Sunday, May 29, 2016

විලම්බීත

අද ටී.බී. ඉලංගරත්න සූරීන් ගේ විලම්බීත නවකතාව ඇසුරින් නිර්මාණය කරපු විලම්බීත DVD පටය නරඔන්න ඉඩ ලැබුණා. විලම්බීත කතාව අපේ ජීවිත වලට බොහොම කිට්ටුයි. විලම්බීත නවකතාවෙන් කියැවෙන්නේ වඩාත් රසගන්වපු ටී.බී. ඉලංගරත්නයන් ගේ ජීවිත කතාවේ ළමා කාලය වෙන්න ඇති. අපට මේ කතාව කිට්ටු වන්නේ අපේ තාත්තගේ පොත් එකතුවේ තිබුණු සහ අපි ඉතා කුඩා කාලෙම කියවපු පොත් වලින් එකක් මෙය වූ හන්දාත් කතානායක තිලක මුහුණ දෙන බොහෝ අත්දැකීම අපටත් පොදු වන හන්දාත්. පොත කියවලා තිබුණත් පහේ ශිෂ්‍යත්වය පාස්වෙලා කොළඹ ඉස්කෝලේ නේවාසිකාගාරයට එනකොට තිලකට වගේම අපටත් තිබුණු අළුත් තැනකට යන එකේ කුතුහලය. එහෙත් ජීවිතේ පළමු වරට ගෙදරින් පිටවෙලා අළුත්ම නුහුරු පරිසරයක ආගන්තුක එහෙත් අඩුවැඩි වශයෙන් සමාන අත්දැකීම් ලබන යහළුවන් සමග එකට දුක සැප බෙදා හදාගන්න එක ලෙහෙසි වුනේ නැහැ. තිලක වගේම ඒ දවස්වල අපි හිටියේ සිකුරාදා වෙනකන් බලාගෙන. ගෙදර යන්න. පවුලේ අය සමග ඇති බැීම කොයි තරම්ද කියළා අපට තේරුණේ නේවාසිකාගාරේ ඉන්න වුනහම. ජීවිතයටම ආයිත් පාරක් පරන විදිහට එකට ගෙදර ඉන්න බැරිවෙයි කියළා හිතුනහම ඇ‍‍ඩෙන්න තරම දුකක් ඇතිවුනේ. මොකද ඉස්කොලෙන් පස්සේ විශ්ව විද්‍යාලෙ ඊට පස්සෙ, රස්සාව ..... ඉතින් ඉස්සර වගේ ආයිත් අම්මා උයන කෑම ගෙදර හැමෝම එකට කාලා, වෙල ල ලිදෙන් නාගන්න, වත්ත පිටියේ පැන දුවන්න, තාත්තත් එක්ක කුඹුරුට බැහැලා මඩ නාගන්න අහල පහල ළමයි එක්ක සෙල්ලම් කරන්න මේ ආදි සියළු දේ වලින් ඈත් වනවා කියා සිතීම දරාගන්න බැරිතරම්. පෝය නිවාඩුවක් සති අන්තයට කිට්ටුවෙන්න තිබුනොත් අපි එදාට ගෙදර හිටියේ. අම්මත් එක්ක අපි ඔක්කොම කට්ටිය පෝය හ යටින් පන්සල් යනවා  පන්සලේ හුන්කූරු සුවත්, පොල්තෙල් පහන් දැල්වෙනකොට එන සුවත් මල් සුවත් එකතු වුනහම සිත බොහොම සැදැහැවත් වෙනවා. බුදුගේ වටේ තියන ජාතක කතා වල පින්තූර දැක්කහම ගෙදර අය එක්ක හැමදාම මේ විදිහට ඉන්න බැහැනේද කියන සිතුවිල්ල ඇති වෙන්න නේවාසිකාගාරේ ඒ දිනවල සිටි එක හුක්ම හේතු වන්න ඇති.

