Wednesday, July 27, 2016

බ්ලොග් ලිවීමේ සහ අනෙකුත් රටා

බ්ලොග් ලියන එක ගැන අප ඇසුරේ ඉන්න සමහර අයගේ අදහස් හා මා හිතන හැටි මීට කලින් දවසක ලියුවා මතකයි. ඊයේ පෙරේදා කාගෙදෝ බ්ලොග් එකක් කියවන විට මා දැක්කා ඹ්ස්ට්‍රේලියාවේ සිංහල බ්ලොග්කරුවන් විශාල සංඛාවක් ඉන්න බව. ඒකට කාරනා කිහිපයක්ම හිතා ගන්නට පුළුවන් (ඒවා නිවැරදි නොවෙන්න පුළුවන්) අපේ කාලයේ අපි දන්න කියන අයගෙන් බොහෝ දෙනෙක් සංක්‍රමණය වුන රට ඹ්ස්ට්‍රේලියාවයි. ඒ අය එසේ සංක්‍රමණය වෙන්න බොහෝ කාරනා හේතු වෙන්න ඇතත් මේ කාරනා අතර යම් සමානකම් ඇති. උදාහරනයක් හැටියට කාලයකට ඉස්සර කැනඩාවට හෝ ඇමරිකාවට, එංගලන්තෙට ගිය කට්ටිය හෝ යුද්ධ කාලේ ඒ වගේ රටවල් වලට ගිය කට්ටිය වශයෙන් විවිධ කාණ්ඩ හදුනා ගන්න පුළුවන්. පිට ඉදන් (ඒ කියන්නේ රට ඇතුලේ ඉදන්) බැලුවහම අපට මේ වගේ සංක්‍රමණික රටාවල් හදුනාගන්නට පුළුවන්. ඒ ඒ කාණ්ඩ වල යම් කිසි ආවේනික සංස්කෘතියක් ඇති වන්නට හොදටම ඉඩ තියෙනවා. අනෙක් අතට අපේ රටේ ඉදන් ලියන බ්ලොග් කරුවන් සමහරකුත් සංක්‍රමනය වන්න තියෙන හැකියාවත් අපට අයින් කරන්න බෑ. මේ ටික ලියුවේ යමක යම් රටාවක් දැකීමට ඇති කැමැත්ත මත මිසක් වෙන අරමුනක් හිතේ තියාගෙන නොවෙයි. බ්ලොග් වල ලියැවෙන දේ වලින්ද මේ කරුනු සනාථ කරගන්න පුළුවන් වෙයි. (හැබැයි මා නිතිපතා බ්ලොග් කියවන හෝ follow කරන සහ  comment දමන කාණ්ඩයේ අයෙක් නොවන බව කියන්නේ මා විශ්වාස කරන දෙය වරදින්නට ඇති ඉඩකඩ පෙන්වා දෙන්න)

කොළඹ නගරයේ වාහන තදබදය නැති කරන්න හොදම පිළියම වන්නේ monorail system එකක් ද නැත්නම් LRT එකක් ද කියන එක පසුගිය දවස්වල තදින් විවාදයට ගැනුනා. ඊයේ  අපි සහභාගී වුනු Japan Policy Dialogue එකේදිත් මේ කාරනය මතුවුණා. මට තාමත් තේරෙන හැටියට අපි තාමත් ප්‍රශ්ණය හරිහැටි තේරුම් අරගෙන නැහැ.


සමහරු කියන හැටියට අපේ රටේ වාහන වැඩියි. දත්ත අනුව ගත්තහම අපේ ඒක පුද්ගල වශයෙන් වාහන එතරම් ඉහල මට්ටමක නැති බව පෙනුනත් ඒක රටේ ආදායම සහ ඒකරාශී වීම වගේ අනෙකුත් තත්තවයන් එක්කත් සංසන්දනය කරන්නට අවශ්‍යයි. අපේ රටේ බොහෝ දෙනෙක් වාහනයක් ගන්න පෙළඹෙන්නේ සමාජ තත්ත්වය ගැන හිතලා කියන එකයි සාමාන්‍ය පිළිගැනීම. ඒත් ලංකාවේ වාහනයක් ගැනීම ආයෝජනයක් වන බව ඊයේ පත්‍රයේ වූ ලිපියක කියවන්නට ලැබුනා. මෙහි ඇත්තක් ඇති බව පේනවා. වාහන ගෙන්වීම සීමා කිරීමට හෝ රජයේ ආදයම් ඉහල දමා ගැනීමට හෝ අධික වාහන බදු මේ තත්ත්වයට හේතුවක්. ඊට අනෙක් හේතුවක් වන උද්ධමනය නම් දැන් තරමකට පාලනය වී ඇතැයි කියන්න පුළුවන්. කෙසේ වෙතත් වාහනයක් ගැනීම ආයොජනයක් වන්නේ පාවිච්චි කර ටික කලකින් වැඩි මිලකට විකිණිය හැකි නිසා. දැනට වැඩියෙන් එන ඉන්දියන් වාහන සම්බන්ධයෙන් second hand market එක අඩු බවයි කියවෙන්නේ. එය නව ප්‍රවනතාවක්. කෙසේ වෙතත් වාහන වලට වුනත් අසාමාන්‍ය අධික බදු ගහන්නේ නැතුව හිටියොත් ක්ෂණිකව ඉල්ලුම ඉහල ගියත් කාලයක් යද්දි ඒක සමබර තත්ත්වයකට එයි කියලයි ලිපියේ සදහන් වුනේ. මේ වගේ අපි හදුනා නොගත්ත වැරදි මොඩල බොහොමයක් රටේ තියෙනවා. ඉදිරියට යෑමට ඒවා බාධාවක් වුනත් සමහරක් ඒවා කොච්චර මුල්බැසගෙනද කිව්වොත් ඒ පිලිබද විශ්ලේශණය කරන අය පවා බලන්නේ අර වැරදි රාමුව තුල සිට බවයි පෙනෙන්නේ. කොහොම වුනත් මේ වගේ දේවල් ගැන ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ කරන්න ඉව විතරක් මදි බව මා දන්නවා. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...