Friday, April 28, 2017

ආවර්ජනා

බන්ධුල නානායක්කාරවසම් නමැති  ප්‍රවීන ගේය පද රචකයා විසින් ලියපු ඹහුගේ සවයං චරිතාපදානයේ ළමා කාලය නිරූපනය කරන පළමු කොටස වන “එනු කොහි සිට” කියවූවා. එක හුස්මට කියළා ඉවර කරන්න පුළුවන් වගේම හදවතට කිට්ටු ලියවිල්ලක්. ඹහු කියා ඇති ආකාරයෙන්ම එය පාඨකයාගේ කතාවයි. දූ පුතුන් කිහිප දෙනෙක් ඉන්න ගෙදරක් අද බොහෝ ගෙවල්වල ඉන්නා එක් දරුවෙක් හො දෙදෙනෙක් ඉන්න ගෙවල්වලට සාපේක්ෂව කොයිතරම් live ද කියළා මේ පොත කියවන විට නැවත මතක් වෙනවා.

2013 දී මගේ නිම්වළලු එළි දක්වපු වෙලාවේ ඒ සහා කථිකයින් හොයා ගන්න මම සෑහෙන මහන්සි වූණා. එක්තරා මහාචාර්ය කෙනෙකුට ආරාධනා කළේ මගේ යාළුවකුගේ යෝජනාවක් මත. ඹහු එයට කැමති වුනේ නැහැ. තවත් කිහිප දෙනෙක් සළකා බැළුවත් ඒවා හරිගියේ නැහැ. එහෙම වෙලාවක අපේ ඥති සහෝදරයෙක් නානායක්කාරවසම් මහතාව හුන්වා දුන්නේ. එතුමා එය බාර ගත්තේ නොපැකිලව. ඹහු එදා සාරගර්භ කතාවක් කරමින් පොත ගැනත් සාධාරනව අදහස් ඉදිරිපත් කළා. එම පොතේ තිබූ මගේ චින්තන විප්ලවය නම්වූ නිසැදැස ගැන ඹහු කීවේ ‍අළුත් ගෙයක් හදලාත් පරණ ගෙදර නොකඩා එය පාවිච්චි කරන බොහෝ දෙනෙක් එම පළාතෙත් ඇති බවයි. චින්තන විප්ලවය කියා මා අදහස් කළේ භෞතිකවාදී න්‍යායන් කොයිතරම් උගෙන ගත්තත් සමහරවිට විඥානවාදයෙන් බැහැර වන්නට බැරි මනස ගැන බව මා කළිනුත් ලියා ඇති. මගේ නිසැදැස ඒක පිටතට පෙනෙන්න තරම් ශක්තිමත් නැතුව ඇති. එදා මා කළ කතාව ගැන බොහෝ දෙනෙක් නොසතුට ප්‍රකාශ කළ බව මතකයි. මගේ කතාවට එනවිට ඇත්ත වශයෙන්ම ( පළමු වතාවට නොවේ) මට ඒ අවස්ථාව ගැන විශාල කම්මැලිකමක් ඇති වෙලා. එයට හේතු දක්වන්නට අමාරුවුනත් මොකක්හරි කියළා ඒක ඉවරකරළා යන්න අවශයතාවයක් තමයි ඒ වගේ වෙලාවට ඇති වන්නේ.

එහෙත් අවුරුදු කිහිපයකට පස්සේ ඊයේ පෙරේදා දෙවන පොත එළි දක්වන විට මා එය ගැන සිතූහැටි වෙනස් බවයි මට කියන්න ඹ්නා වුණේ. පළමු වතාවේ එළි දැක්වීම සහා මා දිරිගැන්වූවේ මා හිත මිත්‍ර ආචාර්ය ටියුඩර් වීරසිංහ. මේ වතාවේ පන්සලේ හාමුදුරුවන් සහ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය. ඒත් මේ පාර කථිකයන් සොයා අප මහන්සි වුණේ නැහැ. කවුරුවත් ආවේ නැත්නම් අපි එකතු වුණු කට්ටිය හා හාමුදුරුවන් හා මම කතා කරන්න සූදානමින් සිටියේ. ඒ කියන්නේ ‍කතාව හරහා මතුවන ‍තේමාව ගැන. මා ආධුනික බවින් ඉවත්වී ප්‍රවීනයෙක් වුණා කියළා හැීමක් ඇතිවී එහෙම නොවෙයි. පොතක් පාඨකයින් අතරට පත්කිරීමේ තේරුම මොකක්ද කියා වැඩියෙන් තේරුණු හන්දා කියන්න පුළුවන්. කොහොම වුනත් අපිට ඉතාම හොද ආරාධිත දේශක දෙපොලක් ලැබුන හන්දා මගේ කතාව හකුලාගන්නට සිදු වුනේ වැඩියම රෑ බෝවූ හන්දා.


