Sunday, July 24, 2016

ශ්‍රීපාලිය


සෙනසුරාදා දවස වැඩි වෙලාවක් ගෙවුණේ හොරණ නගරයේ. හොරණ ශ්‍රීපාලිය ආශ්‍රිතව පවතින කොළඹ විශ්වවිද්‍යාලේ ජනමාධ්‍ය සහ ප්‍රසාංග කලා පාඨමාලාවන් පැවැත්වෙන පීඨාධිපති වූ ආචාර්‍ය ටියුඩර් වීරසිංහ මගේ කිට්ටු මිතුරෙක්. මේ දිනවල විශ්ව විද්‍යාලෙට අලුතින් සිසුන් බදවා ගන්න සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ කියන්නේ ඹ්නම විෂයධාරාවකින් උසස් පෙළට පෙනී සිට මූලික සුදුසුකම් සපුරපු ඕනම කෙනෙක්ට මේ සම්මුඛ පරික්ෂණයට පෙනී සිටින්න පුළුවන්. විල්මට් ඒ පෙරේරා මහතා විසින් නිර්මාණය කරපු ශ්‍රීපාලි මහා විද්‍යාලය පිහිටා ඇති කදු වැටියේ ඉහළ කොටසේ තමයි මණ්ඩපය පිහිටා තියෙන්නේ. සුන්දර පරිසරයක්. විශ්ව විද්‍යාලයක් හැටියට යටිතල පහසුකම් තවත් බොහෝ ලබා දෙන්න වෙයි.




ඇත්තටම අපට අවශ්‍ය වුණේ මේ කන්දේ ඇති බව කියන ප්‍රාග් ‍‍ඓතිහාසික බිම් ගැන හෝඩුවාවක් හොයා ගන්න. මගේ මිත්‍රයා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටි හන්දා ඔහුට අප සමග ඇවිදින්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. ශ්‍රීපාලයේ අරුන්දතී ශාලාවට ඉහල කොටසේ තමයි විශ්ව විද්‍යාලයට අයත් ගොඩනැගිලි බොහොමයක් තියෙන්නේ. බොහෝ තැන් වල ඝන කැලෑව වැවිලා. අපට අවශ්‍ය හෝඩුවාවක් හොයා ගන්න නම් ඒ කැලෑ ඇතුලට රිංගන්න ඕනා. අපේ කණ්ඩායමට ප්‍රදේශයේ ග්‍රාම සේවක ඇතුළු තවත් සාමාජිකයින් හතර දෙනෙක් එකතු වන්න හිටියත් අන්තිමට අපි දෙන්නෙක් විතරයි එකතු වුණේ. අවාසනාවකට හෝ වාසනාවකට ඒ මමත් තව එක් female සාමාජිකාවක්. ඉතින් කැම්පස් එකක් ඇතුලේ කැලෑ රොදවල් වලට ගෑනු ලමයෙක් එක්ක තනියම රිංගන (I didn’t mind) එක ඒ තරම් නුවනට හුරු නැති නිසා අපිට මේ ගැන සොයා බැලීම වෙන දවසකට කල් දාන්න සිදු වුණා.  

පසුව සුලුවෙන් හෝ මිත්‍ර  සමාගමකුත් පවත්වන්න කතිකා කරගෙන අපි ගියා වරකාගොඩට. හොරණ සිට මතුගම පාරේ කිලෝමිටර් පහලොවක් පමණ යන විට වරකාගොඩට යන්න පුළුවන්. වරකාගොඩ ලෙන් විහාරයේ තිබුණු නුවර යුගයේ පැරණි චිත්‍ර බොහොමයක් අලුත් කරන්න ගිහින් නාස්ති කරළා. ඊට ටිකක් එහායින් ඇති හන්දියෙන් ඉහලට යන්න තියෙන පාරෙන් ගියාම ගනේඋඩ පන්සල හමු වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ඇති ගලින් කළ ගොඩනැගිලි වල නටඹුන් ඇත්තේ එහි. මෙහි ඉතිහාසය සොයා බලන්න වෙලාවක් නැති වුනත් මෙහි කාලයකට ඉස්සර දලදා වහන්සේ වැඩ සිටි බව අහන්නට ලැබුණා. ඊටත් තරමක් එහායින් තවදුරටත් නෑබඩ පැත්තට ගිහින් දකුණට යන්ට ඇති අතුරු පාරකින් ගියාම කොට වෙහෙරක් හමු වෙනවා.







මේ සියල්ල බලා නැවතත් ශ්‍රීපාලියට එන විට එදාට නියමිත සම්මුඛ පරීක්ෂණ ඉවරවී තිබුණු හන්දා හොරණ තානායම බලා ගොස් මද වේලාවක් පිළිසදරේ ඉන්න අපිට වෙලා තිබුණා. 


No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...