Saturday, March 19, 2016

පාළුව මට දැනුනා

ගමේ ගිහින් කිරි අම්මලාගේ දානයකට සහභාගී වුනේ පුංචි කාලයේ සහභාගී වුනාට පස්සේ. පත්තිනි දෙවියන්ගේ ගුණ සිහිකරලා යම් කෙනෙක් යම්කිසි පිහිටක් පතා බාරයක් වුනාහම එය නිදහස් කරගන්න තමයි කිරිඅම්මලාගේ දානය පවත්වන්නේ. එහිදී කෙරෙන ගායනා මේ කාරනය අපූරුවට නිරූපනය කරනවා. සහභාගී වන තරුණ සහ වයසින් වැඩි කිරි අම්මලා එය සිදු කරන්නේ ඉතාමත් සැදැහැ සිතකින්. මම හිතුවේ අද කාලයේ හැටියට එයත් නවීකරනයට ලක්වෙලා ඇති කියළා. ඒත් එහෙම බවක් පෙනුනේ නැහැ. මේ වගේ සම්ප්‍රදායික වතාවත් කාලානුරූපව නවීකරනය වීම අවශ්‍ය දෙයක්. ඒත් මූලික හරය රැක ගනිමින් එහෙම කිරීමයි අවශ්‍ය වන්නේ. අපේ උදව්වට ඇවිත් හිටිය ගුනදාස අයියා නම් කිව්වේ කිරිඅම්මලාගේ දානෙත් සමහරක් දේවල් දැන් වෙනස් වෙලා කියළා. එම කියන වෙනස කාලානුරූප වෙනසක් වෙන්න ඇති. කොහොම වුනත් මේ දානය සහා ගෙදර අයට ඉතා මහන්සියක් දරන්න වෙනවා. අපේ ගෙදර නම් ඉතාමත් ආත්මාර්ථකාමී විදිහට අඩුම වෙහෙසක් දැරුවේ එහි ආතුරයා වුණු මම. පූජාවට තියන්න අන්නාසි ගෙඩියක් ගෙන ගියා ඇරෙන්න මගෙන් කෙරුනු දෙයක් නැහැ. ගිය සතියේ දියතලාවේ ගියේ ලොකු මාමාගේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වුණු දානයට සහභාගී වන්නයි. බොහෝ කාලෙකට ඉස්සර ගෙදර හැමෝමත් එක්ක කෝච්චියෙන් ගිහින් දියතලාවේ දුම්රියපලෙන් බැහැලා බෑග් මලු උස්සගෙන සීතලේ පයින් ආපු හැටි මතකයි. ‍එහෙත් එදා තෙහෙට්ටුවක් හෝ වෙහෙසකාරී බවක් දැනුනෙම නැහැ. සටහන කෙටි වුනු හන්දා මා ප්‍රිය කරන සින්දුවලින් එකක් මතක් කරන්නම්.

මම ඉතාමත් ප්‍රිය කරන විරහ ගීත අතර, නන්දා මාලිනියගේ කඩමන්ඩියේ, විශාරද නීලා වික්‍රමසිංහගේ වියෝ ගී ගැයෙනා හදේ, ඇතුලු බොහෝ ගීත අතරින් මා දන්නා තරමින් ක්ලැරන්ස් විජේවර්ධන ලියා සංගීතවත් කරපු මේ ගීතය එහි පද, සංගීතය වගේම ගායනයේ අපූර්වත්වයක් මා දකිනවා. බැීමක් බිී යාමකදි කෙනෙකුට ඇතිවන තනිකම පාලුවත් එක්ක ඇති වන (මා අතහැර යන්න) මගේ මොනවද අඩු වුනේ කියන හැීම සංවේදී හදවතක් උපේක්ෂාවෙන් විින විදිහ මේ ගීතයේ ඇති බව මට හිතෙනවා. සුන්දර අතීතයක ලස්සන සහ එහි නිමාව ගීතයෙන් කියන්නේ ඉතා කලාත්මකව.   

හා හා හොරේ දැනුනා දැනුනා
මට නාවේ මොකෝ කියළා
මා හා ඔබේ තරහක් තිබුණා
නම් නොකීවේ මොකෝ සිතුනා

පහල ඇලේ දිය බුබුලේ
අමුතු සීතලක් දැනුනා
දෙවැට දිගේ එන අතරේ
ඔබ හමුවේ යැයි සිතුනා.

ලිහිණි ගිරා කැල වන බැද්දේ
ගී හ මට ඇසුණා
අවරගිරේ හිරු බැස යද්දී

පාළුව මට දැනුනා 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...