Wednesday, April 26, 2017

පොත් පත්

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන් දා සිට කෘතියේ බාල විය කතාව කියවීමෙන් ලත් ප්‍රබොධය හේතුවෙන් ගොඩගේ පොත් සාප්පුවට දින කිහිපයකට පෙර ගොඩ වැදුනු වෙලාවේ උපන් දා සිට සම්පූර්ණ පොත එනම් බාල විය - තරුණ විය - මැදි විය පොත මිලදී ගත්තෙමි. මේ පොත අපේ මහගෙදර තාත්තාගේ පොත් එකතුවෙහි තිබූ බව මගේ මතකයයි. ඒ කාලයේ එය සම්පූර්ණයෙන් හෝ කඩින් කඩ මේ පොත කියවූ බවත් මතක තිබේ. එහෙත් අනෙක් බොහෝ පොත් සේම මෙයත් සැමදා අළුතින් කියවිය හැකි පොතක් සේ පෙනේ.
කාල වකවානු වෙනස් වූවද ළමා ලෝකයේ හැීම් කෙතරම් සමානදැයි මේ පොත් කියවන විට සිතෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන් මෙය නම් කර ඇත්තේ ඒකරූපතාවය කියා. මා මීට පෙර කියූ චාල්ස් ඩාවින්ගේ මගේ මනස වැඩුණු සැටි පෙතේ කුඩා චාල්ස් බෝඩින් පාසලක නවත්වා උගෙන ගන්නා කාලයේ ගෙදර ගොස් ඒමට ඇති කැමැත්ත ගැන ලියා තිබේ. මාර්ටින් වික්‍රමසිංහයන් ගාල්ල බොනවිස්ටා පාසලේ උගෙන ගන්නා කාලයේ මාගාල්ලේ පිහිටි ආච්චිගේ ගෙදර සිට සෑම සිකුරාදාකම ඥාතියකුගේ අස්රියෙන් කොග්ගල පිහිටි මහ ගෙදරට පැමිණි බව ලියා තිබේ. දිනක් එම ඥාතියා නොපැමිණීම නිසා අුරු වැටී ඇතත් හැතැප්ම අටක මග ගෙවා කොග්ගලට පැමිණි බව ඹහු ලියා ඇත. ගෙදර සහ සහ ගැමි පරිසරය එතරම් ආදරයෙන් වැළ ගන්නා බව ඹහු කිහිප පොළකම ලියා ඇත. ටී.බී. ඉලංගරත්නයන්ගේ විලම්බීත නවකතාවේ තිලක ගෙදර ගෙනයාමට තාත්තා නෙපැමිණි දිනක ඹහු තනිවම ගෙදර එන්නේ ‍විද්‍යාලයටත් නොකියා. එය දැන ගන්නා පියා ඹහුට කිසිදු දඹුවමක් කොදෙන්නේ ඉන් ඹහු සති අන්තයේ දවස් දෙක ගෙදර ගත කරන සංතෝශය නැති කරදමන්නට අකමැත්තෙන්.

පොත් දෙකක් ඇත්තෙන්ම තුනක් ලියා පළ කළ පසු තවත් පොත් ලියන්නට අසාවක් ඇතිවේ. මා විසින් බාගෙට හෝ සම්පූර්ණයෙන් ලියා පළ නොකළ ලිපි ගණනාවකි. බොහෝ ලිපි fine tune කර පත්‍රයකට හෝ සරාවකට යැවිය හැකිය. එහෙත් ඒ සහා නිදහස් කාලයක් අවශ්‍යවේ. පොත් වශයෙන් ගත හොත් බොහෝ කලකට පෙර ලියූ එහෙත් ප්‍රකාශනයට පත් නොකළ ළමා කතා කිහිපයක් ඇත. ඒවායේ අත්පිටපත් විනාශවෙමින් පවතී. යොවුන් සම්මාන වලින් දෙවන ස්ථානය දිනූ ළමා කතාවේ අත්පිටපතක් හෝ මා ල නැත්තේ එය තරුණසේවා සභාවට බාර දුන් බැවිනි. එය ඹවුන් පළ කළාදැයි දන්නේ නැත. ඒ කාලයේ photocopy යන්ත්‍ර නොතාබුණු හන්දා එහි පිටපතක් තබා ගැනීමට නොහැකි විණි. විශ්ව විද්‍යාලයේ උගෙන ගත් කාලයේ Gerald Darrel සත්ව චරියාවන් ගැන ලියැවුණු පොත් සියල්ලම පාහේ මිලදී ගෙන කියවූ බව මතකයි. ඒ හරහා සහ Zoo in my Backyard යන නම සහිත පොත කියවීමෙන් ලද ප්‍රබෝධය මත රක්ෂාවක් නැතිව ගමේ සිටි ටික කාලය තුළ ඒ අවට පරිසරය හා කළින් ඇසූ පිරූ දේ අලලා කුඩා ස්වභාව විද්‍යාත්මක පොතක් ලියූ බව මතකයි. එහි අත්පිටපත මෑතදී මට නැවත හමුවුනා. තාත්තාගේ පැරණි පුවත්පත් ලිපි එකතු කොට ඒවා ටයිප් කොට පොතක් ලෙස සකසා ඇතත් එයද නිම කරන්නනට තවමත් බැරිව තිබේ. 

