Wednesday, April 20, 2016

අලුත් පාර



යම් කිසි බිරිඳකට තමන්ගේ ස්වාමිපුරුෂයා නැත්නම් සහකාරිය වෙනුවෙන් (හෝ අනෙක් පැත්තට) මෙහෙම ලියන්න පුළුවන් නම් ඒක perfect bond එකක් කියලයි මට හිතෙන්නේ. ඒකට මම හිතන්නෙ හුඟක් පින් කරලා තියෙන්න ඹ්නා.

I owe him a tremendous amount. He gave me an anchor to my emotional bearing and the sense of being born and lived a life that can in a context be called, worthwhile.

ඉහත තියෙන පාඨය මම උපුටා ගත්තේ මම කලින් වතාවකත් ලියූ සුමිත්‍රා පීරිස් මහත්මිය පුවත්පත් සාකච්ඡාවකදී දක්වා තිබූ අදහස් වලින්.  එහෙත් අද කාලෙ එහෙම බැීම් බොහොම අඩුද මන්දා. එහෙත් එහෙම බැීම් තියෙන බව නම් මම දන්නවා. බැීම් තිබුනාටම මදි ඒවා නොවෙනස්ව පවත්වාගෙන යන එකත් වැදගත්. හුක් වෙලාවට වන්නේ ජීවිතයේ කාර්‍යබහුලත්වය සහ නොයෙකුත් දේ පසුපස හඹා යාම තුල මේ බැීම් ටිකෙන් ටික ලිහිලා ගිහින් හිස් බවක් ඉතුරු වීමයි.

පසුගිය සිකුරාදා දිනක මම මරදානේ ගොඩගේ පොත් සාප්පුවට ගියේ අලුත් පොතක් මුද්‍රනයට බාර දෙන්න. ඒක පරිවර්තනයක්. කෙටි යොවුන් නවකතාවක් කිව්වොත් නිවැරදියි. පොතේ නම අලුත් පාර. වැඩිම කාලයක් ගතවුනේ පොතට නමක් දාන්න. ඉංග්‍රීසි කතාවේ නම Road to Nowhere ඉතින් මම ඇසුරු කරන කිහිප දෙනෙකුටම පිටපත දීලා නමක් යෝජනා කරන්න කීවා. නම් කිහිපයක්ම යෝජනා වුනත් වඩා සුමට ගැලපෙන නමක් ලැබුණේ නැහැ. අන්තිමේදී අලුත් පාර කියන නම දැම්මේ මම. කාලයකට ඉස්සර සහයෝගයෙන් කරපු බොහෝ දේ අද තනිවම කරන්න වෙලා.

ගිය සැරේ වගේම සිරිසුමන ගොඩගේ මහත්තයා පොත මුද්‍රණය හා ප්‍රකාශණය නොපැකිලව බාර ගත්තා. පොත සම්පූර්ණයෙන් ටයිප් කරලා දුන්න නමුත් නිම කරන්න මාසයක් දෙකක් යයි. සෝදුපත් බැලීම ගොඩගේ ආයතනයෙන් කෙරෙනවා. පිටකවර නිර්මාණය පෙරවදන ලිවීම වගේ දේවල් ඉතුරු වෙලා තියෙන්නේ.

රයිගම තරුණ කණ්ඩායමක් රයිගම හන්දියේ රයිගම් බණ්ඩාර රජතුමාගේ පිළිමයක් හදන්න යන බව ආරංචි වුණා. අවුරුදු නිවාඩුවට ගමේ ගිය වෙලාවේ මම ඒ අය කිහිප දෙනෙක් හමු වුණා. ඹවුන්ට අවශ්‍ය මෙය හැකි ඉක්මනින් හදා නිම කරන්න. පලමු කාරනය එය හදන්න යන තැන ඉඩකඩ ඉතා අඩුවීම. රූපය පිළිබවත් ඇුම් ආදිය ගැනත් නිසි හැදෑරීමක් කරන්න අවශ්‍යයි. එහෙම ඉඩක් තිබුණා නම් රජතුමා ගේ විස්තර ඇතුලත් පුවරුවක් වගේම ඹහුගේ රාජ්‍ය කාලයට සම්බන්ධ අවට පිහිටි ස්ථාන වල දල සිතියමක් එහි ඇතුලත් කිරීමට හැකි බව මම ඹවුන්ට පෙන්නා දුන්නා. පන්සලේ හාමුදුරුවන් සමග මේ ගැන කතා කිරීමේදී මේ පිටුපස දේශපාලන උවමනාවන්ද තිබිය හැකි බව දැනගන්නට ලැබුණා. ගමක මොනවා හරි කරන්න ගියහම මේ ව‍ගේ දේවල් සිදුවනවා.

