පසුගිය සෙනසුරාදා පන්සල් කිහිපයකට
ගියේ වාර්තාවක් සඳහා පින්තූර කිහිපයක්
ගන්න. ඒ අපේ ගම් පළාතේ. එහෙම ගියාම තමා තේරෙන්නේ සංචාරයක යෙදෙන කෙනෙකුට බලන්න
කොපමණ දේ අවට තියෙනවාද කියළා. මුලින්ම ගියේ වීදියගොඩ පන්සලට. එහි නාථ දේවාලය හා
පත්තිනි දේවාලය ආශ්‍රිතව ගලින් කළ පැරණි කැටයම් කිහිපයක් දකින්නට පුළුවන්. ඊළඟට වීදාගම පන්සලටත්,
පතහවත්ත පන්සලටත් රමුක්කන පන්සලටත් අපි ගියා. ඒවායේ තිබුණු පුරාවිද්‍යා
වැදගත්තමක් ඇති දේ පොටෝ ගහලා වෙන වෙනම බැලුවහම මට හිතුණේ කළින් සැළැස්මක් ඇතුව
පින්තූර ගත්තා නම් මේ සම්බන්ධ ලිපියක් ලියන්න (පුරාවිද්‍යාත්මක නොවන) තිබුණා නේද
කියලා. කොහොම වුනත් මේ අඩවියේ තිබුණ සඳකඩපහන් සියල්ලම වාගේ මගේ
කැමරාවේ සටහන් වෙලා තිබුණා. ඒ ටික වුනත් ඇති යමක් ලියන්න. ඒකට තරමක් වෙලා යන්නේ
පින්තූර සකස් කරන්නට අවශ්‍ය නිසා. අදට අහඹු ලෙස තෝරා ගත් පින්තූර තමයි එකතු කරන්න
වෙන්නේ.
වීදාගම පන්සලේ පිටුපස ගල්කණු, කැසිකිලි ගල්, බාල්ක කොටස්, ආසනඝර කොටස් ආදී
හඳුනා ගත හැකි නොහැකි කොටස් බොහොමයක් ගොඩ ගසා තියෙනවා. පැරනි
පිරිවෙන විදේශ ආක්‍රමණ මගින් විනාශ කළ පසු ඉතුරුවූ සුන්බුන් තමයි ඒ. සමහර කොටස්
කොළඹ යම් යම් ගොඩනැගිලි හදන්න එදා අරන් ගිය බවයි පිළිගැනීම. මම හිතුවේ ඒවා පුළුවන්
තරම් එකලස් කරළා පිළිවෙලකට තැබීම මගින් නරඹන්නන් හට අදහසක් ගන්න පහසුව ඇති කරන්න
ඹ්නා කියළා. එහි සටහනක් තබන්නට පුළුවන් එතන පෙන්වා ඇත්තේ මොනවාද කියා. ඒත්
පුරාවිද්‍යා මූලධර්ම වලට ඒක එකඟ නැතිලු? ඒ හන්දා හුඟක් පුරාවිද්‍යා ස්ථාන වල
පුරාවස්තු කොටස් අපිලිවෙලට ගොඩ ගසා තියෙනවා දකින්නට පුලුවන්.
බණ්ඩාරගම රමුක්කන පන්සලේ අවුරුදු 2000ක් පැරණි සෙල්ලිපියක් තිබෙනවා. මම
හිතන්නේ ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩි දෙනෙක් එය දන්නේ නැහැ. අනෙක් එය ප්‍රදර්ශනය කරන
ආකාරය දුර්වලයි. මේ වගේම බොහෝ පුරාවස්තු වරකාගොඩ පන්සලේ ඇති බව අපට කීවේ පතහවත්ත
පන්සලේ ලොකුහාමුදුරුවන්.
No comments:
Post a Comment