මම ඇත්තමට තාත්තගේ විලම්බීත පොත නේවාසිකාගාරයටත් අරන් ගියා. ඒක මහරගම සමන් මුද්‍රනාලයේ අච්චු ගහපු ඉතා හො නිමාවෙන් තිබුණු පොතක්. අපේ සයනාගාරේ හැමෝම වගේ එය කියවන්න ඇති. අන්තිමට අපි මාරයා කියපු ගම්පහ ඉදන් ආපු මාරසිංහ නම් අපේ කාමරේ හිටපු ඉතා දඩබ්බර ලමයා අතින් ඒ පොත නැතිවුණා. ඔහු සාමාන්‍යයෙන් කිසිම දෙයක් ගනන් ගන්න කෙනෙක් නෙමෙයි. ඒත් පොත නැතිවුණ එක ගැන මම කම්පා වුන හැටි ඔහුට හැුනා වෙන්න ඇති දින කිහිපයකින් ඔහු විලම්බීත වෙන මුද්‍රනයක් මට ගෙනත් දුන්නා මොකුත්ම නොකියා. මම හිතන්නේ ඔහු එය පුස්තකාලෙන් නැත්නම් වෙන කාගෙන් හරි හොරකම් කර ගත්තු එකක්.මෑතක් වෙන තුරු අපේ මහගෙදර තිබුනේ මාරසිංහ ගෙනත් දුන් ඒ පොතයි.


මුල් කාලෙදි තාත්තා ආවා බසයෙන් අපව ගෙදර එක්ක යන්න. බොහෝ ඈතින් පැමිණි ළමුන් හැම සති අන්තයකටම ගෙදර ගියේ නැහැ. තාත්තා අපව රැගෙන යන්න එන්නේ පාසලේ එදිනට උගන්වන කටයුතු අහවර කරලා. ඒ හන්දා හවස හතරට පහට තමයි අපි මරදානෙන් ගෙදර බලා එන්නේ. සිකුරාදාට තාත්තා එනකම් නොඉවසිල්ලෙන් බලා ඉන්න වෙලාව මට තාමත් මතකයි. තාත්තට වැඩක් යෙදිලා එන්න බැරි වෙයිද කියන බය අපට තිබුණා. නේවාසිකාගාර අත්දැකීම් මට වගේම බොහෝ දෙනෙක්ට විලම්බීත හි තිලකගේ අත්දැකීම වලට සමාන ඇති. ගමේ ඉස්කොලෙට ගිහින් පවුලේ පළමු වරට කෙනෙක් කොළඹ පාසලකට යන කොට මුහුණ දෙන දේ බොහෝ සමානයි. 