Friday, April 8, 2016

අලුත් අවුරුදු



අළුත් අවුරුද්දට හැමෝම ලැහැස්ති වන හන්දා නගරය කලබලකාරි වෙළා. සාප්පු සංකීර්ණ වල ඉදිරිපස ඇතුළුවන දොරටු අවුරුදු සැරසිලි වලින් අලංකාර වෙලා. ගිණිගහන අව්ව නොතකා බොහෝ දෙනෙක් දවල්ටත් විවිධාකාර සේල් සොයා ගෙන ඇවිදිනවා. තමන්ගේ සමීපතමයන්ට තෑලි දෙන්න වෙන්න ඇති. කාර්යාලවලත් වැඩ තරමක් ලිහිල් වෙලා. වටපිටාවේ මේ වෙනස්කම් සිදු වුනත් අලුත් පරම්පරාවලට අලුත් අවුරුද්දක වෙනස තේරෙන්නෙ නැති පාටයි. කොළඹ හු දෙනෙක් තමන්ගේ ගම් පලාත් බලා යන්න සූදානම් වෙනවා. ලබන සුමානේ වන විට නගරය පාලු වෙයි. ඒ කියන්නේ නගරයේ ජීවය පවතින්නේ ගමෙන් ආපු අය හන්දා බවයි.

රයිගම ජන උරුම කේන්ද්‍රයේ ඇස්තමේන්තුව සහ වාස්තු සැලසුම් ගැන කතා කර ගන්න මහාචාර්ය ඈෂ්ලි හමු වන්නට අපි ගියා ඔහුගේ කාර්යාලයට. ඉක්මනින් එන්න හිතා ගෙන ගියත් නොදැනුවත්වම පැය තුනක් ගෙවී ගොස් තිබුණා. කතාව එතරම් රසවත්. පුරා වස්තු, විශේෂයෙන් බිතු සිතුවම් සංරක්ෂණය ගැනත් කැනීම් ගැනත් ‍බොහෝ වැදගත් අදහස් ඔහු ප්‍රකාශ කළා. බොහෝ පන්සල් වල විහාර ගෙවල් වල ඇති චිත්‍ර පුරාවිද්‍යා පනත යටතේ ස්මාරක හැටියට ගැසට් කළ විට එහි කිසිදු අළුත්වැඩියාවක් තබා කඩා වැටෙන්නට ගියත් මුක්කුවක් ගහන්න තරමවත් අවසර නැහැ අවසරයකින් තොරව. මේ නිසා බොහෝ බිතු සිතුවම් විනාශවී යනවා. දකුණු මුහුදුකරයේ පන්සල් වල ඇති වටිනා චිත්‍ර තව අවුරුදු දහයකින් පමණ නැත්තටම නැති වෙලා යන්නට ඉඩ ඇති බවයි ඔහු කීවේ. එක කාරනයක් තමයි මේවායේ ආරක්ෂාව තකා නිතරම පාහේ මේ විහාර ගෙවල් අගුලුලා වසා තිබීම. වාතාශ්‍රයට නිරාවරනය නොවීම තුල ඇති වන micro climate එක විවිධාකාරයෙන් මේ බිතු සිතුවම් විනාශයට හේතු වෙනවා. මේ සිතුවම් ඇ ඇත්තේ ගස් වල මල්, පොතු, ගෙඩි ආදිය තලා සාදා ගත් ස්වාභාවික වර්ණ වලින්. ඒ නිසා යටකී හේතු හන්දා චිත්‍ර මත ඇති වන දිලීර ආදිය ඉවත් කිරීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය වලින් චිත්‍ර තවතවත් විනාශ වෙනවා. උදාහරණයක් හැටියට දඹුල්ල විහාරය “කෞතුකාගාරයක්” බවට පත් නොකර පන්සලක් හැටියට පවත්වා ගෙන ගියා නම් එහි පැවැත්ම ‍වඩා හො වනු ඇති බවයි මහාචාර්යවරයා කිව්වේ. එහෙම වුනානම් බැතිමතුන් එහි හුන්කූරු පහන් ආදිය (පාලනයක් ඇතිව) දල්වන්නට ඉඩ ලැබෙනවා. දැනට බහුලව බලපා ඇති කුඹල් උවදුරෙන් බේරිමටත් එය හේතු වේවි. මේ ආදි වශයෙන් පන්සල් වල ඇති සිතුවම් ආදිය පවත්වාගෙන යන්න ගමේ ජනතාවගේ සහයෝගය වගේම පාරම්පරික ජන තාක්ෂණය යොදා ගැනීම වගේම සාම්ප්‍රදායිකව මෙම ස්ථාන භාවිතා කළ පරහරණය කල රටාවෙන් ඈත් නොවීමත් වැදගත් බව කියැවුණා. තවත් බොහෝ දේ එහිදී කතා කරන්නට අවස්ථාව ලැබුණා.  

