Sunday, July 10, 2016

බොධිනාගල

හොරණ සහ ඉංගිරිය අතර පෝරුවදණ්ඩ හන්දියෙන් කිලෝමීටර දෙකක් පමණ ඉංගිරිය පැත්තට යන කොට දකුණු අත පැත්තට ඇති අතුරුපාරකින් බෝධිනාගල ආරන්‍ය සේනාසනයට ප්‍රවේශ වන්න පුළුවන්. ආරන්‍යයට යන්නට නම් මහපාරේ (පානදුර - රත්නපුර A 8 මාර්ගය) සිට කිලෝමීටර තුනහමාරක් විතර අතුරු පාරේ යන්න ඹ්නා. බොහෝ කාලයකට ඉස්සර මේ ආරන්‍ය ගැන විස්තර අහලා තිබුනත්, පානදුර රත්නපුර පාරේ නිතරම පාහේ එහේ මෙහේ ගියත් කවදාවත් මෙතනට යන්න අවස්තාවක් ලැබුණේ නැහැ. පසු කාලෙක තමා දැනගත්තේ මෙය වන සංරක්ෂිතයක් සහ ප්‍රාග් ‍ ‍‍ඓතිහාසික බිමක් බව.

පසුගිය බදාදා රාමසාන් උත්සවය හන්දා අපට නිවාඩු. මා කලිනුත් ලියා ඇති පුංවි කාලේ  අපේ කුහුල වඩවපු හොරණ ඇති තැන් වලින් ප්‍රධාන වන්නේ වනහාමි ගේ ගල්ලෙන. අපි එදින යොදා ගත්තේ වනහාමිගේ ගල්ලෙන බලන්න යන්න. මුලින්ම අප ගියේ හොරණ රජ මහා විහාරයට. එහි ලොකු හාමුදුරුවන් සමගත් කතා කරළා එහි ඇති නුවර යුගයේ බිතුසිතුවම් සහ සදකඩපහණ ඇතුලු අනෙකුත් පුරාවස්තුත් නරඹලා අපි පිටත් වුනේ හොරණ නගරයේ බස් නැවැතුම් පොලට උතුරෙන් එක පාරටම පොලොවෙන් මතු වෙළා වගේ පෙනෙන ඇල්ල කන්දේ ඇති වනහාමිගේ ගල් ගුහාව බලන්න. ඒ ගමනට අප හා සහභාගී වුණේ ප්‍රදේශයේ ග්‍රාම සේවක මහතුන් දෙදෙනෙකු. ඇල්ලකන්ද වෙත දිවෙන හොරණ රබර් වතු යායට අයිති පාරේ අවසාන කොටස කාර් එකකින් යන්න තරමක් අමාරුයි. ඒ ගමනට කැබ් එකක් තමයි හරියන්නේ. ඒ හන්දා අප මගක් දුර සිට පයින් ගමන් කළා. ඇල්ල කන්දට ඒ නම ලැබුණු ඇල්ල මේ වන විට බොහෝ සෙයින් සිදී ගොස් ඇති බවයි පෙනුණේ.


වනහාමිගේ ගල්ලෙන පිහිටියේ කන්ද මුදුනට වන්නට. එය ප්‍රාග් ඓතිහාසික බිමක් බව කියැවෙනවා. ඒ සළකුණු එහි හදුනාගන්නට පුළුවන්. කෙසේ නමුත් මේ කරුණු තහවුරු කරගන්නට කැණීමක් කරන්නට අවශ්‍යයි. මේ වගේ ලංකාව පුරා ඇති දහස් සංඛ්‍යාත ස්ථාන වල කැනීම් කරන්නට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සෑහෙන කලක් යයි. ඊට කළින් මේ තැන් කාලයාගේ සංවර්ධන කටයුතු හරහා වැසී යන්නටත් ඉඩ තියෙනවා. ඒ හන්දා මේ ස්ථාන නිසි පරිදි මූලිකව හදුනාගෙන අනාගත පරම්පරා වලට අළුත් තාක්ෂණයත් යොදා ගෙන හදාරන්නට ඉතුරු කරන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් ප්‍රදේශයේ පාසල් සිසු දරුවන්, පුරාවිද්‍යා උපාධිධාරී ගුරුවරුන් යොදාගෙන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කැණීම් කරන්නට පුළුවන්. නමුත් එහි භයානක කම මේ කටයුතු වලින් නිදන් හොරුන් වඩා ක්‍රියාකාරී සියල්ල විනාශ කරන්නටත් ඉඩක් තියෙන නිසා.



දවල් එක විතර වෙනකොට අ‍පිට හොරණ නගරයට ආපසු එන්නට පුළුවන් වුන හන්දා දවසේ ඉතිරි කාලය බෝධිනාගලට ගිහින් එන්න අපි හිතුවා. ඇත්තටම බොධිනාගල සිත්කලු තැනක්. ප්‍රාග් ඓතිහාසික ස්ථානයක සලකුණු වශයෙන් ගල් ගුහාවක් දකින්නට තිබුනත් ඊට එහා දෙයක් දකින්නට ලැබුණේ නැහැ. ආරන්‍යයේ චෙත්‍යය එහෙම පිහිටා තියෙන්නේ කන්දේ ඉහලට වෙන්නට. ඒ දිහාට යන්නට පඩි ගණනාවක් නගින්නට ඕනා. එක සීරුවට උඩට තියෙන ගල් පඩි එක දිගට නැගීම අසීරු කාර්‍යයක්. ඒ උඩට නැග්ගහම ගිමන් නිවා ගන්නට පුළුවන්.  

                                          වනහාමිගේ ගල්ලෙන


                                          බෝධිනාගල






No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...