Wednesday, May 25, 2016

වෙසක්

මෙවර වෙසක් උත්සවය තරමක් වෙනස් මුහුනුවරක් ගත්තේ ගංවතුරෙන් හා නායයාම් වලින් බොහෝ  පිරිසක් විපතට පත්වීම හේතුවෙන්. දන්සැල් නවත්වා ඒ ආහාර විපතට පත්වූ අයවෙත බෙදා දීමට බොහෝ දෙනා කටයුතු කර තිබුණා. අපේ ගෙදරත් වෙනදා වෙසක් කූඩු කිහිපයක් හැදුවත් විදුලි බල්බ වලින් සෑහීමට පත්වන්න මෙදා සිදු වුනා.
පත්තරේ ලිපියක් දැක්කහමයි මතක් වුනේ වෙසක් කාඩ් ගැන. වෙසක් කාඩ් අපි පුංචි කාලේ වෙසක් සමග කිට්ටුවෙන් බැුනු දෙයක්. පත්තරේ තිබුනු විස්තර අනුව තවමත් වෙසක් කාඩ් මුද්‍රනය වෙනවා. ඒ දවස්වල තිබුනු වෛවාර්න වෙසක් කාඩ් අතර සුජිකලා වෙසක්පත් වල නම මතක හිටියේ නම ටිකක් අමුතු හන්දා වෙන්න ඇති. අපි බොහෝවිට ගත්‍ තේ තැපල් පත් ප්‍රමාණයේ වෙසක් පත් ලොකු ඒවා සහ නොයෙකුත් රටා සහ කැපුම් වලින් අලංකාර වූ ඒවා තිබුනත් ඒවා මිල අධික වුණා. සමහරවිටක අපි ‍තැපැල්පත් ගෙනල්ලා විවිධ හැඩතල කපා පෝස්ට්කාඩ් එක මත තබා කුකුල් සායම් සහ පරන දත් බුරුසුවක් සහ පනාවක් ආධාරයෙන් තීන්ත ඉසීමෙන් අපූරු නිර්මාණ කළා. ගල් කනුවයි චෛත්‍යයි තමයි සම්ප්‍රදායික වෙසක් පත. කොහොම උනත් මුද්‍රිත කාඩ්පත් කවුරුත් ප්‍රිය කළා. ඒවයේ මුද්‍රන තීන්ත වල ‍සුව පවා අපට දැනුනා. සමහර වෙලාවට තිබුනු ප්‍රශ්නයක් තමයි කාඩ්පත් වල diversity එක අඩුවීම. ඒ කියන්නේ එක ජාතියේම කාඩ් වැඩිපුර ගැවසීම.
කූඩු හැදීමෙත් එක්තරා තරගයක් තිබුණා කිව්වොත් හරි මගේ හි‍තේ. අපේ හන්දියේ උඩින් හැමදාම වගේ අහස් යානයක් එල්ලුනා. හැමදාම ඒක හැදුවේ එක් කෙනෙක් ද නැත්නම් වෙන වෙන අයද දන්නේ නැහැ. එහෙත් හැම අවුරුද්දෙම තිබුනේ අහස් යානයක් බවයි මතක. මම මුලින් ගිය පාසලේ බිත්ති කනුවල එල්ලන්න සෘජුකෝනාස්‍ර කූඩු හදලා එයට ඉස්සරහ පැත්තෙන් කඩෙන් ගෙනෙන පින්තූරයක් ඇලෙවුවා. ඒ පින්තූර වල බොහෝවිට තිබුනේ සත්සතිය වගේ චිත්‍ර. ඒ පෙට්ටිවල යටින් පොල්තෙල් පහනක් තමයි බොහෝවිට පත්තු කලේ. ඊට අමතරව තාරුකා, අටපට්ටම් සහ නෙළුම් මල් වගේ කූඩු සාමුහිකවත් තනිවත් හැදුවා. ඉස්කොලේ මිදුලේ කෙහෙල් කවල් කිහිපයක් පාර දෙපස හිටවලා එයට ඉරටු නමා ගසා පහන් රවන රාශියක් සාදා ඒමත පහන් දැල්වූවාම හරිම අලංකාරයි.

වෙසක් පහන් වලට මුලින්ම විදුලි බුබුළු සවිකර පැටවු කූඩුවක් හැදුවේ කොළඔ ඉස්කෝලෙට ආවට පස්සේ නේවාසිකාගාරයේදී. අපේ සයනාගාරය භාරව සිටි ගුනතිලක සර් උසස් පෙළ රසායන විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙක්. ඔහු තමයි වෙසක් කූඩුව හදන්න මුල්වුනේ. ඒ වගේම කූඩුවේ ආකෘතිය අලුත්ම එකක් වුණා. මම හිතන්නේ ඒක ඔහුගේ නිර්මාණයක්. ක්‍රිස්ටල් එකක ආකෘතියක් වගෙයි. පසුව අපි ගෙදර ගිහිනුත් ඒවගේ කූඩු හැදුවා. ඒත් කලාතුරකින් වත් වෙන තැනක ඒ කූඩු වර්ගය දැකලා නැහැ. 