රයිගම ජන උරුම කේන්ද්‍රයට අදාල සැලසුම්, ඇස්තමේන්තු සියල්ල දැන් සකස් කර අවසන්. එය වැඩ අවසන් වන විට මේ වගේ වේවි. 






Friday, April 1, 2016

ජීවිතයේ අරුත



සුමිත්‍රා පීරීස් අපේ ගෞරාවාදරයට පාත්‍ර වූ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරියක්. සමහර විට ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වලින් බහුතරය අපේ තරුණ කාලේ එලි දැක්වීමත් ඇය කෙරෙහි විශේෂ ඇල්මක් ඇති වන්න හේතු ‍වන්න ඇති. එතුමියගේ බොහෝ චිත්‍රපට ආමන්ත්‍රණය කළේ තාරුණ්‍යයට. විශේෂයෙන් ග අද්දර, ගැහැනු ළමයි,ඒ කාලේ super hits වුණා.

ඊයේ පෙරේදා පුවත්පත් සාකච්ඡාවකදී ඇය හරි අපූරු දෙයක් කියා තිබුණා.  
For  me filmmaking is raison d’etre; a reason for being – to do something with your life rather than sit around, look up and wait for that call from heaven, or hell or wherever.  

මම හිතන්නේ අද බොහෝ දෙනෙක් එහෙම ජීවිතේ යම් දෙයක් බළාපොරොත්තු සහගතව බලා සිටිනවා. (තවත් සමහරෙක් අනෙක් අන්තයේ ඉදන් සියළුම දේ අමතක කර තමන්ගේ ඉලක්ක හඹා යනවා.) බොහෝ කාලයකට ඉස්සර මගේ හිතමිත්‍ර ආචාර්ය ටියුඩර් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්නා කාලේ මට අළුත් අවුරුද්දට (ජනේරුවට) එවපු සුභපැතුම් පතක් මට තාම මතකයි. “නව වසර වාසනාවන්ත සහ සුභ එකක් වේවා ! ඒ අතරම ඒ සහා සියළුම උත්සාහ ගන්න !”
ඒ අතරම අප ඇසුරේ ඉන්න අය අතරින් යම් දෙයක් තමන්ගේ ජීවිතයේ අරුත කර ගත්ත අය ඒ ක්ෂේත්‍රයේ නිම් වළලු වලින් ඔබ්බට ගිය බව පැහැදිලිවම කියන්න පුළුවන්. සමහරෙකු රැකියාව තමන්ගේ ජීවිතයේ අරුත කරගෙන තියෙනවා, තවත් කෙනෙක් පොත පත ලීවීම, හෝ පර්යේෂණ කිරීම, ගීත හෝ කවි ලිවීම , සමාජ සේවය ආදී මෙකී නොකී දේවල ඇලී ගැලී සිටින අය දක්නට පුළුවන්. ඒ අය ඒ ඒ ක්ෂේත්‍රවල සෑහෙන දුරක් ගොස් නමක් තබා ගන්නට සමත්වෙලා තියෙනවා. ඒකට යම් ආව්ශයක් අවශ්‍යයි. නමුත් සමහරුන්ගේ දින චරියාව තුළ විසිහතර පැයම ආවේස වෙලා ඉන්නවා දකින්නට පුළුවන්. එතන නම් යම් වැරුද්දක් ඇති බවයි මට හිතෙන්නේ. ඒත් ඉතින් රැවුලයි කැදයි දෙකම බේරා ගන්න බැරුව ඇති. රස්සාවට ආවේස වුනොත් ජීවිකාව ඉතුරු වනවා වගේම ඉහළට යන්න පුළුවන් වනවා ඒත් වෙනත් ජීවිතයක් නැති වන්න පුළුවන්. වෙන විනෝදාංශයක් වගේ එකක් ජීවිතය කර ගත්තොත් ජීවිකාව නැති වන්නත් පුළුවන්.

කොහොම වුනත් මම කළින් කියූ ලිපියේ මෙහෙම සටහනක් ඇය කර තිබෙනවා ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන්;  Lester and I, we celebrated 50 years of marriage last year. He has been my companion, my mentor, my tutor, my role model, my friend – everything.

ඒක හරිම අපූරුයි. ඒත හැම ගැහැණිකටම ලෙස්ටර් ලා හමුවෙන්නේ නෑ වගේම හැම පිරිමියෙකුමට ලෙස්ටර් කෙනෙක් වෙන්නත් බැහැ.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...