Saturday, April 15, 2017

පරිනාම

අළුත් අවුරුද්ද හන්දා නිවාඩු හතරක් එක දිගට ලැබුණා. බොහෝ දෙනෙක් මෙයට තවත් දවස් දෙකක් එකතු කරගෙන දවස් නමයක නිවාඩුවක් ගත කරමින් ඉන්නවා. ඒ දීර්ඝ නිවාඩුවත් ගත කරන විවිධ ක්‍රම බොහෝ දෙනෙක් සොයා ගෙන තියෙනවා. නිවාඩු දින කිහිපයක අලස සුවය ව‍ගේම ටිකක් හෝ වැදගත් දේ වල නියැලෙන්න පුළුවන් වුණා. පරිවර්තනයක් වුණු චාල්ස් ඩාවින් විසින් ඔහුගේ දරු මුණුපුරන්ගේ දැනගැනීම සදහා ලියුවාය කියන මගේ මනස වැඩුණු හැටි සහ Muslims in Kalutara District කියන පොත් දෙක කියවා ඉවර කරන්න හැකිවුණා. උචිතොන්නතිය එහෙම නැත්නම් වඩාත් ශක්තිවන්තයා හො වඩාත් බුද්ධිමතා නොව අළුත් පරිසර තත්ත්ව වලට හැඩ ගැසීමට හැකි වන්නා ජය ගන්නා බව කියන වාදයට ඒම සදහා ඔහුගේ මනස විකාශය වූ හැටි එහි හරි අපූරුවට විස්තර කෙරෙනවා. ඒ පොත කියවන විට අපට පෙනෙන දෙයක් තමයි කාර්මික විප්ලවය හා ඊට පසුබිම සැකසූ කාලවකවානුව තුල එංගලන්තයේ කොයි තරම් බුද්ධිමය කතිතාවතක් ගොඩ නැගී තිබුණාද යන්න. ස්වභාවික විද්‍යාවන් ගැන , කලාව ආගමළ දර්ශනය ආදී නොයෙකුත් ක්ෂේත්‍ර කෙරෙහි මෙම කතිකාව එල්ලවී තිබූ බව පේනවා. පල්ලිය හරහා එන රදල වැඩවසම් ප්‍රතිවිරෝධතාවය ද මැද්දේ මේ ගමන තාර්කික සබුද්ධික මාවතකට එළඹුණු හැටි අදහන්න වටිනවා.
බීගල්  නෞකාවේ සේවය සදහා ස්වේච්ඡා පදනම යටතේ ආධුනික ස්වභාව විද්‍යාඥයකුගේ සේවය ලබා ගැනීමට අයදුම්පත් කැදවා තිබීමම ඒ කාලයේ හැටියට පුදුම සහගතයි. ලෝකයේ බොහෝ දේ ගැන අදුරේ අතපත ගාන මට්ටමක තිබුණු තාලයක ඒ සදහා විද්‍යාත්මක ප්‍රවේශයක් ගත්තු එකෙන්ම අපට පේනවා එම සමාජයේ මට්ටම.