Sunday, May 22, 2016

P.S.

ඊයේ ලියු දෙයට පසුවදනක් හැටියට මෙය ලියන්නේ. මොනොලොග් එකක් හේතුවෙන් අනෙක් අයගේ අදහස් මෙහි පිළිඹිඹු නොවුනත් බොහෝ දෙනෙක් මගේ අදහසට එක නොවන්නත් ඇති. මම කිව්වේ (මහපාරේ) විනීතකම ගැන මා ලියූ දේවල්. ඊයේ facebook එකට ගොඩවෙලා වොෂින්ටන් පින්තූර කිහිපයක් දැම්මා ඒවට ලයික් වගේම කොමෙන්ට් කීපයකුත් ලැබී තිබුණා. ඒ අතරතුරේ යහලුවන් කිහිපදෙනෙක්ගේ සටහන් කිහිපයකින්ම කියවුනේ අපේ රටේ මිනිස්සු කොයිතරම් සංවේදීද කියන එක. දැනට ලංකාවේ ජීවත් වන තුර්කි ජාතික කාන්තාවක් ලියපු සටහනක් උපුටා දක්වපු යහලුවගේ සටහනේ තිබුනේ ඇයට මේ වගේ කිසිම රටක් හම්බවුනේ නැතිබවයි. සුපර්මාර්කට් වල වියළි ආහාර රාක්ක හිස්වී ඇත්තේ විපතට පත් අයට යැවීම සහා බව බොහෝ දෙනෙක් ලියා තිබුණා. විපතක් වුනහම එහෙම උදව් කරන එක බොහෝවිට දකින්නට පුළුවන්. මාධ්‍යත් මේකට බද්ධවී ඇතිවා පමණක් නොවෙයි එය තරගයක් තරමට තියුණු වෙලා. ඒක එක්තරා රැල්ලක් වගෙයි පෙනෙන්නේ. කොහොම වුනත් අවසාන ප්‍රතිඵලය නරක නැහැ. අවසාන පරමාර්ථ මොනවා වුනත්. බුද්ධාගමත් මෙයට බලපා ඇති.

ආයිත් ඇමරිකාවට ගියොත් කොරියන් යුද්ධයේ ස්මාරකය සහ වියට්නාම් යුධ ස්මාරක බලන්න අපි ගියා. අපේ මගපෙන්වන්නිය ලතින් ඇමරිකානු සම්භවයක් සහිත එහෙත් ඇමරිකානු සුදු ජාතිකයකු හා විවාහ වූ අයෙක් බව කිව්වා. කෙසේ වෙතත් ඇය ඇමරිකානු පුරවැසියෙක්. ඇය මේ ස්මාරක ගැන ඇය කළ විස්තරය වඩා විෂය මූලිකයි. ඒ ඇතුලේ පොඩි ස්වයං විවේචනයක් තිබුණා.(මෙය Average ඇමරිකානු ජාතිකයකුගේ හැඟීමදැයි මා දන්නේ නැහැ.) විශේෂයෙන් වියට්නාම් යුද්ධය පිළිබව. කෙසේ වෙතත් දකුණු කොරියන් වැසියන් තවමත් ඇමරිකාවට ස්තූතිවන්ත වන බව කියන්න ඇය අමතක කළේ නැහැ. ඒ ඇය සමාන්‍යෙයන් සංචාරකයන් සහා කරන ආකාරයම තමා කියා අපට තේරුනේ. පෙන්ටගනයට ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදීත් ඇය ඒ අසල සංචාරක කණ්ඩායමක් සමග සිටි බව ඈ කීවා.


කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වෙන ස්ථානයේ පරීක්ෂාවෙන් පස්සෙයි මම දැක්කේ ඊට අල්ලපු කවුන්ටරයේ ඉන්නේ අප සමග කලින් දෙපාර්තමේන්තුවක වැඩ කළ සගයෙක් බව. ඹහු දැක්කේ අවුරුදු ගානකට පස්සේ. පළමු වතාවටයි මම දැක්කේ ඹහු නිල ඇුමෙන් ඉන්නවා. මම යන ගමන් ඹහුට හායි කිව්වේ රාජකාරියට බාධා කිරීම හො නැති නිසා විතරක් නෙමෙයි. ඹහුගේ සේවය බලාපොරොත්තුවෙන් සිටිය පෝලිම බොහෝ දිග හන්දා. එහෙත් ඹහුට ටිකක් කතා කරන්න උවමනාව තිබ්බා. මම ඹහුව ගනන් ගත්තේ නැහැ කියළා ඹහු සිතුවාද මන්දා? මට ඒක ඒ වෙලාවේ අමතක වෙලා ගියත් දැන් ආයිත් මතක් වුනා. සමහර තැන් වලදී සීමාව සොයා ගන්න තරමක් අමාරුයි. 

Friday, May 20, 2016

එහෙත් හරි වැස්ස

පසුගිය සතිය ගතවුනේ වොෂින්ටන් නුවර. මේ දිනවල කොළඔ පවතින වැසි අඳුර එක්ක මේ නගර දෙකේම පරිසරයේ වැඩි වෙනසක් දක්නට තිබුනේ නැහැ. එකම දේ ඇමරිකාවේ උෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් අංශක දොලහක පමන පැවතීමයි. අපි යද්දි අබුඩාබි නැවතිලා රුසියාවට උඩින් පියාසර කළා. කසාන්, ක්‍රෂ්නදාර් සහ රස්ටොප් යන හුරුපුරුදු නගර සහ ඉස්සර නිසලව ගලා ගිය දොන් නදිය පහතින් දකින්නට ලැබුණා. ඒත් බහින්නට පුළුවන් කමක් නෑ. අපි නැවතිලා හිටියේ වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ග්ටන් කියන කවුන්ටි එකේ තිබුනු Hyatt හෝටලයේ.

පසුගිය දින කිහිපයේම ඇද හැලුනු වර්ෂාව හන්දා හැමතැනම ගංවතුර ගලලා පාරවල් යටවෙලා ගෙවල් කැඩිලා ආපදාවන් ගොඩයි.කෑගල්ල රත්නපුර පැතිවල නාය ගිහින්. හංවැල්ල, මීගමුව, දිවුලපිටිය වැනි නගර වලත් පාරවල් යටවෙලා. බොහෝ දෙනෙක් විපතට පත් වෙලා.


සතියක් කාර්යාලෙත් ගෙදරත් නැති වුනහම වැඩ ‍ගොඩ ගැහෙනවා. ඒක හදා ගන්න තව සතියක් යයි. ඇමරිකාවේ සිටිය සතිය තුලදී මම කලිනුත් ලියා ඇති පරිදි පාර තොටේදී සහ අනෙකුත් පොදු තැන්වලදී දක්වන ආචාරශීලිත්වය අත්දකින්නට ලැබුණා. අපේ රටට සාපේක්ෂව ගත්තහම ලෝකයේ බොහෝ රටවල මිනිසුන් ආචාරශීලිව හැසිරෙනවා. ඉස්සර අපේ ගම්වල උදවිය අතරේ නම් එහෙම ආචාරශීලිත්වයක් තියෙන්න ඇති බවට සළකුනු අපි ඒ කාලේ දැක්කා. එකිනෙකා පරයා යන තරගයකට එළඹුන දා පටන් මේ ගුණධර්ම වියැකී යන්න පටන් ගත්ත වගෙයි පෙනෙන්නේ. ඒවා පහලින් ඉහලට හැදෙන ක්‍රමයක් නැහැ වගේ. ඒ හන්දා ඉහල සිට පහලටවත් හදන්න අවශ්‍යයි. 


ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...