Sunday, June 12, 2016

Kde domov můj (කොහෙද ගෙදර මගෙ)

Where is my home, where is my home?
Streams are rushing through the meadows,
Midst the rocks sigh fragrant pine groves,
Orchards decked in spring's array,
Scenes of Paradise portray.
And this land of wondrous beauty,
ඉහතින් ඇත්තෙ කවියක කොටසක් නෙමෙයි. මෙම කොටස මම උපුටා ගත්තෙ චෙක් ජනරජයේ ජාතික ගීයේ ඉංග්‍රීසි පරිවර්තනයෙන්. ඒක හරියට කවියක් වගේ තමා මට පේන්නෙ. මට මතකයි කාලෙකට ඉස්සර මගේ ආයතන ප්‍රධානියා චෙක් ජනරජයේ සංචාරයක් ගොස් පෙරළා ආ විට දැක්වූ ප්‍රතිචාරය. නැගෙනහිර යුරෝපය ගැන මා දැක්වූ සමහර අදහස් ඔහුට තේරුණේ එම සංචාරයෙන් පසුව බවයි ඔහු කීවේ. අවන්හල් ඉදිරියේ ඇති වේවැල් හෝ සැහැල්ලු පුටු වල හිඳගෙන බීර පානය කරන මිනිසුන් හට අහන්න ලැබෙන්නෙ චයිකොව්ස්කිගේ හරි මොසාට් ගේ හරි සජීව වාදනයක් බවයි ඔහු කිව්වේ. අපේ රටට වඩා භූමි ප්‍රමාණයෙන් ටිකක් වැඩි චෙක් ජනරජයේ ජනගහනය අපෙන් බාගයයි. දල ජාතික නිෂ්පාදනය අපි වගේ තුන්ගුණයක් විතර. බැර කර්මාන්ත ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගන්නවා. ඉස්සර සෝවියට් සංගමය තිබුණු කාලේ සියලුම සමාජවාදී රටවල් වලට පාහේ ට්‍රෑම් රථ හැදුවේ චෙකොස්ලෝවැකියාවයි. ලංකාව චෙක් ජනරජයත් එක්ක අලුත් වෙළ සහ කර්මාන්ත සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරනවා.

අපේ තාත්තා කාලෙකට ඉස්සර පොතක් ලියුවා. ඒකේ නම “කුමාර සාහිත්‍යය” කුමාරතුංග මුණිදාස වියතානන්ගේ ළමා සාහිත්‍ය භාවිතාව ගැන ලියවුණු පොතක් ඒක. මෑත කාලෙදි ඒකේ නව මුද්‍රණයක් කරන්න අපට හැකිවුණේ තාත්තගේම යහළුවකු හරහා. පතහවත්ත පංසලේ ලොකු හාමුදුරුවන් කියන හැටියට අපේ තාත්තා කුමාරතුංග මහතා ගැන දැරූ අදහස් ඉන් ඔබ්බට ගියා. දාර්ශනිකයෙක් හැටියට ඔහු (කුමාරතුංග සූරීන්) සිටියේ ඉතා ඉහලින් බවයි අපේ හාමුදුරුවන් මට කීවේ. “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ළොව නොනගී” යන්න එතුමාගේ තේමා පාඨය වුණේ ඇයිදැයි අපට තේරුම් ගන්න පුලුවන්. අපේ හාමුදුරුවන්ට කතා කළේ මගේ පොතට හැින්වීමක් ලියන්නට ආරාධනා කරන්නයි.


අපේ කාර්යාලයේ වැඩ කරන හිතවතෙකුගේ ගෙදර තියෙන්නේ කොස්ගම. ඉතින් පසුගිය ටිකේ එයාට කරදර. එක දවසක් වැඩට ආවේ නැහැ. හො වෙලාවට එයාගේ ගෙදර හොරු කඩලා තිබුණේ නැහැ. දවස් දෙකක් පමණ ඒ ගොල්ල ගෙදර යිටියේ නැහැ. ගංවතුරට සියලු දෙනා එකතු වෙළා ආධාර කළා වගේම මේ වගේ අමාරුවේ වැටිච්ච අයට ආධාර කරන්නේ කොයි වෙලාවේ ද කියළා බලා ඉන්න කට්ටියක් ඉන්නවා. මේ විදිහට දෙආකාරෙන්ම උදවු කරන අය ඉන්නේ අපේ රටේ විතරද මන්දා? 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...