දෙවන පොත මගින් මුස්ලිම් වරුන් ලංකාවට පැමිණීමේ සිට ඔවුන්ගේ වෙළද කටයුතු හා මැණික් ගල් ඔප දැමීමේ කර්මාන්තය, යටත්විජිත යටතේ තේ රබර් පොල් කර්මාන්තය ආශ්‍රිත වෙළද කටයුතු, දෙවන පෝක යුද්ධය හරහා හමුදාවට අදාල සේවා සැපයීම තුලින් වැද්දුම් කරුවන් ආදී ජීවනෝපාය හරහා hardware තොග වෙළදාම කරා මෙන්ම oilman සාප්පු වල shopkeeper වගේ රුකියාවල ඉහල සමත්කම් පෙන්වා ස්ථාලිත වුණු හැටි පැහැදිලි කරනවා. ඒකත් පරිසරයට වඩාත් සුදුසු විදිහට හැඩගැසීමත් තමා.  

Monday, April 10, 2017

එළි දැක්වීම

කලින් සැලසුම් කර ගත් විදියට අළුත් පාර පොත එළිදැක්වීම ගමේ පන්සලේදී පැවැත්වූවා. ප්‍රධාන කතිකයින් හැටියට මහාචාර්ය රොහාන් සමරජීවත් මගේ හිතමිත්‍ර ආචාරය ටියුඩර් වීරසිංහත් පැමිණියා. රාජකාරි වැඩ මැද්දේ මෙය සංවිධානය කර ගැනීම අභියොගයක් වුණා. එයට වැඩි වශයෙන්ම උර දුන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්. ශාලාව සැකසීම, පුටු 100 ක් සපයා ගැනීම, ශබ්ද විකාශණ පද්ධතිය, වේදිකාව, සිසිල් බීම සහ තේ වතුර සහ මෙකී නොකී දහසක් දේ උන්වහන්සේ දායක සභාවත් එක්ක එකතු වෙලා කරලා තිබුණා. මට තිබුනේ ආරධනා පත්‍ර සකස් කරන්න. ඒවා බෙදන්න. සමරුඵලක දෙකක් දේශකයින් ට පිරිනැමීමට සකස් කරන්න. රූපවාහිනයෙන් සහ පත්තරෙන් ප්‍රචාරයක් ලබා දෙන්න වගේ දේවල්.

ගමේදී මේ වගේ දෙයක් පැවැත්වීම අභියෝගයක්. ගමේ කිහිප දෙනෙකුටත් මම ආරාධනා කළා. මෙය මොන වගේ හැඩයක් ගනීද කියලා මට හිතාගන්න බැරිවුණා. රුසියන් සහෝදරයින් (අප සමග රුසියාවේ ඉගෙන ගත්) සෑහෙන දෙනෙක් ආපු එක මට ලොකු හයියක් වුණා. ‍අමාත්‍යාංශයේ සහ ආයෝජන මණ්ඩලයේ ආරාධනා කරන්න හැකි වුණ සහෝදර නිලධාරින් බොහෝ දෙනෙක් ඇවිල්ලා හිටියා. බණ මඩුවක් හන්දා පිරිස ඉන්දවීමම ප්‍රශ්ණයක්. පිටි පස්සෙන් වාඩි වෙන්න තමයි හැමෝම බලන්නේ. කොයි තරම් කිව්වත් ඉස්සරම පේලිය පුරව ගන්න බැරිවුණා.

මේක අභියෝගයක් කිව්වේ කාරණා ගණනාවක් නිසා. මම අම්මාත් සමග මේවා ගැන කතා කළා. මේ උත්සවයට හෝ අපේ ‍මහ ගෙදරට මගේ බිරිද එන්නේ නැත්තේ ඇයි කියන එක බොහෝ දෙනෙකුට කුහුල දනවනවා ඇති. ඒත් කවුරුවත් කෙළින්ම අහන්න මැලි වනවා. මේ එළිදැක්වීම සම්බන්ධයෙන් සමහරු දක්වපු ආකල්පය පුදුම සහගතයි. ඔවුන් සියළු දෙනා අන්තිම මොහොතේ පැමිණ ඉතා ඈතින් වාඩි වෙලා මේ දිහා බලාගෙන හිටියා. ඔවුන්ගේ මුහුණු වල තිබුනේ මේ පිස්සා මොකක්ද මේ නටන නාඩගම වගේ ස්වරුපයක්. එක එක් කෙනාට ඒ සදහා විවිධ හේතු ඇති. සමහරු මාත් සමග අමනාපද කියලා දෙදෙනෙක්ම මගෙන් අහන තරමට ඒක පෙනුණා. අම්මා නම් හැමදාම වගේ මෙය ඉතා හොදින් කෙරුනු බව මට කිව්වා.

