවන්, කොරවක්කන්, කොකුන්, දියකාවන් සහ කාලයකට පමණක් එන සංක්රමණික කුරැල්ලෙක් වූ වතුර අඞුවා වගේ කුරුල්ලෝ අපේ ප්රියතමයින් වුණා.
නියරවල් දිගේ වැවී තිබුණු වල් ගහල කොළ වලට වතුර දැමූවිට එහි රඳන්නේ නැතිව බුබුළු හැදෙනවා බලන්න අපි කැමතිවුණා. දෙපාව අද්දර වැවුණු රෝස පාට රේණු සහිත මල් වතුරට වැටී පාවෙනවා නිතර දකින්නට පුළුවන්. සමහර තැන්වල දකින්නට තිබුණු වැටකෙයියා පඳුරු වලට අපි කිට්ටු නොවන්නේ ඒවායේ කටු හන්දා. වෙලේ උඩ කොටසට වන්නට තිබූ ගල්තලා අද්දර හන පඳුරු වැවී තිබුණා. හරියට වන්නට තිබුණු කවදාවත් වතුර නොසිදෙන කොස්වත්තේ ළිඳ හෙවත් අනෝජා පොකුණ කපාපු ගල් අල්ලා මනාව නිම කරපු ගමේ සමාජ සේවා කරපු කණ්ඩායමේ ව්යාපෘතියක් බව අප අසා තිබෙනවා.
තරමක් ඉහළ පංතිවල ඉගෙන ගන්නා කාලේ තාත්තාත් සමග කුඹුරු කෙටීම ආදියටත් අපි සහභාගී වුණා. දවස්වල ගමේ හිටපු ගුරුවරුන්, ලිපිකරුවන්, පෞද්ගලික අංශයේ සේවකයින් මෙන්ම විශ්ව විද්යාල ආචාර්යවරයකු වූ ලාල් පෙරේරා මහතා ඇතුළු පූර්ණ කාලීන ගොවීන් නොවූ බොහෝ දෙනෙක් කුඹුරු වැඩ කරනවා දක්නට ලැබුණා. දවල් කෑම වෙලාවට නැත්නම්, තේ වෙලාවට ඕවිටකට එකතුවන මේ කට්ටිය සිදු කරන දේශපාලන, ආර්ථික හා සාමාජික කතා බහ ඇහෙන නෑහෙන විදිහට ඉඳිමින් රස විඳින්නට අපට පුළුවන් වුණා.

5 comments:

  1. මේං තවත් රයිගමයෙක් සන්තෝසයි! ඔබ මෙය බැලුවාද?
    ලිවිල්ල එකම වගේ සහෝදරයෙක්වත්ද මන්දා :-)

    ReplyDelete
  2. to Nikan -There is a problem in typing in Sinhala in my PC. I was not able to update blog for few days. Only today I saw your comments. Happy to see them. I will keep in touch.

    ReplyDelete
  3. ඔබ ගූගල් සිංහල උත්සහකර බැලුවද?
    සින්ගලිෂ් වලින් පැලෙන්න ලියන්න පුළුවනි.

    ReplyDelete
  4. With very tight time schedule unable to go through the posts published by Mr. Gunasinghe.
    Any how with reading of those articles I am entertaining my childhood too.

    ReplyDelete
  5. Thank you very much Mr. Weerasinghe for the comment.

    ReplyDelete

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...