Monday, July 18, 2016

ඉදිකටුව

අදත් පෝය දවසක්. ජීවිතය ගෙවෙන බව තේරෙන එක මිම්මක් තමයි පෝය දවස්. පෝය දවසට විශේෂයෙන් සතියේ මැද දිනක තිබුණාම ජීවිතයේ එදිනෙදා ගාලගෝට්ටියෙන් මිදෙන්න පුළුවන් වෙනවා. එදාට අපේ පුංචි කාලේ මතකයන් එක්ක, ගමේ ජීවත්වූ සහ ජීවත්වන බොහෝ දෙනෙක්ට තේරෙන පරිදි අපි හිත ඇතුලෙන් ටිකක් හරි නිරාමිස පැත්තට යොමු වනවා. බහුතරය ගැන කල්පනා කොට අන්තයන් දෙකේ ඉන්න අය අමතක කළොත් එදාට නිවාඩුවක් දෙන එක වගේම සුරාසැල් වහලා තියෙන එකත් හොයි කියලා හිතන්න පුළුවන්. සිල් අරගෙන දවසම නිරාමිසව ගත නොකලත් යම් වේලාවක් හරි ජීවිතය ගැන නිවිහැනහිල්ලේ හිතන්න ඉඩක් ගන්න පුළුවන් නම් හොයි. අපි නිතරම අපේ රටට බැන බැන ඉන්නේ නැතුව මෙහි පවතින ඒ වගේ හො පැති ගැන හිතා බැලුවොත් හොයි.

ඊයේ රාගමට ගිහින් ආවා. රාගමට යනකන්ම වගේ කොළඹ තියෙන නාගරික තදබදයෙන් මිදෙන බිම් කඩක් හොයා ගන්න අමාරු තරමයි. ඒත් නගරයට ගියහම ඒක යම් කිසි අනන්‍යතාවයක් ඇති නගරයක් කියළා හිතෙනවා. ඒක පවතින්නේ නාගරික landscape එකේ ම නොවෙයි. මිනිසුන්ගේ හැසිරීමේ, ඔවුන්ගේ ඇුම් පැළුම් වල ආදිය සියල්ල ඇතුළුව. නගරයේ සේවාවන් ලබා ගන්න වට පිටේ තියෙන ගම් වලින් එන අය හන්දා තමයි මේ අනන්‍යතාවය බෙහෙවින් ඇති වන්නේ. ජැක්සන් ඇන්තනී නිතරම ලියන ඹහුගේ ගම වූ පොඩි වී කුඹුර වැනි ගම් වලට තමයි මේ නගරයෙන් සේවා සැලසෙන්නේ. ප්‍රධාන ක්‍රිස්තියානි පල්ලි කිහිපයක් තිබුණත් නගරය බැලුවහම එහෙම නැඹුරුවක් පෙනෙන්නේ නැහැ. මේ වගේ එක් එක් නගර වල පවතින අප්‍රමාන විවිධත්වයම තමයි අපේ අනන්‍යතාවය. 

එක් එක් නගරවලට ඒ වගේ අනන්‍යතාවයන් තියෙනවා. ඒක ඒ නගරයේ තියෙන අනන්‍යවූ ගොඩනැගිලි ආගමික ස්ථාන, වරායවල් ආදී මෙකී නොකී දේ වල් හන්දා පමණක් ඇති වන්නක් නොවෙයි. ඒක බොහොම සජීවි දෙයක්. මහනුවර ඒ වගේ අනන්‍ය වන්නේ දළදා මාලිගාව හන්දාම නොවෙයි. රත්නපුරය උදාහරණයක් හැටියට බදුල්ල වගේ නෙවෙයි. ගාල්ල මාතරින් සහ කළුතරින් වෙනස් වනවා. ටිකක් ළං වෙලා බැලුවොත් මේ අනන්‍යතාවය ඒ ඒ නගරයේ ආර්ථිකය හා බැී ඇති බව පේනවා. මහියංගනය එහෙම නැත්නම් හුන්නස්ගිරිය නැත්නම් බණ්ඩාරවෙල වගේ නගරත් මට මකත් වෙනවා වෙලාවක් තිබුණා නම් මේ නගර වලට ගිහින් මේ කෝණයෙන් ඒ ගැන සොයා බලන්න වටිනවා.

නැවත වරක් මේ ලියවිලි ගැන කියුවොත්, සමහර විට විනෝදාංශයක් කියන්නේ මේ වගේ එකක් වෙන්න ඇති. වැඩ කරළා තෙහෙට්ටුව නිවා ගන්න කරන දෙයක්. නැත්නම් අනික් වැඩයට යොමු වන්නට පෙර කරන අතර මැදි දෙයක්. ඒ දවස්වල රුස්යාවේ දී එක දේශනයක් නැත්නම් පාඩමක් ඉවර වුණාම කතිකාචාර්‍යතුමා කියන්නේ “රිබ්යාතා අද්දිහායිතියේ” කියළා ඒ කියන්නේ තරුණයිනි විවේක ගනිල්ලා කියන එක. එහෙම කියන්න පුළුවන් වෙන්නේ සහ විවේක ගන්න පුළුවන් වන්නේ වැඩ කරන වෙලාව තුල හරියට වැඩ කළොත් තමයි.

කලින් සටහනේ ලියූ චිත්‍රපටය තමයි игла




No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...