Tuesday, October 13, 2015

දෙවෙනි දවස

කොරියාවේ ගත කරපු දෙවෙනි දවසේ අපේ වැඩමුළුව පැවැත්වුනා. අපේ මාතෘකාව දැනට ඇනලොග් තාක්ෂණයෙන් පවතින ජනකලා නිර්මාණ එකතුවන් ඩිජිටල් කරන්නේ කොහොමද කියන එක. ඒක බැලුවහම ලොකු රොකට් සයන්ස් එකක් නෙමෙයි. ඒත් ඒගැන ගැඹුරින් බැලුවහම තමයි තේරෙන්නෙ සලකා බලන්න දේවල් කොපමන තියෙනවද කියලා. කොරියාවේ මේ සම්බන්ධ අත්දැකීම් තාක්ෂණික වශයෙන් සහ ආයතනිත වශයෙන් දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. එක සෙෂන් එකක් මෙහෙයවන්නත් මට සිදුවූ නිසා හවස් වෙන කොට මම මනසින් හෙම්බත් වෙලා හිටියේ.  හවස් වරුවේ අපි කොරියාවේ සගයින් හතරදෙනෙකු සමග හැනොක් ගම්මානයේ රාත්‍රී අහාරය ගන්න ගියා. බෝයනග්, සෝයන්ග් සහ ජින් ජියොන් කියන අපේ කාන්තා සගයින් සමග එහි ගියේ ඉච්කැප් ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔහුගේ නම පාර්ක්. ඉතාලියානු රෙස්ටුරන්ටුවකින් කෑම ගැනීමෙන් අනතුරුව අපි සෝයන්ග් එක්ක හැනොක් ගම්මානයේ ඇවිදින්න ගියා. සෑහෙන දුරක් ඇවිද්දට පස්සේ ඒ නගරයට අළුත් සෝයන්ග්ට ආපසු එන්න පාර සොයා ගන්න බැරි වුණා. එන්නට පාර සොයා දුන්නේ අපි. ඒ පැත්තට තිබුණු උසම ගොඩනැගිල්ල අපි හිටිය හෝටලය බව දැනගෙන හිටියා නම් ඕනා කෙනෙකුට පාර සොයා ගන්න අමාරු නැහැ. රාත්‍රිය තවමත් තරුණ හන්දා අපේ සගයින් දෙදෙනෙකුත් සමග අපි ගියේ නොනිදන වීදියට. එහි තිබූ අවහන්හල් වල ඒතරම් සෙනගක් හිටියේ නැහැ. අපි ගොඩවුනු මියුසික් පබ් එකේ ඒ වෙද්දි කවරුත් නැති තරම්. අපි සෝජු නමැති කොරියන් බීමෙන් තරමක් සප්පායම් වෙලා පබ් එකේ අයිතිකාරයා වගේ පෙනුන කොල්ලා එක්ක කතාවට වැටුනා. ඒත් කතාව වැඩිපුර ගියේ බොඩි ලැන්ග්වේජ් එකෙන්. අපි ලංකාවේ කියල දැනගත්තහම ඔහු ලංකාවේ සින්දුවක් හොයන්නට මහන්සි වුණා. අන්තිමට සොයා ගත්තු එක තමයි අපේ ජාතික ගීය. අපි ජාතික ගීයත් අහලා මධ්‍යම රාත්‍රිය ලංවෙද්දි කාමරයට ඇවිත් නිදා ගත්තා. 

2 comments:

  1. සිරිකුමාර මහතාගේ නිම්වලලු එලි දැක්වීමට නොපැමිණීම ගැන අදටත් කනගාටු වෙනවා... ඔබතුමා blog ලියනවා කියලා දැනගත්තේ ඊයේනේ..ඒකත් අහම්බෙන්..බොහෝම රසවත් ලිපි කියවන්න ලැබුනා..තවත් අදහස් යෝජනා සහ චෝදනා බලාපොරොත්තු වන ලෙස ඉල්ලා සිටිනවා...

    ReplyDelete
  2. සසික මල්ලි ස්තූතියි. මහතා කිව්වහම අපසෙට් වගේ. අය්යා කිව්වා නම් ඇති.

    ReplyDelete

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...