Friday, April 8, 2016

අලුත් අවුරුදු



අළුත් අවුරුද්දට හැමෝම ලැහැස්ති වන හන්දා නගරය කලබලකාරි වෙළා. සාප්පු සංකීර්ණ වල ඉදිරිපස ඇතුළුවන දොරටු අවුරුදු සැරසිලි වලින් අලංකාර වෙලා. ගිණිගහන අව්ව නොතකා බොහෝ දෙනෙක් දවල්ටත් විවිධාකාර සේල් සොයා ගෙන ඇවිදිනවා. තමන්ගේ සමීපතමයන්ට තෑලි දෙන්න වෙන්න ඇති. කාර්යාලවලත් වැඩ තරමක් ලිහිල් වෙලා. වටපිටාවේ මේ වෙනස්කම් සිදු වුනත් අලුත් පරම්පරාවලට අලුත් අවුරුද්දක වෙනස තේරෙන්නෙ නැති පාටයි. කොළඹ හු දෙනෙක් තමන්ගේ ගම් පලාත් බලා යන්න සූදානම් වෙනවා. ලබන සුමානේ වන විට නගරය පාලු වෙයි. ඒ කියන්නේ නගරයේ ජීවය පවතින්නේ ගමෙන් ආපු අය හන්දා බවයි.

රයිගම ජන උරුම කේන්ද්‍රයේ ඇස්තමේන්තුව සහ වාස්තු සැලසුම් ගැන කතා කර ගන්න මහාචාර්ය ඈෂ්ලි හමු වන්නට අපි ගියා ඔහුගේ කාර්යාලයට. ඉක්මනින් එන්න හිතා ගෙන ගියත් නොදැනුවත්වම පැය තුනක් ගෙවී ගොස් තිබුණා. කතාව එතරම් රසවත්. පුරා වස්තු, විශේෂයෙන් බිතු සිතුවම් සංරක්ෂණය ගැනත් කැනීම් ගැනත් ‍බොහෝ වැදගත් අදහස් ඔහු ප්‍රකාශ කළා. බොහෝ පන්සල් වල විහාර ගෙවල් වල ඇති චිත්‍ර පුරාවිද්‍යා පනත යටතේ ස්මාරක හැටියට ගැසට් කළ විට එහි කිසිදු අළුත්වැඩියාවක් තබා කඩා වැටෙන්නට ගියත් මුක්කුවක් ගහන්න තරමවත් අවසර නැහැ අවසරයකින් තොරව. මේ නිසා බොහෝ බිතු සිතුවම් විනාශවී යනවා. දකුණු මුහුදුකරයේ පන්සල් වල ඇති වටිනා චිත්‍ර තව අවුරුදු දහයකින් පමණ නැත්තටම නැති වෙලා යන්නට ඉඩ ඇති බවයි ඔහු කීවේ. එක කාරනයක් තමයි මේවායේ ආරක්ෂාව තකා නිතරම පාහේ මේ විහාර ගෙවල් අගුලුලා වසා තිබීම. වාතාශ්‍රයට නිරාවරනය නොවීම තුල ඇති වන micro climate එක විවිධාකාරයෙන් මේ බිතු සිතුවම් විනාශයට හේතු වෙනවා. මේ සිතුවම් ඇ ඇත්තේ ගස් වල මල්, පොතු, ගෙඩි ආදිය තලා සාදා ගත් ස්වාභාවික වර්ණ වලින්. ඒ නිසා යටකී හේතු හන්දා චිත්‍ර මත ඇති වන දිලීර ආදිය ඉවත් කිරීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය වලින් චිත්‍ර තවතවත් විනාශ වෙනවා. උදාහරණයක් හැටියට දඹුල්ල විහාරය “කෞතුකාගාරයක්” බවට පත් නොකර පන්සලක් හැටියට පවත්වා ගෙන ගියා නම් එහි පැවැත්ම ‍වඩා හො වනු ඇති බවයි මහාචාර්යවරයා කිව්වේ. එහෙම වුනානම් බැතිමතුන් එහි හුන්කූරු පහන් ආදිය (පාලනයක් ඇතිව) දල්වන්නට ඉඩ ලැබෙනවා. දැනට බහුලව බලපා ඇති කුඹල් උවදුරෙන් බේරිමටත් එය හේතු වේවි. මේ ආදි වශයෙන් පන්සල් වල ඇති සිතුවම් ආදිය පවත්වාගෙන යන්න ගමේ ජනතාවගේ සහයෝගය වගේම පාරම්පරික ජන තාක්ෂණය යොදා ගැනීම වගේම සාම්ප්‍රදායිකව මෙම ස්ථාන භාවිතා කළ පරහරණය කල රටාවෙන් ඈත් නොවීමත් වැදගත් බව කියැවුණා. තවත් බොහෝ දේ එහිදී කතා කරන්නට අවස්ථාව ලැබුණා.  

රයිගම ජන උරුම කේන්ද්‍රයට අදාල සැලසුම්, ඇස්තමේන්තු සියල්ල දැන් සකස් කර අවසන්. එය වැඩ අවසන් වන විට මේ වගේ වේවි. 






No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...