මම හාමුදුරුවන් සමග බොහෝ කලකට පෙර කිව්වා මගේ ඊළග පොත එළිදක්වන්නේ රයිගම ජන උරුම කේන්ද්‍රය නම් වූ අපේ සිහින මන්දිරයේ කියලා. යම් යම් හේතු මත අපට තවමත් එය කර ගන්න බැරි වුණා. කෙසේ වෙතත් අපට ඕනා වුනේ මේ පන්සල් බිම දැනුමේ කතිකාවේ කේන්ද්‍රයක් බවට පත් කරන්න. කෙසේ වෙතත් අළුත් පාර මුද්‍රණය වුණු වෙලාවේ එළි දැක්වීම ගැන මම දෙපාරක් හිතුවා. කොහොම වුනත් අපේ අමාත්‍යාංශයේ ලේකම් තුමිය මේ සදහා දිරිගන්වපු හන්දා මට මෙය කරන්න සිදු වුණා කිව්වොත් නිවැරදියි.

අරාධනා කරපු සමහර දෙනෙක් නොපැමිණියත් නොහිතපු කට්ටියත් පැමිණ සිටියා. සිරිසුමන ගොඩගේ මැතිතුමා සහ මැතිණිය, කස්ටම් එකේ ආචාර්ය කුමානායක වගේ කිහිප පොලක් ඒ අතර වුණා. ඒ කට්ටිය එක්ක හරියට කතා කරන්නවත් මට බැරිවුනේ වැඩවලට හිර වෙලා හිටිය හන්දා. එච්චර දුරක් ගෙවා ගෙන තනිව පැමණි අය ගැන නොතකා සිටීම වැරදියි. ඒත් මේවාට මට උදව් කරන්න ඉන්නේ කවුරුද? දේශණ දෙක සහ සාකච්ඡාව හොදින් කෙරුණා. සාකච්චාවට වෙලා මදි වනු එක වෙනම දෙයක්. කායික මහන්සියටත් වඩා මානසික මහන්සිය හන්දා පසුවදා මට උණ ගැනුනා. පත්පාඩගම් වලින් දැන් තරමක් සමනය වෙලා. අන්තිමේදී මට සතුටක් හෝ දුකක් දැනුනේ නැහැ. Just another day…..  

Saturday, April 1, 2017

අළුත් පාර


පසුගිය සති කිහිපයම ඉතා කාර්ය බහුල වුණා. කාර්යාලයේ වැඩ අධික වීම එක් හේතුවක්. අවුරුද්දත් කිට්ටු වෙනවා. අළුත් පොත එනම් අළුත් පාර එළි දක්වන්නට පොඩි event එකක් සංවිධානය කළා. පතහවත්ත පංසලේ ලොකු හාමුදුරුවන් තමයි විශේෂයෙන් මෙයට මුල් වෙලා කටයුතු කරන්නේ. ලබන ඉරිදා 9 වනදා රයිගම කොතලාවල පතහවත්ත පංසලේ දීයි මෙය සැලසුම් කොට ඇත්තේ. මහාචාර්ය රොහාන් සමරජීව සහ ආචාර්ය ටියුඩර් වීරසිංහ මේ අවස්ථාවෙදී දෙසුම් දෙකක් කරන්න බාරගත්තා. රසික රසිකාවියන්ට ආරාධනා කරන්න, පංසලේ බණ මඩුව සූදානම් කරගන්න වගේ බොහෝ වැඩ තියෙනවා. ලබන සතියේ වරුවක නිවාඩුවක් හෝ අරගෙන යන්න වෙයි වගේ. මේවා හැමදේම කල්පනා කරන්න ගියාම හිතට කරදරයි. ඒ හන්දා වැඩිය හිතන්නේ නැතුව ඉන්නේ. දැන් බැද ගත්ත බෙරේ කොහොමත් ගහන්න වෙනවානේ. අභියෝග ගණනාවක්ම තියෙනවා. ගමේ පවත්වන හන්දා කට්ටිය ගෙන්නා ගැනීම. අනෙකුත් පහසුකම් සලසා ගැනීම වගේ.



අවුරුද්ද අත ලගටම ආවත් ඒ ගැන හාන්කවිසියක වත් හැගීමක් දැනෙන්නේ නැහැ. කොහාගේ සද්දයවත් ඇහෙන්නට නැහැ. කාර්යාලයේ කාන්තා පක්ෂය නම් දැනටම ඇදුම් කැඩුම් තෑගි බෝග ගන්නවා පෙනෙනවා. ගම් පලාත් වන්නට තත්ත්වය වෙනස් ඇති. 





ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...