Wednesday, June 29, 2016

සෙල්ලිපි

ඉදලා හිටලා facebook  ගිහින් ‍photo කිහිපයක් දැම්මහම ඒවට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා. බණ්ඩාරගම රඹුක්කන රජමහා විහාරයේ ඇති සෙල්ලිපියේ photo එකට මුලින්ම ප්‍රතිචාර දක්වා තිබුණේ අපේ මිත්‍ර බ්‍රසීලයේ ඹලිවේරා. ඔහු නිතරම facebook එකේ ඉන්න අයෙක්. ඔහු අසා තිබුණේ මේ සෙල්ලිපිය කොයි තරම් පැරනිද කියා. ඇත්තටම එය ක්‍රිස්තු පූර්ව පලමුවන සියවස හෝ ක්‍රිස්තු වර්ෂ පලමුවන සියවසට අයත් වන බවයි හදුනාගෙන තිබෙන්නේ. මෙම පින්තූරය වැඩියම දැම්මේ එය ප්‍රදර්ශනය කර ඇති ආකාරය සහ ඒ අවට පවත්වාගෙන යන හැටි අසතුටුදායක බව පෙන්වන්න. මේ විපරම් හේතුවෙන් සෙල්ලිපියේ වඩා සමීපරූප සහිත ඡායාරූප වලින් කිහිපයක්ද පලකළා.


මම හිතන්නේ එය කලුතර දිස්ත්‍රික්කයේ පැරනිම සෙල්ලිපිය වන්න ඹ්නා. පොකුණුවිට සෙල්ලිපිය අටවන සියවසේ වගෙයි මතක. ඒවගේම වැලිමිල්ල සෙල්ලිපියේ කාලය අමතකයි. මේ කරුණු වැදගත් වන්නේ මේ කාලයේ තෙත් කලාපයේ ශිෂ්ඨාචාරය ගැන අපි එතරම් තොරතුරු දන්නේ නැති එහෙම නැත්නම් අප්‍රකට හන්දා. රයිගම ගැන කෙරෙන හැදෑරීමේදි පෙනී ගිය පරිදි අපි හිතුවාට වඩා වැඩි වැව් ගණනක් මේ ප්‍රදේශයේ තියනවා. කළින් හිතා හිටියේ රයිගම් බණ්ඩාර රජුන් කළැයි සැලකෙන උයන්වත්ත, වෑවිට, වල්ගම හා ගම්මන්පිල වැව් පමණක් මෙහි ඇත්තේ කියා. සුදේවි කියපු විදිහට අවට වැව් දහසයක් අදුරාගෙන තියෙනවා. ඒවා බොහොමයක් කුඩා වැව්. ඒ අනුව යම් ආකාරයක වාරි පද්ධතියක ලකුණු හදුනාගන්න පුළුවන්. ඒවා අතරින් වැලිකල වැව, ඹලබොඩුව වැව යනාදී බොහොමයක් වැව් ගොඩ වෙලා හෝ ගොඩ කරලා.


පුරාවිද්‍යාත්මක වැදගත්කමනක් ඇති කලුතර දිස්ත්‍රික්කයේ ඇති තවත් පන්සලක් වන වරකාගොඩ පන්සලට යන්න හාමුදුරුවන් සමග කතා කර ගත්තා. හාමුදුරුවන් කීවේ මෑත ඉතිහාසයේ බොහෝ කාරනා දැනගන්නට පුළුවන් තවත් මූලාශයක් ගැන. ඒ තමයි පාසල් වල ලොග් සටහන් පොත්. ඒ ගමන සතියේ දවසක දහවල් එකහමාරට කළින් යොදා ගත්තොත් අපිට පාසල් දෙක තුනකට යන්න පුළුවන් වෙයි. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...