සුමිත්‍රා පීරීස් අපේ ගෞරාවාදරයට පාත්‍ර වූ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරියක්.
සමහර විට ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වලින් බහුතරය අපේ තරුණ කාලේ එලි දැක්වීමත් ඇය
කෙරෙහි විශේෂ ඇල්මක් ඇති වන්න හේතු වන්න ඇති. එතුමියගේ බොහෝ චිත්‍රපට ආමන්ත්‍රණය
කළේ තාරුණ්‍යයට. විශේෂයෙන් ගඟ අද්දර, ගැහැනු ළමයි,ඒ
කාලේ super hits වුණා.
ඊයේ පෙරේදා පුවත්පත් සාකච්ඡාවකදී ඇය හරි අපූරු දෙයක් කියා තිබුණා.
For me filmmaking is raison d’etre; a reason for
being – to do something with your life rather than sit around, look up and wait
for that call from heaven, or hell or wherever.
මම හිතන්නේ අද බොහෝ දෙනෙක් එහෙම ජීවිතේ යම් දෙයක් බළාපොරොත්තු සහගතව බලා
සිටිනවා. (තවත් සමහරෙක් අනෙක් අන්තයේ ඉදන් සියළුම දේ අමතක කර තමන්ගේ ඉලක්ක හඹා යනවා.)
බොහෝ කාලයකට ඉස්සර මගේ හිතමිත්‍ර ආචාර්ය ටියුඩර් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලේ ඉගෙන
ගන්නා කාලේ මට අළුත් අවුරුද්දට (ජනේරුවට) එවපු සුභපැතුම් පතක් මට තාම මතකයි. “නව
වසර වාසනාවන්ත සහ සුභ එකක් වේවා ! ඒ අතරම ඒ සඳහා සියළුම උත්සාහ ගන්න !”
ඒ අතරම අප ඇසුරේ ඉන්න අය අතරින් යම් දෙයක් තමන්ගේ ජීවිතයේ අරුත කර ගත්ත අය
ඒ ක්ෂේත්‍රයේ නිම් වළලු වලින් ඔබ්බට ගිය බව පැහැදිලිවම කියන්න පුළුවන්. සමහරෙකු
රැකියාව තමන්ගේ ජීවිතයේ අරුත කරගෙන තියෙනවා, තවත් කෙනෙක් පොත පත ලීවීම, හෝ පර්යේෂණ
කිරීම, ගීත හෝ කවි ලිවීම , සමාජ සේවය ආදී මෙකී නොකී දේවල ඇලී ගැලී සිටින අය දක්නට
පුළුවන්. ඒ අය ඒ ඒ ක්ෂේත්‍රවල සෑහෙන දුරක් ගොස් නමක් තබා ගන්නට සමත්වෙලා තියෙනවා.
ඒකට යම් ආව්ශයක් අවශ්‍යයි. නමුත් සමහරුන්ගේ දින චරියාව තුළ විසිහතර පැයම ආවේස වෙලා
ඉන්නවා දකින්නට පුළුවන්. එතන නම් යම් වැරුද්දක් ඇති බවයි මට හිතෙන්නේ. ඒත් ඉතින්
රැවුලයි කැදයි දෙකම බේරා ගන්න බැරුව ඇති. රස්සාවට ආවේස වුනොත් ජීවිකාව ඉතුරු වනවා
වගේම ඉහළට යන්න පුළුවන් වනවා ඒත් වෙනත් ජීවිතයක් නැති වන්න පුළුවන්. වෙන
විනෝදාංශයක් වගේ එකක් ජීවිතය කර ගත්තොත් ජීවිකාව නැති වන්නත් පුළුවන්.
කොහොම වුනත් මම කළින් කියූ ලිපියේ මෙහෙම සටහනක් ඇය කර තිබෙනවා ආචාර්ය
ලෙස්ටර් වෙනුවෙන්; Lester and I,
we celebrated 50 years of marriage last year. He has been my companion, my
mentor, my tutor, my role model, my friend – everything.
ඒක හරිම අපූරුයි. ඒත හැම ගැහැණිකටම ලෙස්ටර් ලා හමුවෙන්නේ නෑ වගේම හැම
පිරිමියෙකුමට ලෙස්ටර් කෙනෙක් වෙන්නත් බැහැ.
No comments:
Post a Comment