Saturday, June 25, 2016

සෞම්යා මිනිසුනේ

හැම සති අන්තයකම පාහේ කොළඹ නාට්‍යක්, සංගීත වැඩසටහනක් ආදී කලා කටයුතු කෙරෙනවා. බොහෝවිට ඒවා පැවැත්වෙන්නේ හවස් යාමයේ. ඉවර වෙද්දි රාත්‍රී දහය විතර වෙනවා. මේවට එන සෙනග එක පන්තියකට සීමා වෙන්න ඉඩ තියෙන්නේ අර සීමාවල් හන්දා. බොහෝවිට මෙවා බලන්න එන්නේ සුඛෝපබෝගී මෝටෝරථ වලින්. අනෙක් පැත්තෙන් ප්‍රවේශ පත්‍රයක මිලත් මෙතනදී සීමාකාරී සාධකයක් වන්න ඇති. අඩුම ටිකට්ටුවක මිල සාමාන්‍යයෙන් රුපියල් දාහක් වෙනවා. ඊට අමතරව දෙදාහ තුන්දාහ සහ පන්දාහ ආදී වශයෙන් ටිකට්පත් මිල කර තියෙනවා දකින්නට පුළුවන්. ත්‍රීවිලර් වලින් ඇවිත් බැහැලා යන අය කිහිප දෙනෙක් දකින්නට පුළුවන් වුනත් ත්‍රීවිලරයෙන් ඇවිත් එය නවත්වලා බලන අය දකින්නට නැහැ.
එතකොට අනෙක් අනෙක් අයගේ විනෝදාංශ හැටියට ඇත්තේ මොනවාද? විශේෂයෙන් කොළඹ ගත්තහම. ජාත්‍යන්තර ක්‍රිකට් තරග නරඹන්න නම් සමාජයේ විශාල පරාසයකට අයිති අය එන බව පේනවා. ඊට අමතරව ගෝල් පේස් එකට යන එකත් ජනප්‍රිය විනොදාංශයක් එතන නොයෙකුත් ක්‍රියාකාරකම් තියෙනවා සරුංගල් යැවීම ඇතුළුව. මේවාට අමතරව ඇත්තේ ගෘහස්ථ විනොදංශ බවයි පෙනෙන්නේ.

පසුගිය ආංඩුවෙන් ඇතිකරපු මංතීරු සහ උද්‍යාන ආශ්‍රිතව සති අන්තයෙ බෑන්ඩ් එකක් ගහනවා දකින්නට තිබුණා. සමහරවිට තාමත් ඇති. කොහොම වුනත් සාමාන්‍ය ජනතාවට ඇති විනොදාංශ මොනවාද යන්න ගැන කවුරුවත් අවධානය යොමුකරන බවක් පේන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තුළ ජනතාවගේ රසාස්වාදය ගැන (විශේෂයෙන් පත්තර වල) නොයෙකුත් මත පළ කිරීමෙන් කාටවත් වැඩක් වෙන්නනේ නැහැ.


ඊයේ හවස බිෂොප් විද්‍යාලීය ශාලාවේ තිබුණු ත්‍රිමාණ බලන්න ගියා. අද්විතීය ගායක වික්ටර් රත්නායකගේ “ස” දැන් පැවැත්වෙන්නේ නැහැ. එතුමාගේ පුතුන් දෙදෙනාත් සමග ඉදිරිපත් කරන ප්‍රසංගය තමයි ත්‍රිමාණ. හැබැයි හු දෙනෙක් තාමත් එන්නේ “ස” විින්න බව ඇහුන කතා වලින් තේරෙනවා. විශේෂයෙන් වික්ටර් රත්නායකයන්ගේ බාල පුතා ලෙලුම් රත්නායක වෙනස්ම මානයක යන්නෙක්. ඒ වගේම පියාගේ ගීත නැවත කියනවා නම් ඔහුට ඒ සහා හො හැකියාවක් ඇති බව පෙනෙනවා. එහෙත් ඔහු යන්නේ වෙනස් පාරක. ඔහුගේ ඇල්කොහොල් වැස්සේ කියන සිංදුව මගේ හිතට ඇල්ලුවා.   

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...