සති අන්තය කාර්‍ය බහුල වුණා. සාමාන්‍යෙයන් කරණ දේ
වලට වඩා එක වැඩක් හරි එකතු වුනහම
ඉස්පාසුවක් නැතිවනවා. සිකුරාදා රාජකාරි වලින් පස්සේ ගමේ ගිහින් එන්න වුණා.
සෙනසුරාදා හවස් වරුව පාසලේ ගතකළේ අමරසිරි පීරිස් ශූරීන් ගේ හන්තානට පායන හඳ බලන්න ගිය හන්දා. හරිම සුන්දර හැන්දෑවක්. පරන
පුරුදු පාසලේ පැය කිහිපයක් ගත කරන්න ලැබීමත් හොඳයි. මම කුලරත්න ශාලාවෙන් එළියට ඇවිත්
නේවාසිකාගාරය දිහා බැලුවා. රෑ බෝවී තිබුණු හන්දා නේවාසිකාගාරය අඳුරේ ගිලිලා. අපේ කාලේ නම් නේවාසිකාගාරය රෑටත් එලිය
වෙලා තිබුණා වගෙයි මතක. හන්තානට පායන හඳ සහ අමරසිරි ශූරින්ගේ ජනප්‍රිය සින්දු කිහිපයක්
ලියා ඇත්තෙ ධම්මික බණ්ඩාර ගේය පද රචකයා විසින්. ඇත්තටම ඔහු පුංචි කාලේ අපිත් එක්ක
නේවාසිකාගාරේ හිටපු සම වයසේ සගයෙක්.
සිකුරාදා මහ ගෙදර ගිය වෙලාවේ ගෙදර තිබුණු අළුත්
පොතක් අරන් ආවා. සති අන්තය ඉවර වෙන්න ඉස්සර වෙලා පොත කියවලා ඉවර කළා. පොතේ නම
“වොල්ටර් සර්“ ඒ කියන්නේ ඒ දවස්වල හොරණ තක්ෂිලවේ හිටපු විදුහල්පතිතුමා ගැන ලියවුණු
පොතක්. පොත බොහොම රසවත් වගේම ඒ වගේ දෙයක් මගින් ගුරුවරයෙකුට ගුරු ගෞරවය පුද කිරීම
අගය කරන්න ඕනා. ඒ වගේම ඔහු වෙනස් තාලේ සහ රැඩිකල් අදහස් දරපු එහෙත් ශීෂ්‍ය හිතකාමී
ගුරුවරයෙක් බව පේනවා. ඔහුගේ සංක්ෂිප්ත ජීවිත කතාව වගේම සිසුන් ගුරුවරුන් ඇතුලු
බොහෝ අය ඔහු ගැන කියූ කියුම් එහි ඇතුලත්.
ඉරිදා ගත්තා තව පොතක්. “දුවකගේ කඳුළු“ පොත ලියලා තියෙන්නේ සුරංගී ද අල්විස්. ඒ
කියන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන්ගේ ගේ දියණිය. දෙමව්පියන් නීතියෙන් වෙන්වුනු
විට සංවේදී කුඩා දරුවෙකුගේ ඇතුලාන්තය කියන පොතක් ඒක. වෙන් වුනු අයත්, වෙන් වෙන්න
ඉන්න අයත් සහ අමාරුවෙන් එකට ඉන්න අයත් ඒ පොත කියවන එක වටිනවා.
No comments:
Post a Comment